වැරදි වැටහීමෙන් ප්‍රේත ලෝකයේ උපන්නාය
මිනිසා තමන් අතින් වරදක් අඩුපාඩුවක් වූ විට එහි වරද අනුන් පිට පැවරීම සිරිතක්ව ඇත.අසවලා මෙහෙම නොකළා නම් මගෙන් මෙහෙම වෙන්නේ නැතැයි ඇඟ බේරා ගන්නට උත්සාහ කරයි. තමන් ගේ නොසැලකිල්ල හෝ මෝඩකම නිසා අලාභයක් පාඩුවක් සිදු වූ විටද එහි වරද අනුන්ට පැවරීම ද සිරිතක් වී ඇත.
"මේකි නිසා තමයි මට මගේ ජීවිතේ නැති කරගන්නට සිද්ධ වුණේ.මම මේකිගෙන් පළිගන්නවා 'යි තමන්ගේ මෝඩකම හා අනවබෝධය නිසා සියදිවි හානි කරගත් සහෝදරියක් මරණයෙන් මතු ප්‍රේතාත්මයක ඉපිද සිය නැගණිය සමඟ වෛරයෙන් පැවැසුවාය.
සුරංගි කොට්ටාව ප්‍රදේශයේ පදිංචි විසි යත් හැවිරිදි අවිවායක තරුණියකි. ඇගේ පියා ව්‍යාපාරිකයෙකි.මව ගෘහනියකි.සුරංගිට විවාහක් කර දෙන්නට කොයි තරම් උත්සාහ කළත් එය තවමත් නොහැකි වූ බැවින් මවුපියන් කනස්සල්ලෙන් සිටිති.දැනට වසර දෙකක පමණ කාලයක සිට ඇය පොතු කබර රෝගයෙන් පෙළෙන්නට ද වූවා ය.කොයි තරම් වෛද්‍ය ප්‍රතිකාර කළත් ඒවායෙන් කිසිම සුවයක් නො ලැබුණි.අවසානයේ වෛද්‍යවරු කීවේ මානසික වෛද්‍යවරයෙකුට පෙන්වන ලෙස ය.එතැනින් මාස ගණනක සිට උදේ සවස පෙති ගිල්ලාට වැඩක් වූයේ නැත.දැකුම්කළු යුවතියක් වූ ඇය දැන් කෙට්ටු වී ඇත.කරන කියන සියලු දේ අවුල් සහගත ය. සිහිනෙන් බිය වී කෑ ගසන්නට ද පටන් ගත්තා ය.උදේ සිට රෑ වනතුරුත් යහනටම වී කල්පනා කරන්නට වූවා ය.දොස් දුරුකරන්නට දෙහි කපා ආරක්ෂා නූල් බැන්දත් කිසිදු වෙනසක් වූයේ නැත. මානසික ප්‍රතිකාර නතර කළේ ද නැත.
"සෙත්මිණ" පත්‍රයේ පළවන නොපෙනෙන ලෝකය විශේෂාංගය කියවන ඥාතියෙකුගේ උපදෙස් මත ඇගේ මව්පියන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත ඇය කැඳවාගෙන පැමිණියහ. අධ්‍යාත්මික උපදේශක කසුන් නාගොඩවිතාන මහතා මුණ ගැසී ඇගේ රෝගී තත්ත්වය විස්තර කළහ.
ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන්නට වූ විට සුරංගි ගැහෙන්නට වූවාය. ඉන් එහා දෙයක් එදින මතු නොවූ හෙයින් දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේ ය.
දින හයක් බෝධි පූජා පවත්වන විට ඇගේ පොතු කබර පැසවා සැරව ගලන්නට විය. ඒ බව ගවේෂක වරයාට දුරකථනයෙන දැනුම් දුන් විට නොනවත්වා බෝධි පූජා පවත්වන්නට නියම කෙරිණි. තවත් දින දෙකක් ගතවන විට වඩාත් සැරව ගලන්නට වූ බැවින් ඔවුහු නැවත උපදෙස් පැතූහ.එදින ඇය රැගෙන එන ලෙස ගවේෂකවරයා කීවේය.
එදින සුරංගි ප්‍රලය වූවාය.ගවේෂකවරයා භූතාත්මය සමඟ සාකච්ඡාකව ආරම්භ කෙළේය.
'කවුද මේ ශරීරයට ඇතුල්වෙලා ඉන්නේ ?
'ඉහි..........ඉහි....භූතාත්මය හඬන්නට විය.
'කතා කරන්න.කතා කරන්න. කවුද මේ?
