මේ අදහසින් ඔබ මිලදි ගන්නාවු ඉඩම ඔබට ජිවත්වීමට සුදුසු භුමියක්ද යන වග ඔබ කල්තියා හඳුනාගෙන එම භුමිය මිලදී ගන්නේ නම් ඔබට ඉතා වාසනාවන්ත වු ජීවිතයක් ගත කිරීමේ භාග්‍ය උදාකර ගත හැකිවේ. ඔබට ශුභ ඵල දෙන භුමිය පිහිටා ඇති හැඩය අනුව විවිධ වු නාම වලින් හඳුන්වයි. ඒඅනුව වෘත්ත භුමිය,චතුරස්‍ර භුමිය හා පනාකාර භුමිය. ඉතා ශුභ ඵල ලබා දෙන්නා වූ භුමි තලයන් වේ.
තමා සතු ධනය වැයකර ඉඩම මිලදී ගෙන නැකැත් සදා මුල්ගල් තබා කෙසේ හෝ නිවසක් සදා පදිංචියට යන ඔබට විවිධ කරදර වෙයි. එක්කෝ ගෙදර කෙනකුට ලෙඩක් නැති දවසක් සොයා ගත නොහැකි තරම්ය. ධනය. ලැබීමේ මාර්ගද අවහිර වී ආර්ථික අපහසුතා ඇති වෙයි. කුසට ආහාර ද හිඟ වී පවුල් ජිවිතයද කරදර ගොඩක් බවට පත්වන අවස්ථා අනන්තවත් සමාජයේ දැක ගත හැක. සුබ පල දෙන භුමි
වෘත්ත භුමිය
වෘත්ත භුමිය ඉඩම වටේ රවුම් ආකාරයකින් යුක්ත වේ. මෙවැනි භුමි එතරම් සුලබව නැත. එවන් යමක පදිංචි වන්නාවු තැනැත්තා ඉතා සැපවත් ජීවිතයක් ගත කිරීමේ වාසනාව ලබයි. තමන් කරන්නාවු රැකියාවේ දියුණුවත් උසස් විම් හිමිවිමටත් ධනවත් වීමටත් හැකිවේ.
තම දරුවන්ද අධ්‍යාපන කටයුතු වලින් විවිධ ජයග්‍රහණ අත්කර ඉතා ඉහළ තත්ත්වයට පත්වනු ඇත.
චතුරස්‍ර භුමිය
ඉඩමේ හතර වටේ දිග පළල එක සමානව පිහිටා තිබීම හෝ දිග පැති භුමිය චතුරස්‍ර භුමිය ලෙස හඳුන්වයි.
මේ භුමියේ පදිංචි වන්නා වු අය ඉතා වාසනාවන්ත ජිවිතයක් ගත කිරිමේ භාග්‍ය උදාකරගනී. පවුල් ජිවිතයේ සමගිය වර්ධනය වේ. තමන්ගේ රැකි රක්ෂා කටයුතු වලද දියුණුව ඇතිවේ. තම ධනය ලැබීම වැඩීවේ. එම නිසා ආර්ථික අපහසුතා ඇති නොවේ. මේ භුමියේ ජිවත්වන් අය නිතර සිනහවෙන් පසුවනු ඇත.
ඉතිරිය . . . . .
මාර්තු 04 වෙනිදා සෙත්මිණ කියවන්න
0 comments:
Post a Comment