'හැට හතර මායම් ඇත්තේ ගැහැණුන් ළඟය.' මේ ජනප්රවාදයේ එන කියමනකි. යම් යුවතියක චාටු කතාවකට මුල පිරුවහොත් කෙනෙකු කියන්නේ ඔන්න 64 න් එකක් කියාය. ඇත්තටම ගැහැණුන් සතුව පවතින බව කියන පිරිමින් දැපනේ දා ගන්නා 64 මායම් මොනවාද?
1) නෙත් අගින් බැලීම
තමා ප්රිය කරන තරුණයා දෙස ඔහුට දැනෙන්නට නෙත් අගින් බැලීම. මෙය අවධානය දිනා ගැනීම සහ ලිංගිකමය ඇරැයුමකි.
2) ඇස් නැටවීම
තම සිත් ගත් මානවකයා දෙස ඇස් කරකවමින් හෙවත් අක්ෂි ගෝල නටවමින් නෙත් සැර යැවීම.
3) ඇස් පියා ගැනීම
ඔහු තමා සමීපයෙන් යන එන විට එක්වරම දෙඇස වසා ගෙන අනුරාගී ඉරියව්වක් පෑම.
4) දෙ ඇස් විශාල කොට බැලීම
අනපේක්ෂිත ලෙස ඔහු දෙස ඇස් මහත් කොට බැලීම.
5) කිහිප විටක් හැරි හැරී බැලීම
තමා ඔහු කෙරෙහිම උනන්දුවෙන් සිටින බව පෙන්වීමට වරින් වර ඔහු දෙසම ඔහුට දැනෙන්නට නෙත් සැර විහිදුවීම.
6) අඩවන් දෙනෙත
අනුරාගී ඉරියව් පාමින් ඔහු අභිමුව අඩවන් දෙනෙත විදහා පෑම.
7) ඇස් වසාගෙන සිටීම
මන මෝහනීය ඉරියව් පාමින් මඳ වේලාවක් දෙඇස වසා ගෙන යළි දෙ ඇස විවෘත කරමින් එයම යළි යළිත් සිදු කිරීම.
8) බොරුවට අහක බලාගෙන සිටීම
තමා සිත් ගත් තරුණයා එන බව දැක දැකම හෝ ඔහු තමා සමීපයේ සිටියදී මෘදු ආකාරයකින් ඉවත බලාගෙන සිටීම.
9) අනපේක්ෂිත දෙයක් සිප ගැනීම
ඔහුට පෙනෙන්නට හා දැනෙන්නට ලේන්සුව, දෑත තමාගේ ඇඳිවත යනාදී කවර දෙයක් මෘදුව සිප ගැනීම.
10) නාසය නැටවීම
ඔහුට ඉඟි පළ කරමින් නාසය ඉහළට එසවීම.
11) සුසුමත් දිගු සුසුමක්
ඔහුට දැනෙන්නට හූල්ලන්නාක් මෙන් සුසුම් ලෑම.
12) කට කොනකින් සිනහ පෑම
කෙළිලොල් ස්වරූපයෙන් ඔහු දෙස බලා මුව කෙළවරින් සිනා පළ කිරීම.
13) තොල් පිට පෙරලා සිනාසීම.
කාමුක ආවේගයක් මවා පාමින් තොල් පෙරලා සිනාවීම.
14) කැකිරි පැලෙන සිනාව
ඔහුට ඇසෙන්නට සහ දැනෙන්නටම කැකිරි පැලෙන්නට මහ හඬින් සිනාසීම.
15) දෙතොල් උළුක් කොට බැලීම
දෙතොල් එකිනෙක තද කොට ගෙන එය උල්කොට ඔහුට ඉඟිකිරීම.
16) කැස්ස
තමා සිත් ගත් තරුණයා දකින්නට පෙනෙන්නට සිටින විට කැස්සක් ගෙන අවධානය දිනා ගැනීම.
17) දිව දිගුකොට සංඥා කිරීම.
තමා සිත් ගත් තරුණයා මෙතෙක් පෑ මායම්වලට ප්රතිචාර නොදැක්වූයේ නම් ඇය ඔහු වෙත දිව දිගු කරනු ඇත. මෘදු කාම ප්රකාශයකි.
18) දිගු කොට ගත් දිව දත් අතර විකා ගැනීම
අධි කාමුක ඉරියව්වකි. තමා සිත්ගත් තරුණයා දෙස බලා තම දිව මුවින් පිටතට දමා එය දත් අතර විකා ගැනීම.
19) දිව නැටවීම
තම සිත් ගත් තරුණයා දෙස බලා දිව නැටවීම, මෙයද ලිංගිකමය ප්රකාශනයකි.
20) උගුරෙන් විවිධ ශබ්ද නැඟීම.
ඔහු තමා සමීපයේ සිටින විට උගුරෙන් අමුතු ශබ්ද නිකුත් කිරීම.
21) ඇඳිවත නිතර නිතර සකස් කිරීම.
ඇය තමා හැඳ සිටින ඇඳුම ඔහුට පෙනෙන්නට වරින් වර සකස් කරයි.
22) කණ කර අබරණ අත පත ගෑම
තමා පැළඳ සිටින කරාබු - මාල - වළලු යනාදිය ඔහුට පෙනෙන්නට වරින් වර මෘදුව අතපත ගෑම.
23) හස්ත සංඥා පෑම
තමා සිත් ගත් තරුණයාට අත්ල විහිදුවා ඇඟිලි නටවමින් අත වැනීම.
24) යටිබඩ ස්පර්ෂ කිරීම
නාභියට පහළින් සහ ඉනට ඉහළින් වූ උදරය තීරුව ඔහුට පෙනෙන්නට ස්පර්ෂ කිරීම.
25) අල්ල කැසීම.
තම අත්ල අනෙක් අතින් ඔහුට පෙනෙන්නට කැසීම.
26) පාදයේ කෙණ්ඩා/කලවා කැසීම
ඔහුට පෙනෙන ලෙසට පාදයේ ඉහළ ප්රදේශය කසන්නට ගැනීම.
27) ලැම ප්රදේශයට අත තැබීම
තම ලැම ප්රදේශයට දකුණත තබා ගෙන පෙනෙන්නට හිඳීම.
28) දෑතම ලැම මත හරස් අතට තබා ගැනීම.
29) බර අඩි තබා පියවර මැනීම
ඉතිරිය කියවන්න . . . . .
මාර්තු 11 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.
0 comments:
Post a Comment