තමන් නො දන්නා දේ සහ තමන් පිළි නො ගන්නා දේ මිථ්‍යව යැයි බොහෝ දෙනා කියති.ඔවුහු
විද්‍යාඥයෝ ලෙස පෙනී සිටින්නා හ.මිථ්‍යාවේ විරුද්ධ වචනය විද්‍යාව යැයි සිතන බව
පෙනේ.අන්න එතැනම ඇත්තේ
ලොකු අවුලකි.මිථ්‍යා දෘෂ්ටියේ විරුද්ධ වචනය සම්‍යක් දෘෂ්ටිය යි.විද්‍යාවේ විරුද්ධ වචනය අවිද්‍යාව යි.ප්‍රාචීන භාෂාවල විජ්ජා යනුවෙන් අදහස් කරන්නේ විද්‍යාව ය.එහෙත් පසු කලෙක බටහිර භෞතික වාදය ඔළුවට ගත් අය විද්‍යාව ඔවුන්ට ම අයත්කර ගෙන ඊට අයත් නොවන සියල්ල මිථ්‍යාව ලෙස බැහැර කළෝ ය.පුදුමය කියන්නේ තමා පෙනී සිටින "විද්‍යාවේ" භාෂා නිරුක්තියවත් නොදැන අනෙක් දැනුම් පද්ධතීන්ට මිථ්‍යාව ලෙස ගැරහීම ය.
ඔවුන්ට අනුව ජ්‍යොතිෂය මිථ්‍යාවකි.වාස්තු ශිල්පය ද මිථ්‍යාවකි.ඔවුන් පිළිගන්නේ ඇස,කන,දිව,නාසය,ශරීරය යන පසිඳුරන්ට පමණක් ගෝචරවන දේ පමණි.මේ යාන්ත්‍රික භෞතිකවාදී විශ්වාසය බිඳ වැටී දැන් සියවස් තුනක් පමණ ගත වී ඇත.එහෙත් ඒ බව නො දන්නා නිසාදෝ ඇතැම් "විද්‍යාඥයෝ" තමන් නො දන්නා සියල්ල ද බොරු යැයි විශ්වාස කරති.නියම මිථ්‍යාදෘෂ්ටිය නම් මෙයයි. ලෝකය ඇති සැටියෙන් දැකීම සම්‍යක් දෘෂ්ටිය යි.එසේ නො දැකීම මිථ්‍යා දෘෂ්ටිය යි.අන් අයට මිථ්‍යාව වපුරන්නෝ යැයි චෝදනා නගන මේ උදවිය තමන් මිථ්‍යා දෘෂ්‍ටියේ කර වටක් කිඳා බැස සිටින බව නොදකී.
ජ්‍යොතිෂය වුවමනා නම් ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයක් බවට පෙරළා ගත හැක.වුවමනා නම් එය අධ්‍යාත්මික භාවිතයක් බවටත් වර්ධනයකර ගත හැක . එසේ කළ හැකි වන්නේ තම තම නැණ පමණින්ය.විද්‍යාව යනු බටහිර දැනුම් පද්ධතියට පමණක් සීමා වූ යෙදුමක් ලෙස භාවිතයට ගැනීම ම අවිද්‍යාවකි.අවිද්‍යාව ඉතා සරලව සමාන කළ හැක්කේ අන්ධ භාවයට ය.ලෝකයේ "යථාව" ඇත්ත ඇති සැටියෙන් නොදැකීම එම පුද්ගලයාගේ ප්‍රශ්නයක් මිස ලෝකයේ පැවැත්ම පිළිබඳ ගැටලුවක් නොවේ.
විදුලි බලය පියවි ඇසින් දුටු කිසිවෙක් තවම අපට හමු වී නැත.සිහින් කම්බියක් ඔසසේ ගලා යන විදුලි දහරාව පියවි ඇසින් දකින්නට නො ලැබේ.එහෙත්අපට එහි ඵලය පමණක් දක්නට ලැබේ. දැල්වෙන විදුලි බල්බය කරකැවෙන විදුලි පංකාව විදුලිය ඇති බවට සංඥාවකි.ජ්‍යොතිෂය ද එබඳුම විදුලි බලයකි.ප්‍රතිඵලය මිස එය ක්‍රියාකාරී වන ආකාරය නො පෙනේ.යට කී විද්‍යාඥයන් ලෙස කල්පනා කරන්නේ නම් ජ්‍යොතිෂ සිද්ධාන්ත ක්‍රියාකරන ආකාරය නො පෙනෙන නිසා එය මිථ්‍යාවකි.තඹ කම්බියක් මිස ඒ ඔස්සේ විදුලිය ගමන් කරන ආකාරය නො පෙනේ.එසේ නම් අර විද්‍යාඥ තර්කය අනුව විදුලිය ද නො පවතී.හැබැයි මෝඩකමටවත් එම කම්බිය ස්පර්ෂ කළ හොත් තරු විසි වෙන පාඩමක් ඉගෙන ගන්නට ලැබෙනු ඇත.ජ්‍යොතිෂය ද එසේමය.බොරු පණ්ඩිතකම් පා එවැනි දෙයක් මිහිපිට නැතැයි සිතා කටයුතු කරන පුද්ගලයන්ට සිදුවන්නේ ද අත පුච්චා ගැනීමට ය.

0 comments:
Post a Comment