මාර්තු 05 දා රාත්‍රී 12.16ට පමණ සිකුරු ග්‍රහයා යුරේනස්ට පරාජය වන යුද්ධයක්
විශ්වයේ මීන රාශි බල ප්‍රදේශයේ නැඟෙනහිර ක්ෂිතිජයේ උදාවී පවතී.
එහි පස්වැන්න යුද්ධ භූමිය වන්නේ ය.මේ සටනට අඟහරු සහය ලබා දෙයි.උච්ච බලයෙන් මත් වී සිටි සිකුරු දැපනය වීම නිසා ග්‍රහ ලොව හෙල්ලුම් කන්නේ ය.
යුද්ධය අවස්ථාවේදී ශ්‍රී ලංකාවට එල්ල වන්නේ වෘශ්චික ලග්න බල ශක්තියයි.සිකුරා නිවේදනය කරනු ලබන්නේ ස්ත්‍රීහුය.ස්ත්‍රීන්,සුඛිත, මුදිත කරන්නට උච්ච ශක්තිය ආරූඩ කර ගනු ලැබූ සිකුරා මත් වූ මෙකී පීඩාකාරී සද්භාවය නිසා කාන්තාවන් ට දැඩි පීඩනයක් එල්ලවීමේ ප්රවනතාවය අධිකය.
නීතියේ ඇසට වැලි ගසා විවිධ වධ හිංසාවන්ට කාන්තාවන් ලක් වූ වාර්තා කලඑළි බසිනු ඇත.ස්වාමි පුරුෂයන් හෝ වෙනත් සල්ලාලයන් කාන්තාවන්ට විවිධ හිරිහැර පීඩා ක්ෂණික කෝප තත්ත්වයන් මත සිදුකරනු ලබනවා ඇත.සංගීත සංදර්ශන ආදියේ දී මෙන්ම සිනමා ශාලාවලදී වනිතාවන් බැට කන දින කිහිපයක් උදාවන බැවින් හිතුවක්කාර ගමන් යාමෙන් වැළකීමට යෞවනියන් වගබලා ගත යුතුයි.
මේ ග්‍රහ තත්ත්වය යටතේ ස්ත්‍රීන් පමණක් නොව ළමයින් ද ආරක්ෂාකර ගැනීමට වැඩිහිටියන් උනන්දු විය යුතු බව පෙනේ. ළමා හා කාන්තා කාර්යංශ භාරව සිටින පොලිස් නිලධාරිනියන්ට රාජකාරි අධික කාලයක් උදාවනු ඇත.කෙසේ වෙතත් කල් තියා ඔවුන්ගේ උකුසු ඇස ක්‍රියාත්මක වුවහොත් අකාලයේ මිලාන විය හැකි වටිනා ජීවිත රැසක් විපත් වලින් ගලවා ගැනීමට හැකිවනු ඇත.
පාසල් ගොඩනැගිලි ආදිය කඩා වැටීමේ අවදානමක් මතුවනු ඇත.මේ නිසා රජයේ මෙන්ම පුද්ගිලික අංශ සතු පැරණි ගොඩනැගිලිවල තත්ත්වය පරීක්ෂාවට ලක් කළොත් අනතුරට භාජනය විය හැකි ළමා පරපුරක් ආරක්ෂා කර ගැනීමට ඒවායේ බලධාරීන්ට හැකියාව ලැබෙනු ඇත.ශ්‍රී ලංකා ඉතිහාසයට එක්වන ප්රබලතම අග්නි ඛේදවාචකයට මෙකී ග්‍රහ ශක්තිය විසින් කටයුතු සම්පාදනය කර හමාරය.සමහර විට ලැව් ගින්නක් වුවද පැතිරී යාමේ අවදානමක් පවතී. ඒ නිසා සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි සියලුම මැතිවරණ කොට්ඨාස සම්බන්ධ කරන ගෙන ගිනි නිවන හමුදා ඒකක ස්ථාපිත කිරීමට පියවර ගන්නේ නම් සිදුවිය හැකි ගිනි විපත් අවම කර ගත හැක.
මෙකී පීඩාකාරී ග්‍රහ ශක්තියට වක්‍ර ගුරුගේ දෘෂ්ටිය එල්ල වීම සුබ නැත.ගුරු පැවිදි උතුමන් ලා නිවේදය කරයි.ඉහත කී විපත්ති තත්ත්වයට පැවිදි උතුමන්ලාද මැදිවිය හැකි බැවින් ඒ පිළිබඳ එතුමන්ලා සැළකිල්ලෙන් සිට සුරක්ෂිත භාවය ගොඩනගා ගත යුතුය.
සිකුරුගේ උච්ච භාවය නිසා උදම් අනමින් සිටියත් වත්මන් තත්ත්වය හමුවේ කල්පනාකාරී විය යුතුය. ඔබේ ලග්නය හරහා ගෙන එන උපදෙස් පිළිබඳ සලකා බලා මුහුණදිය හැකි අවදානම අවම කර ගැනීමට කටයුතු කර ගැනීමට උත්සාහ කර බලන්න.
