728x90 AdSpace

  • නවතම පුවත්

    2015-03-11

    ග්‍රහ ගමනයි දිවි ගමනයි

    මේෂ

    පන්ති භේදයක් නිසා රැකියා ප්‍රශ්නයක් ඇතිවේ. ආර්ථික තත්ත්වය එතරම් හොඳ නැත. පරණ කෝන්තරයක් නැවත මතුවීම නිසා ඥාතීන් සමඟ හබයක් ඇති වේ. උගුරේ ආසාදනයක් නිසා රෝහල් ගත වීමට සිදුවේ. යතුරුපැදිවල ගමන් කිරීමේ දී අනතුරු ඇතිවිය හැක.
    අතේ තිබූ මුදල් පසුම්බිය පවා නැතිව යාමට ඉඩ ඇති සතියකි. සොර සතුරු උවදුරවලට ලක්වේ. ආගම ධර්මය කෙරෙහි වැඩි උනන්දුවකින් වැඩ කරයි. විවාහ මංගල උත්සවයක් සඳහා දුර බැහැර ගමන් ඇතිවේ.
    ජය අංක 8,1,5,4 ජය වර්ණ ලා කහ

    වෘෂභ
    භාෂා පිළිබඳ ඉගෙනීමට විදේශ ගත විය හැක. පාරම්පරිකව ආ හෙදකමක් වැඩි දියුණු කිරීමට සිතයි. චිත්‍ර කලාව සම්බන්ධව ප්‍රභූන්ගෙන් සහතික ලැබේ. අධ්‍යාපන කටයුතු වෙනස් බවක් පෙන්නුම් කරයි. අලසකම දුරුවේ. සාත්තු සේවය පිළිබඳ තිබූ සිහිනය සැබෑවේ. දරු ප්‍රසූතිය සඳහා බිරිඳ රෝහල් ගත කෙරේ. අලුත් රැකියාවක් ලැබීමට තිබූ සුදුසුකම් යහපත් වේ. උදරාබාධ මුත්‍රා රෝ ආදිය නිසා සතියේ අගභාගයේ කරදර ඇති කරයි.
    ජය අංක 6,7,1,4 ජය වර්ණ රෝස, දුඹුරු

    මිථුන
    තමන්ගේ භූමියේ පවතින දෝෂයක් නිසා සමගිය අඩුවේ. සතියේ අගභාගයේ භූමියෙන් පිටත සිටීමට සිදු වේ. හොර රහසේ ගෙන ගිය ප්‍රේම සබඳතාවක් මත භේදයකින් දුරස් වේ.
    රැකියා කලකිරීම් ඇතිවුවත් රැකියාව කරයි. තමන්ගේ දුර්වලකම් නිසා හිතවතුන් අවවාද කරයි. මුල නැකතේ සිවුවන පාදයෙන් උපන් අයෙක් නම් හදිසි ධන ලාභ, වාහන ලාභ ඇත. පක්ෂියා රජවන වේලාව අල්ලා බුධ හෝරාව මුල්කරගෙන කරන වැඩ කටයුතු වලදී ලාභ ලැබෙන අතර සමාජයේ උසස් පිළිගැනීමක් ඇතිවේ.
    ජය අංක 3,7,1,4 ජය වර්ණ සුදු , කහ

    කටක
    ගුරු මහ දශාව ගත කරන්නේ නම් ඉතිරිය අඩු වුවත් මුදල් ලාභ ලැබේ. විවාහ යෝජනා ස්ථිර වන අතර දෙපාර්ශවයේ එකඟතාවයට පත්වේ. පාදයක ඇතිවන පීඩාකාරී තත්ත්වයක් නිසා ක්‍රීඩා කටයුතුවලට බාධා ඇතිවේ. උණ රෝග වරින් වර ඇති කරයි. පාසැල් කටයුතු අවුල් කරගනී. අවවාද නොරුස්සයි. වෙළෙඳ ව්‍යාපාර පටන් ගනී. වගා කටයුතුවල තදබල පාඩුවක් පෙන්නුම් කරයි. ආගමික කටයුතු සඳහා දුර බැහැර ගමන් ඇතිවේ.
    ජය අංක 6,2,9,7 ජය වර්ණ අළු, රන්වන්

