728x90 AdSpace

  • නවතම පුවත්

    2015-03-04

    ලපටි මල් කැකුළු වනසන කාමාතුරයන් චන්ද්‍ර මණ්ඩලයෙන් පෙනේ


    පුද්ගල හස්තයේ ඉහල කුජ මණ්ඩළයට පහලින් පිහිටි ප්‍රදේශය චන්ද්‍ර මණ්ඩලයයි‍. එම මණඩලය මඟින් පුද්ගලයෙකුගේ සිතුවිලි පිළිබඳ, සංවේදී භාවය මෙන්ම කල්පනා ශක්තිය පිළිබඳව ද දැන ගතහැක. ඊට අමතරව හැඟීම් හා සෞන්දර්යාත්මක දේ පිළිබඳවත් කියැවේ.

    මුහුදෙන් එතෙර ගමන් බිමන් ගැනද පෙන්වනුයේ චන්ද්‍ර මණ්ඩලය මගිනි. ප්‍රේම සම්බන්දතා, රසාස්වාදය, අලස ගතිය මෙන්ම සැකයද පිළිබිඹු කරන මණ්ඩලය චන්ද්‍ර මණ්ඩලයයි.

    මේ මණ්ඩළය ජන්මීන්ගේ හස්තයේ හතර ආකාරයකට පිහිටයි. ඇතැමුන්ගේ චන්ද්‍ර මණ්ඩළය ප්‍රබලම අධි උත්තලාකාරව පිහිටයි. ඇතැම් ජන්මීන්ගේ චන්ද්‍ර මණ්ඩළට මධ්‍ය ප්‍රමාණයේ හෙවත් යම් ප්‍රමාණයකට උත්තල වුවද තලීය ආකාරයෙන් පිහිටයි. එමෙන්ම ඇතැමුන්ගේ චන්ද්‍ර මණ්ඩළය දුබලව අවතලාකාරව පිහිටයි. අවසාන වශයෙන් ඇතැමුන්ගේ චන්ද්‍ර මණ්ඩලය අධි දුබලව හෙවත් අධි අවතලාකාරව පිහිටයි.පිහිටන ආකාර අනුව ජන්මීන් එකිනෙකාට පරස්පර ගතිගුණ වලින් යුක්ත වේ.

    *මුලින්ම ප්‍රබල චන්ද්‍ර මණ්ඩලයක් හෙවත් අධි උත්තලාකාර චන්ද්‍ර මණ්ඩලයක් හිමි පුද්ගලයාගේ ස්වභාවය සලකා බලමු.
    ප්‍රබල චන්ද්‍ර මණ්ඩලයක් හිමි පුද්ගලයා නිතර ඈත ගමන් බිමන් වල යෙදෙන. එක දෙයක් දීර්ඝ කාලයක් නොකරණ , සිතුවිලි අධික, නිතර වෙනස් වන පුද්ගලයෙකි. ත්‍යාගශීලි නොවේ. දැඩි ආත්මාර්ථකාමී ස්වාභාවයක් උසුලයි. ඊර්ෂ්‍යාකාරය. තමා ලඟින් සිටින අයව සැක කරයි. මොවුන්ගේ දියුණුව නිතර විචලනය වේ. විවිධ දේ ඉගෙනීමට කැමැත්තක් දක්වයි. ආගම දහමට භක්ති වන්තය. මෙවැනි පුද්ගලයින් සුළු දේකින් පවා බියට පත්වන අතර ඉක්මනින් අධෛර්ය වේ. ගුප්ත ශාස්ත්‍රයට ඇලුම් කරන අතර තම මවට හා සතුන්ට දැඩි ඇල්මක් දක්වයි. මෙවැනි චන්ද්‍ර මණ්ඩලයක් හිමි පුද්ගලයා ක්‍රියාශිලි පුද්ගලයෙන් නොවේ. නිතර නිදා ගනී. ආහාරයට ගිජු බවත් දක්වයි. කරුණාවන්ත කමද ඥාණවන්ත කමද මොවුන් තුළින් ප්‍රකටව දැකිය හැක.