'මම නාලිකා
'කවුද නාලිකා කියන්නේ '
'මේකිගෙ අක්කා'
'ඇයි නංගිට කරදර කරන්නේ?
'මේකිගෙන් පළිගන්න ඕනෑ. .........කියා ඇද වැටුණාය.
ගවේෂකවයාට සුරංගි ගේ මවුපියන්ගෙන් නාලිකා ගැන විස්තර ඇසීය.
'මහත්තයා ඒ අපේ ලොකු දුව .පොඩිදුව වගේ නෙවෙයි.වැඩි කතා බහක් නෑ එයාගෙ පාඩුවේ නිදහසේ ඉන්නවා.නැත්නම් නිශ්ශබ්දව නිදාගන්නවා. කාලයක් පිරිමි ළමයෙක් එක්ක යාළුවෙලා හිටියා කියා ආරංචි වුණා.ඊට පස්සෙ ඒකත් අතහැරිලා හිටියා.දැනට අවුරුදු හතරකට කලින් දුව එල්ලිලා මැරුණා.හේතුව මොකක්ද කියලා අපි තවමත් දන්නේ නෑ'යි ඇගේ පියා කීවේය.
තවත් දින හතක් බෝධි පූජා පවත්වා එන්නැයි ඔවුන්ට උපදෙස් දුන්නේය.
එදිනද සුරංගිට නාලිකා ගේ ප්‍රාණකාරිය ආවිශ්ටව කතා කළාය.
'මම මේකිගෙන් පළිගන්න ඕනෑ.මේකි නිසයි මම මැරුණේ.අම්මා ගැන නම් මට දුකයි.අම්මා නම් මට ආදරෙයි.'
'ඇයි මේ නංගිත් එක්ක තරහා '
'මේකිට වඩා මම ලස්සනයි කියලා මේකි මට ඊර්ෂ්‍යා කළා.අපේ ටියුෂන් ක්ලාස් එකේ හිටපු රංගත් එක්ක මම යාළුයි කියලා මේකි අම්මලට කේලම් කිව්වා.තාත්තා මට බැන්නා.රංගටත් බැනලා තිබුණා.ඊට පස්සේ රංග මා එක්ක කතා කළේ නෑ.මට මාවම එපා වුණා.මගේ ජීවිතෙන් වැඩක් නෑ කියලා හිතුනා.ගෙදර කවුරුත් නැති වෙලාවක මම එල්ලිලා මැරුණා.ෆෑන් එකේ කඹයක් දාලා ඒකෙ එල්ලිලා මැරුණා'යි භූතාත්මය යළිත් අඬන්නට වූවාය.
'නාලිකා ඔයා හැම තැනම තනි තීරණ අරගෙන තියෙන්නේ.අම්මයි තාත්තයි ඔයාට ආදරෙයි.පන්ති ගිහින් ඔවැනි සම්බන්ධතා පවත්වන කොට ඔයාගෙ අධ්‍යාපනය දුර්වල වේවිය කියලා අම්මා තාත්තා හිතුවේ ඔයාට තියෙන ආදරේට.පොඩි කාලේ ඉඳලා හදා වඩා ගත්තේ ඉගැන්නුවේ ආදරේට.ඔයාගෙ අනාගතය ලස්සන වෙනවා දකින්න ආදරෙන් බලාන සිටියා.'ගවේෂකවරයා පියවරෙන් පියවර විස්තර කරනවිට භූතාත්මය අඬන්නට වූවාය.
ගවේෂකවරයා තව දුරටත් කතා කෙළේය.'ඔයාට අම්මයි තාත්තයි නංගියි තුන්දෙනාම ආදරෙයි.ඔයා තනිවම තීන්දු ගත්තා.එයා ලස්සනයි කියලා නංගි ඉරිසියා කරනවා කියලා තනියම හිතුවා. ඔයා වගේම ඔයාගෙ නංගිත් ලස්සනයි.අක්කා ලස්සන වුණාම නංගිටත් සතුටුයි.ඔයා කා එක්කවත් කතා නොකර පැත්තකට වෙලා ඉන්න කොට නංගිට දුකයි.නංගි ඔයාට වඩා බාලයි.එයා අම්මා එක්ක හුරතල් වෙවී කතා කරනකොට ඔයාගෙ හිතේ ඔයාට විරුද්ධව කේලම් කියනවා කියලා.
මතුගම මහින්ද විජේතිලක
ඉතිරිය කියවන්න . . . . .
මාර්තු 25 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.
0 comments:
Post a Comment