අත්ලේ පිහිටීම, රේඛා මෙන්ම, සළකුණු පුද්ගලයාගේ ඇතුලාන්තයේ අපට නොපෙනෙන
බොහෝ දේ කියන බව මෙතෙක් අප හෙළි ෙකළෙමු.මේ අනුව විවිධ රේඛා සළකුණු ඔබේ අතේ
සටහන්ව ඇති අයුරු නිවැරදිව හඳුනාගෙන ඒ අනුව කියැවෙන්නේ කුමක්දැයි විමසමු.
අද සුඛ රේඛාවේ පිහිටීමත් එය ඔබට බලපාන ආකාරයක් පිළිබඳව විමසා බලමු.
රූප සටහන බලන්න.
එහි A සලකුණු මඟින් පෙන්නා දී ඇත්තේ සුඛ රේඛාවයි. එය ආරම්භ වන්නේ ජීවන රේඛාවේ පහළ ප්‍රදේශයකිනි. ඇතැම් විට ජීවන රේඛාවට ආසන්නව සඳු මණ්ඩලයේ ඉහළ කොටසින්ද මෙය ආරම්භ වේ. බොහෝ විට බුධ රේඛාවට සමාන්තරව ගමන් කරන බවක්ද පෙනේ. විශේෂත්වය වන්නේ බුධ මණ්ඩලය දක්වා ගමන් නොකිරීමයි. දෙවන කුජ මණ්ඩලයේ දී වමට බරව අවසන් වන බව ද පෙනේ.
මේ රේඛාව කොහෙත්ම නොපිහිටා තිබීමත් විශේෂත්වයකි. එවැනි අයට වැළඳෙන ලෙඩ රෝග පිළිබඳව අවබෝධයක් ලැබිය යුත්තේ අනිකුත් රේඛා සළකුණු සියුම්ව අධ්‍යයනය කිරීමෙන් පසුවය.
සුඛ රේඛාවේ පිහිටීම අනුවය මහා ත්‍රිකෝණය ඇතිවන්නේය. විශේෂයෙන් ව්‍යාපාර වලින් දියුණුවන අයගේ මේ සුඛ රේඛාව මනාව සළකුණු වන බව පෙනේ.
අක්මාව හා අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ තත්ත්වයත් සුඛ රේඛාවෙන් කියාපායි. මෙය තැනින් තැන කැඩී අඳුරුව තිබීමෙන් අත්ල හිමියා නිතර නිතර රෝගාබාධයන්ට ලක්වන බව කියයි.
ජ්‍යොතිෂවේදී නන්දසේන වීරසිංහ
ඉතිරිය කියවන්න . . . . .
මාර්තු 11 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.

0 comments:
Post a Comment