    * මධ්‍යම ප්‍රමාණයේ හෙවත් යම් ප්‍රමාණයකට උත්තල වුද තලීය චන්ද්‍ර මණ්ඩලයක් හිමි පුද්ගලයා.
    මොවුන් ජලය ආශ්‍රිත කටයුතු වල නිරත වීමට වැඩි ප්‍රියතාවයක් දක්වන අතර ගුප්ත කටයුතු වලටද බොහෝ ලැදියාවක් දක්වයි. එක දෙයක් දිගටම නොකරයි. මෙම චන්ද්‍ර මණ්ඩලය හිමි පුද්ගලයා තුළ අධි උත්තල චන්ද්‍රමන්ඩළය සතු පුද්ගලයාගේ ලක්ෂණද සුළු වශයෙන් දැකිය හැක.

    * දුබල චන්ද්‍ර මණ්ඩලයක් හෙවත් අවතල චන්ද්‍ර මණ්ඩළයක් පිහිටි පුද්ගලයා‍
    ස්ත්‍රියක් වුවද පුරුෂයෙක් වුවද පහත් ගති ඇත්තෙකි. බුද්ධි හීනය, රාගය ඉතා වැඩිය. සතුරන් අධික වේ . කරන කිසිදු ක්‍රියාවක් ඇගයීමකට ලක් නොවේ. සිත ඉතා අධෛර්ය සම්පන්නය. මානසිකවද දුර්වලය . හිතක් පපුවක් නැති පුද්ගලයෙකු සේ හැසිරේ . කේලම් කීම, පරුෂ වචන කීම,අනාචාරයේ හැසිරීම,දුරදිග නොබලා කටයුතු කිරීම ආදී දේට නම් දරා ඇත. ඉතා අඩුවෙන් ජලය පානය කරයි. ස්නානය කරන්නේද අඩුවෙනි. බොහෝ අපිරිසිදුය. එනිසා සමාජය මොවුන්ව පිළිකුල් කරති. මොවුන් බොහෝ චපලය.

    *චන්ද්‍ර මණ්ඩලය අධි දුබල හෙවත් අධි අවාතල පුද්ගලයා
    සිතට එන එන දේ කරයි. ඒවා හොඳ ද නරක ද කියා නොසිතයි. කාමාතුර මට්ටමටම චරිතය අයහපත්ය. විකෘති මානසික තත්ත්වයක් පෙන්නුම් කරයි. නිතර හිසේ රෝග සෑදේ. මණ්ඩලය අවතල වීමේ ගුණ ද සුළු වශයෙන් පවතී. නමුත් ප්‍රබලව ඇත්තේ අධි අවතල හෙවත් ගිලිනු චන්ද්‍ර මණ්ඩලයට අදාල ගතිගුණයි. බොහෝ විට ස්ත්‍රී දූෂකයින් ,කාම අපරාධකරුවන් , ළමා අපචාරවල යෙදෙන්නන්ට මෙවැනි චන්ද්‍ර මණ්ඩළයක් හිමි වේ‍‍‍‍‍‍‍‍.

    මෙයට අමතරව චන්ද්‍ර මණ්ඩළයේ විවිධ හස්ත ලකුණු දැනගත හැක. ඒවා අතර මණ්ඩළය ප්‍රබල කරන මෙන්ම දුබල කරන ලකුණු ද වේ. දුබල මණ්ඩළයක සුබ ලකුණක් වේ නම් දුබල මණ්ඩළයෙන් ලැබෙන අශුභ ප්‍රතිඵල අඩුවේ.ප්‍රභල මණ්ඩලයේ අසුබ ලකුණක් වෙයි නම් ලැබෙන සුබඵල අවම කරයි.
    චන්ද්‍ර මණ්ඩලයේ පිහිටන සුභ ලකුණ මෙන්ම අශුභ ලකුණද වෙන වෙනම අධ්‍යනය කරමු.
    චන්ද්‍ර මණ්ඩලයේ පිහිටන සුබ ලකුණු හා ඒවායේ පලාඵල

    ජ්‍යොතිෂවේදිනී මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද.

    ඉතිරිය . . . . .

    මාර්තු 04 වෙනිදා සෙත්මිණ කියවන්න
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ලපටි මල් කැකුළු වනසන කාමාතුරයන් චන්ද්‍ර මණ්ඩලයෙන් පෙනේ Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top