728x90 AdSpace

  • නවතම පුවත්

    2015-03-25

    ඔබ භාවිතා කරන නම දියුණුවට සුබද?

    මුල් නම හා වාසගම ලෙස හෝ මුල් නම හා දෙවැනි නම ලෙසය. පුද්ගලයෙකුට ඇති නම් දෙකේ එන නම

    යෝනිය, අනෙක් නමේ යෝනිය හා සීහේ දැයි බැලිය යුතුය. එම නම් දෙකේ යෝනි මිතුරු යෝනි හෝ සම යෝනි වුවහොත් නම් දෙක මඟින් එම පුද්ගලයා අසාමාන්‍ය දියුණූවක්, ප්‍රසිද්ධියක් ලබයි. යම් හෙයකින් දමා ඇති නම් දෙක එකිනෙකට සතුරු යෝනි වුවහොත් එම පුද්ගලයාට කරදර, විපත්, බාධා ඇති වනවා මෙන්ම නම නිසා කිසිදු දියුණුවක් ඇති නොවේ.
    ශබ්ද ශාස්ත්‍රයේ අක්ෂර හා ඒවාට හිමි බලය වෙන වෙනම සඳහන් කර ඇත. ඒවා මෙසේය.

    අක්ෂරය බලය
    අ, එ, ක, ද, බ 6
    ඉ, න, ප, ය, ව 4
    උ, ර, ත, ච, ජ 7
    බ, ම, ස, ග, ඩ 3
    ට, ල, හ, ල, කූ, 0 2
    යෝනි පරීක්ෂා කිරීමේදී ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකි. එනම් ඉන්ද්‍ර ගුරුළු ශාස්ත්‍රය හා පංච පක්ෂී ශාස්ත්‍රයයි. ඉන්ද්‍ර ගුරුළු ක්‍රමයේදී යෝනි වර්ග 8ක්ද, පංච පක්ෂී ක්‍රමයේදී යෝනි වර්ග 5ක්ද ආදී වශයෙන් සඳහන් වේ.

    ඉන්ද්‍ර ගුරුළු ශාස්ත්‍රයට එන යෝනි වර්ග 8 මෙසේයි.
    1. ගුරුලා
    2. බළල්
    3. සිංහ
    4. දිවියා
    5. උරග
    6. මූෂික
    7. ඇත්
    8.මුව

    පංච පක්ෂී ක්‍රමයට අයත් යෝනි වර්ග 5ද පහත පරිදි වේ.
    1. පිංගල 2. කාක 3. කුක්කුට 4. හේරුණ්ඩ 5. මයුර
    මීළඟට ඉන්ද්‍ර ගුරුළු ක්‍රමයට හා පංච පක්ෂී ක්‍රමයට සතුරු, මිතුරු තත්ත්වය විමසා බලමු.

    ඉන්ද්‍ර ගුරුළු ශාස්ත්‍රයට අනුව:-
    1. ගුරුලා - උරගා සමඟ සතුරු වේ.
    2. බළලා - මීයා සමඟ සතුරු වේ.
    3. සිංහයා - ඇතා සමඟ සතුරු වේ.
    4. දිවියා - මුවා සමඟ සතුරු වේ.

    පංච පක්ෂී ක්‍රමයට අනුව:-
    1. හේරුඩ පක්ෂියාට - පිංගල, මයුර, කුක්කුට පක්ෂීන් සතුරු වේ.
    2. පිංගල පක්ෂියාට - මයුර, කුක්කුට, හේරුඩ, කාක පක්ෂීන් සතුරු වේ.
    3. මයුර පක්ෂියාට - කුක්කුට හා කාක පක්ෂීන් මිත්‍ර වේ.
    4. කුක්කුට පක්ෂියාට- කාක පක්ෂියා සම වේ.
    මේ ආකාරයට ක්‍රම දෙකකට යෝනිවල සතුරු මිතුරු තත්ත්වය වටහා ගත් පසු නමේ සතුරු යෝනි හා මිතුරු යෝනි සොයන ආකාරය හඳුනා ගනිමු.
    යෝනිය සොයා ගැනීමේදී නමේ ස්වර හා ව්‍යාංජනවලට යොදන සංඛ්‍යා හෙවත් අක්ෂරවල බලය එකිනෙක එකතු කර මුළු ගණන 8න් බෙදනු ලැබේ. එවිට ලැබෙන ශේෂය අනුව යෝනිය සොයා ගනු ලබයි.


    ඉතිරිය කියවන්න . . . . .
    මාර්තු 25 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.
      
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඔබ භාවිතා කරන නම දියුණුවට සුබද? Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top