728x90 AdSpace

  • නවතම පුවත්

    2015-03-11

    මළසිරුරු එම්බාම් කළ හොළිවුඩ් රූමතිය

    ලද බෞද්ධා­ගම පෘථුල ලෙස ව්‍යාප්තව තිබේ.හොලි­වුඩ් පුරය විශේ­ෂ­යෙන් මේ ප්‍රවා­හ­යට පෙළඹී සිටී. බැලූ බැල්මට පෙනෙන සංඛ්‍යා­වට වඩා හතර පස්  ගුණ­යක් එහි බෞද්ධ­යින් ඇති බව කාගේත් පිළි­ගැ­නී­මයි. මේ
    ප්‍රවා­හ­යට වෙනත් බොහෝ සිනමා හා සංගී­ත­වේ­දීන් මෙන්ම ඇන්ජ­ලිනා ජොලී සහ ඇයගේ අලුත විවාහ වූ ස්වාමි පුරු­ෂයා ද අයත් වේ.

    ඇම­රි­කාවේ මුල් යුගයේ ප්‍රකට තාර­කා­වක් වූ මේරි වික්ෂඩ් ග්‍රේටා ගාබෝ,ග්ලොරියා ස්වාන්සන් සහ 50 දශ­කයේ තාර­කා­වන් වූ එළි­ස­බෙත් ටේලර්,සොපියා ලෝරේන්,මැරිලින් මොනරෝ මෙන් අද දිනයේ සුදි­ලෙන තාර­කා­වක් වී ඇත්තේ ඇංජ­ලිනා ජොලිය.මේ දින­වල ඇය වැඩි­යෙන්ම ලෝකයේ කතා බහට ලක්ව ඇත්තේ උතුම්ම කාන්තාව තෝරන තර­ග­යට එළි­ස­බෙත් මහ රැජිණ සමඟ කරට කර සිටින හේතු­වෙනි.එම රට­වල ඇති ‍විශේෂ­ත්වය නම් ඔවුන් අනු­ග­ම­නය කරන්නේ බෞද්ධා­ගමේ ප්‍රායෝ­ගික පැත්තයි.වි‍ශේෂ­යෙන් භාවනා ක්‍රම සහ දැනුම හා සමාජ සේවා පැත්තයි.

    ඇන්ජ­ලීනා රඟ­පාන සම­හර චිත්‍ර­ප­ට­වල පවා භාව­නාවේ නිර­ත­වන දර්ශන ඇති අතර බෞද්ධ සංක­ල්ප­වල ඇති වැද­ග­ත්කම අනි­යම් ක්‍රම­ව­ලින් ද කිය­වෙයි.

    මේ ක්‍රියා­කා­ර­කම් සිය­ල්ල­ටම ජන්ම පත්‍ර­යක ග්‍රහ පිහි­ටීම් ද වැද­ගත් වෙයි.මෙහි ග්‍රහ සංයෝ­ග­යන් විශ්ලේ­ෂ­ණය කරන විට එයද ප්‍රත්‍යක්ෂ වෙයි.ඇය උපන්නේ කටක ලග්න­යෙනි. ලග්න­යම ඉතා සංවේදී චින්තන විප්ලවවාදී ලග්න­යකි.මේ ලග්න ස්ඵුට­ය ­අප මඳක් නිවැ­රදි කර­ගෙන ඇත.

    ඇගේ ලග්නා­ධි­පති සඳු වන අතර ලග්නයේ උප­ප­තියා බුධයි.සින­මාව පෙන්වන 5 උප­තියා සඳුය. සමාජ තත්ත්වය,කීර්තිය සහ වෘත්තිය පෙන්වන 10යේ මෙන්ම 11 උප­ප­තියා රාහුය. කලා­වට සම්බන්ධ සඳු සිකු­රුට අයිති වෘෂභ රාශියේ වේ.
    සිකුරු,ගුරු,නැප්චූන් සින­මා­වට සම්බන්ධ ප්‍රබල ග්‍රහ­යන්ය.

    තම අපේ­ක්ෂා­වන් ඉටු­වීම ලග්නය සහ 11 වන භාව­යෙන්ද ජන­ප්‍රි­ය­තා­වය 1,9,10,11 යන භාව­ව­ලින් ද පෙන්වයි.සඳුට ගුරු­ගෙන් සහ කුජ­ගෙන් සුබ දෘෂ්ටි පෙන්වයි.ගුරු මෙහි 10 අධි­පති ද වෙයි.සඳු‍ට පහේ සිටින නැප්චූ­න්ගෙන් දෘෂ්ටි­යක් ද ඇත. රාහුද ‍නැප්චූන් සමඟ යෝග වී පහේ සිටී.රාහු කුජ නිවේ­ද­නය කරන වෘෂ්චික රාශියේ මෙන්ම 12 සිටින ශනිගේ නැකැ­තේත් 11 සිටින බුධගේ උප­ස්ථා­න­ය­කත් සිටී.ශනි මෙහි 7,8 සහ 9 අධි­ප­තිද වෙයි.

    ශනි­ගෙන් අධික වීර්යය,දුෂ්ක­ර­තා­ව­යන්ට මුහුණ දීම,පින්ද­හම් කිරීම පෙන්වයි.2003 වස­රේදී ඇය කාම්භෝ­ජයේ අන­තු­රු­දා­යක ප්‍රදේ­ශ­වල සේවයේ යෙදී ඇත.
    ශනි 7,8,9අධි­පති ලෙස ගුරුගේ නැකැ­තක සිටීම සුබ­සා­ධන,පුණ්‍ය කට­යුතු මුදල් පරි­ත්‍යාග පෙන්වයි.
    ඇන්ජ­ලිනා නිතර භාවනා කළාය.

    "Forbes"සඟ­රා­වට අනුව ඇය 2008 වන විට මිලි­යන27ක් පමණ උපයා ඇති බව පෙනේ.එමෙන්ම මිලි­යන ගණන් මුදල් පරි­ත්‍යා­ග­කර ඇත.මේ සඟ­රාව මඟින් ඈ බල­ගතු කීර්ති­මත් චරි­ත­යක් වශ­යෙන් ද සාර්ථක ව්‍යාපා­රි­ක­යෙකු වශ­යෙන්ද නම් කරනු  ලැබීය.මානව හිත­වාදී කාර්ය­යන්හි නිර­ත­ව­න්නි­යක ලෙස ද පිළි­ගැ­නිනි.දෙකේ උප­පති ගුරු සහ දෙක අධි­පති සඳුදා එකො­ළහේ උප­පති රාහු ද එකො­ළහේ අධි­පති ශුක්‍ර ද බල­ග­තුව ධන­කා­රක භාව­යන් නිවේ­ද­නය කරයි.ධන කාරක භාව­යන් වන්නේ 2,6,10,11,7,9 සහ 5 මීට සම්බන්ධ වූ විටද,8 සහ 12 වන පීඩා­කාරී ස්ථාන මර්ද­නය වූ විටද සාර්ථක ව්‍යාපා­රි­ක­යෙකු බිහි­ක­රයි.

    ජ්‍යෙති­ෂ­වේදී පාන­දුරේ රෝහන් වීර­රත්න

    ඉතිරිය කියවන්න . . . . .
    මාර්තු 11 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: මළසිරුරු එම්බාම් කළ හොළිවුඩ් රූමතිය Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top