
කට පරෙස්සම්කර ගත නොහැකි පුද්ගලයෝ එලොව ද මෙලොව ද දැවෙති.කුසල් අකුසල් ගැන විශ්වාසයක් නැති වුවත් පරලොවක් ගැන විශ්වාසයක් නැති වුවත් කෙනෙකුට කට නිසා විපතට පත්වන බව මේ ජීවිතයේදීම වටහා ගත හැකි ය.කෝපයෙන් වියරු වැටී සිටින මැරයෙකු අභිමුවට ගොස් ඔහු කුපිත කරවන වචන කීවොත් ඇඟපත රිදෙන්නටම කට පරිස්සම්කර නොගැනීමේ වරද තේරුම් ගත හැකි වනු ඇත.
බොරුව, කේළම, පරුෂ වචනය, නින්දා සහගත වචනය, හිස් වචනය, වගාඩම්බර වචනය ආදී වශයෙන් ප්‍රභේද වලට ගත හොත් එහි නිමක් නැත.තමන් හරියටම නො දන්නා දේ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්නට යාම අර සියල්ලටම වඩා බිහිසුණු ය. වෛද්‍ය ප්‍රතිරූපකයෙකු රූපවාහිනියට කැඳවා ඔහුගෙන් ශල්‍යකර්මයක් කරන ආකාරය ගැන විමසා සිටියොත් අර බොරු වෙදා පවසනු ඇත්තේ ම ලෝකය හිනස්සන කතා ය. ඒ අනුව වෙදකම සහ ශල්‍යකර්ම වනාහී ලෝක බොරුවක් යැයි කෙනෙකු තීන්දු කරන්නේ නම් ඒ සමාන වන්නේ ඉබ්බන් ගෙන් පිහාටු ඉල්ලා එය නො ලැබුණු තැන පිහාටු කියා දෙයක් ලොව නොපවතී යැයි තීන්දු කිරීමකට ය. එසේම ජ්‍යොතිෂය නො දන්නා එහෙත් විශේෂඥයෙකු ලෙස පෙනී සිටින ප්‍රතිරූපකයකු සමඟ ජ්‍යොතිෂය පිළිබඳ වාද විවාද කොට අනේ ජ්‍යොතිෂය නම් කෙතරම් විහිළුකාර බොරුවක් දැයි කියන්නේ නම් මේ දෙවැන්නා අර පළමුවැන්නාටත් වඩා විහිළුකාරයකු බවට පත් නොවන්නේද?
හැබැයි වංචනික ප්‍රතිරූපකයන් නිසා ජ්‍යොතිෂය පසු ගිය කාලයේ දී සෑහෙන පමණ
ගර්හාවට ලක් වූ බව ද සැබෑවකි. එවැන්නවුන් සමාජය හමුවේ හෙළිදරව් කිරීම මහඟු
පින්කමකි. නමුත් එය කළ යුත්තේ එළුවාගේ බෙල්ලත් කපා මුට්ටියත් බිඳ දමන ආකාරයෙන්
නොවන බව නම් තරයේ ම සිහිපත් කළ යුතු ය.
0 comments:
Post a Comment