728x90 AdSpace

  • නවතම පුවත්

    2015-03-11

    හුලවාලියෙකුට දැපනේ වැටුණු සුරූපී සෙව්වන්දි

    සැමියා කළ මෝඩකමට බිරිඳ වන්දි ගෙවයි

    අද සෑම පුවත්පතකම පාහේ ඇදුරන් විසින් ප්‍රසිද්ධ කරවන ලද දැන්වීම් බහුල වශයෙන් දක්නට ලැබේ. ඒ වෙ‍ෙළඳ දැන්වීම්වල සඳහන් වන පරිදි නම් ඒ ඇදුරන්ට කළ නොහැක්කක් නැත.මේ තරම් මුදල් වැයකර දැන්වීම් පළකරන්නට ඔවුන්ට මුදල් හම්බකරගත හැකි සේවාදායකයන් රැසක් සිටිය යුතුය. මෙවැනි තැන්වලට යන බොහෝ පිරිසක් දුක් කරදරවලින් මිදීමට සහනයක් බලාපොරොත්තු වන්නෝය.මේ අතර අනුන්ට හදි හූනියම් කරන්නට, වශී ගුරුකම් කරන්නට යන්නෝ ද සිටිති.

    ඇදුරා‍ගේ දක්ෂතාව මෙන්ම වැඩේ බරපතලකම පැහැදිලිකර දේවාලකරයෝ මෙවැනි එක් කටයුත්තකට රුපියල් 50,000 ක් 100000ක් ආදී වශයෙන් අය කරති. නමුත් කටයුත්ත පිළිබඳ වගකීමක් ද නැත.
    වෛද්‍යවරු සැත්කමකට ලක්ෂ ගණන් අය කරති. ලෙඩා මළත් මුදල ආපසු දෙන්නේ නැත‍.නඩුවක් පැරදුනත් කතාකළ නීතිඥ්ඥයා මුදල් ආපසු දෙන්නේ ද නැත.තම මෝඩකම් හෙළිවන නිසා සේවාදායකයා ද කට අරින්නේ නැත. ඇදුරාගේ මන්ත්‍ර ශාස්ත්‍රය ඇත්තට ම බලවත් වුවද එහිද කිසිම ප්‍රගතියක් ,වගකීමක් ,විශ්වාසයක් නැත.

    ගම්පහ සෙව්වන්දි රෝස මලක් වගේ ම ලස්සනයි.වයස අවුරුදු හතලිහක් වුවද විසිපහක් තරම් ළාබාල ගතියක් පෙනේ.ඒ ඇගේ පෙර කුසලයක විපාකයකි.එහෙත් ඇය දැන් රෝගියෙකි. අත පය වේදනා දැඩිසේ ඇය පෙළයි. ඊට අමතරව ආතතියෙන් පෙළෙයි.සිහිනෙන් බිය වී කෑගසාගෙන අවදිවෙයි.හිටිහැටියේ යටිගිරියෙන් හූ කියාගෙන දුවන්නට සැරසෙයි.ගර්භාෂය ඉදිමී ඇත.කායික රෝගවලට ප්‍රතිකාර ලබයි.එහෙත් අඩුවක් නැත.මානසික වෛද්‍ය ප්‍රතිකාර ද නොකඩවා ගනියි.කිසිදු සුවයක් ද නැත.යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලින් ද සහනයක් නැත.

    "සෙත්මිණ"කියවන ඥාතියෙකු එහි පළවන "නොපෙනෙන ලෝකය"විශේෂාංගයේ සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය පිළිබඳ ඇය දැනුවත් කෙළේය.ඒ අනුව සෙව්වන්දි සිය දියණියන් දෙදෙනා සමඟ එහි ගොස් අධ්‍යාත්මික උපදේශක කසුන් නාගොඩවිතාන මහතා හමු වී සිය රෝග ඉතිහාසය විස්තර කළාය.

    සෙව්වන්දිගේ සුරූපී බවට වසඟ වූ ව්‍යාපාරිකයෙක් ඇයට වයස අවුරුදු දහසයේ දී විවාහ කරගෙන ඇත.දියණියන් දෙදෙනෙකුගේ මවක් වුවද ඇගේ තරුණ සුරූපී බව අඩුවක් වූයේ නැත.ඇය දෙස වරක් බැලූ කෙනෙක් දෙවරක් නොව කිහිපවරක් ම හැරී බලන බව නිතර දක්නට ලැබෙන බැවින් ඇගේ සැමියා 'හුලවාලියකු' ගෙන්වා ඇයට ආරක්ෂාවක් දැමීය.

    එදා සිට ඇයට ඒ හුලවාලියා සොයා යන්නට සිත පෙළඹෙයි.ඇය සිය ආත්ම ගෞරවය රැක ගැනීම වෙනුවෙන් සිත කෙසේ හෝ තදකරගෙන පාලනය වූවාය.තමන්ට ඒ හුලවාලි ඇදුරා සොයා යන්නට සිතෙන බව සැමියාට කීවත් සැමියා "ඔය විකාර හිතට ගන්න එපා'යැයි ඇයට අවවාද කොට ඇත.මේ තත්ත්වය මත ඇයට සැමියා පෙන්වන්ට බැරි විය.ඔහුට ළඟට එන්නටවත් ඉඩ දෙන්නේ නැත.අතට හසු වූ දෙයින් සැමියාට පහර දෙයි.පවුල් ජීවිතය අවසන් කරන්නට සිදුවිය.ස්වාමිපුරුෂයා ඇය අතහැර දික්කසාද වී පිටරට රැකියාවකට ගියේය.

    යළිත් අවට තරුණයන්ගේ ඇල්ම බැල්ම ඇය වෙත ගලා එන්නට විය. එහෙත් ඒ කිසිවෙකුට ඇයට සමීපවිය නොහැකි විය. ඇය ඔවුන්ට බැණ වැදී පන්නා ගත්තාය. සෙව්වන්දිගේ තරුණ පෙනුම නිසා පිරිමින්ගේ බලපෑම් බහුල වන විට ඇය නැවතත් විවාය වූවාය.එහෙත් අලුත් සැමියාට ද ඇයට සමීප වන්නට නොහැකි වූ හෙයින් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන පැමිණි බව ඇය කීවාය.
    ගවේෂකවරයා ඇය වෙත ශක්ති කිරණ එල්ල කරන විට ම ඇය ප්‍රලය වූවාය.ඇය තුළින් භූතාත්මයක් අවදි විය. ගවේෂකවරයා ප්‍රශ්න කෙළේය.

    මතුගම මහින්ද විජේතිලක

    ඉතිරිය කියවන්න . . . . .

    මාර්තු 11 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: හුලවාලියෙකුට දැපනේ වැටුණු සුරූපී සෙව්වන්දි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top