මේෂ
ඔබේ මනසේ පවතින සියුම් සිතිවිලි උද්දීපනය වනු ඇත.මොලයේ පැවැති යම් පීඩා පහවී යනු ඇත.අභිධර්මය වැනි ගැඹුරු ධර්මයන් අවබෝධ කර ගැනීමට තරම් ශක්තියක් ඇතිවනු ඇත.දුෂ්කර ගැඹුරු විෂයයන් පවා හැදීරීමේ ආත්ම ශක්තියක් ඇති වනු ඇත.ඉගෙනගන්නා කෙනෙකු නම් පොත පතට යොමුවීමට ප්රශස්ත කාලයකි.රසායන විද්‍යාව වැනි විෂයක් හදාරන අයට විෂය අවබෝධය සඳහා හොඳ කාලයකි.
මිතුරු සබඳතා පැවැත්වීම ටික කලකට සීමා කරන්න.විශේෂයෙන් ප්‍රේම සබඳතා ආදිය නිසා විරහ වේදනා ඇතිවීමේ තත්ත්වයක් ද අද්ගත වනු ඇත.මේ නිසා හුරුපුරුදු ස්ථාන වෙනස් කරන්නට සිදුවෙයි.උදාහරණ වලින් යම් යම් දේ අවබෝධකර ගැනීමට හැකිවනු ඇත.ව්‍යාපාර සඳහා ඇනවුම් ලැබුණු ගමන් ක්‍රියාත්මක විය යුතුය.කලට වේලාවට ඒවා නිමකර නොදුන්නොත් දෝෂාරෝපණ අසන්නට ලැබේ.
තමනට කළ මදි පුංචිකමක් හෝ දෝෂාරෝපණයක් නිසා වෛරයක් ඇති වී පළිගැනීමේ චේතනාවක් මතු විය හැක.ඒ අනුව විවිධ ක්‍රියාකරකම් සිදුකළහොත් ඔබ නොදන්නා පාර්ශවයකින් ඔබට එරෙහිව යම් ක්‍රියා මාර්ගයක් මතුවිය හැක.ඒ අනුව විවිධ ක්‍රියාකාරකම් සිදුකළහොත් ඔබ නොදන්නා පාර්ශවයකින් ඔබට එරෙහිව යම් යම් ක්‍රියාමාර්ගයක් මතුවියහැකි බැවින් බුද්ධිමත් තීරණ ගතයුතුය.
වෘෂභ
ප්‍රයෝජනවත් මෙන්ම බලාපොරොත්තු ඉටුවන ගමන් බිමන් ඇතිවන කාලසීමාවකි. අලුත් මිතුරු මිතුරියන් හමුවෙයි. උදව් උපකාරද ලබයි. සිතා සිටි දේ ඒ අයුරින්ම ඉටුවන කාලයකි. රහස් ආදර සබඳතා සඳහා වෙනත් අයගෙන් පෙළඹවීම් ඇතිවනු ඇත. විවාහක නම් මෙය නුසුදුසු වන අතර උපරිම කාලය ඊට යොමුකිරීම නිසා යහපත් කල්ක්රියාවට බාධා වෙයි.
විවාහවන වයසේ නම් විවාහ දිවියට පා තැබීමට සුදුසුය. රාත්‍රියේ ගමන් යෙදේ.මෙයින් වලකින්නේ නම් වඩාත් යහපත්ය.ඔබ අනියම් සේවකයෙකු නම් ස්ථිර කරගත හැකි කාලයකි.තමන් අතින් සිදුකළ යුතු දේ වෙනත් අය ලවා කරවා ගැනීමට සිදුවේ. වෙනත් අයෙක් නිවාඩු යන්නේ නම් ඔහු වෙනුවට වැඩ කිරීම සුදුසුය.
මිථුන
ඔබ තුළ සැඟ වී තිබූ විශේෂ දක්ෂතා ඔපවත් වන කාලයකි.නමුත් ඔබ අධිවේගී වෙයි.වැඩිහිටියන් තමාට නතුවන ආකාරයට කටයුතු නොකළොත් විවාහය පිළිබඳ තීන්දු ගැනීමේ දී ගැටලු මතු වෙයි.ඉගෙනීමට යහපත්ය.සමාජ සේවයේ යෙදෙන කෙනෙක් නම් අපහාසයක් විඳීමට සිදුවන බැවින් නිවැරදි දේ සිදුකිරීමට වග බලා ගන්න.සුළු වරදක් ලොකුවට සලකනු ඇත.
උදව් උපකාර කරමින් ලඟින් සිටින කෙනෙක් ද්‍රෝහි වනු ඇති බැවින් මිතුරන්ගෙන් පරිස්සම් වන්න.අදහාගත නොහැකි පුදුම උපදවන සිදුවීම්වලට මුහුණ දීමට සිදුවන බැවින් සියල්ල විනිවිද භාවයෙන් යුතුව සිදුකිරීමට වග බලා ගත යුතුය.
අක්මීමණ තලගහ විශ්වකීර්ති ඡ්‍යොතිෂ විද්‍යා පණ්ඩිත ශිරෝමනී සුරා ශ්‍රී ගුණවර්ධන
ඉතිරිය . . . . .
මාර්තු 04 වෙනිදා සෙත්මිණ කියවන්න

0 comments:
Post a Comment