    සිංහ
    සතුන්ගෙන් පීඩා ගෙන දෙන සතියකි. ක්‍රීඩා කටයුතුවලට වැඩි උනන්දුවක් ඇතිවන අතර පාසැලට කීර්ති නාමය ගෙන දේ. නොබෙදූ ඉඩමක ආරවුලක් ඇතිවේ. අන්‍ය ජාතීන් හා එක්ව ව්‍යාපාර කටයුතු කිරීමට ශුභ සතියකි. පවුල් ජීවිතයේ ප්‍රශ්න ඇති කරයි. තිබූ සමඟිය අඩුවේ. තරමක් අවුල් සහගත සිතුම් පැතුම් ඇතිවීමෙන් ඉදිරි දියුණුවට බාධා ඇතිවේ. සෙම් රෝග, විළි කැස්ස ඇති වේ. සෙනසුරු මහදශාව අඟහරු මහ දශාව පවතින අයට අපල ඇත.
    ජය අංක 7,3,2,8 ජය වර්ණ මිශ්‍ර වර්ණ, සුදු

    කන්‍යා
    තරඟවලින් විශිෂ්ඨ ජයක් අත්වේ. අධ්‍යාපන කටයුතු වලින් උසස් ප්‍රතිඵල ලැබේ. විදේශ ගමන්වලට හේතුව ඇත. අධ්‍යාපන කටයුතුවලදී සතුරු කුමන්ත්‍රණ ඇතිවේ. දුර බැහැර ගමන්වලින් වැලකී සිටීම ශුභයි. ජල ක්‍රීඩා වලදී පරිස්සම් වන්න. කිරි පිඬු දානයක් දී බෝධි පූජා පවත්වන්න. උදෑසන 6ට පහන් දල්වන්න. සඳු මහ දශාව පවතින්නේ නම් මුතු අල්ලා ආභරණ පළඳින්න.
    ජය අංක 6,9,2,5 ජය වර්ණ රෝස

    තුලා
    වාහන ගැනීමට, නිවාස සෑදීමට ව්‍යාපාර කටයුතුවලට ශුභයි. සහෝදර යෙකු මැදිහත් වීමෙන් කීර්ති නාමය රැකේ. අලුත් ව්‍යාපාර කටයුතුවලට සතිය ශුභ වුවත් සේවක ප්‍රශ්න ඇති කරයි. කඩාකප්පල්කාරී සතුරු බලවේග පැවතිය ද ඉන් ජය ලබයි. ඉඩ කඩම් බෙදීමේදී ප්‍රශ්න ඇතිවිය හැක. රාජකාරී කටයුතු සඳහා කෙටි විදේශ ගමනක් යෙදේ.
    ජය අංක 8,3,1,6 ජය වර්ණ දම්, රතු

    වෘශ්චික
    මුදල් වංචාවකට අසු වීමට ඉඩ ඇත. කලා කටයුතු දියුණු කිරීමට සිතුවත් බාධා ඇතිවේ. නරකයන්ගේ ඇසුර නිසා දරුවකු නොමග යාමට ඉඩ ඇත. ගින්දර විදුලිය ආදියෙන් පරිස්සම් වන්න. සුරාව, සූදුව නිසා පවුලට අපකීර්තිය ඇතිවේ. දුර බැහැර සිටි ඥාතියෙක් පැමිණේ. වගා කටයුතුවල පාඩුවක් දකී. උදරාබාධ, ලේ ගමන දුර්වල වීම් ඇතිවිය හැක.
    ජය අංක 3,6,2,9 ජය වර්ණ කොළ වර්ණය

    ධනු
    සංචාරක ගමන් බිමන් ඇතිවේ. විදේශ රටකින් ප්‍රසංසා ලැබේ. යාන වාහන ගැනීමේ දී වංචනිකයන්ට අසුවීමට ඉඩ ඇත. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සතියේ අගභාගයේ දුර බැහැර ගමන් ඇතිවේ. නිවාස අලුත්වැඩියාවට හෝ නව නිවෙසක් මිලදී ගැනීමට මේ සතිය ශුභ නැත. දණහිසේ පීඩා ඇතිවීමට පුළුවන.
    ජය අංක 1,4,8,5 ජය වර්ණ ලා දම්, සුදු

    මකර
    තම මානසිකත්වය පිරිසිදු කරගැනීමට ආගමික නායකයින් මුණ ගැසීමට සිතයි. ගුප්ත බලපෑමක් මෙන්ම මලගිය අයගේ දොා්ෂ නිසා නිවෙසේ දියුණුව අඩාල වේ.
    විවාහය ගැන තීන්දු තීරණ ගැනීමට ප්‍රථම දෙවරක් සිතන්න. රැවටීම්වලට ලක්වේ. නිර්ණාමික දුරකතන ඇමතුම පවුලම විනාශ කරයි. අලුත් කර්මාන්ත පටන් ගැනීම ශුභයි. වරින් වර පපුවේ මහන්සිය ඇතිවේ.
    ජය අංක 7,3,8,4 ජය වර්ණ ලා කහ, කොළ

    කුම්භ
    ආගමට නැඹුරු වේ. තමන්ට ලැබීමට තිබූ වරප්‍රසාද වෙනත් අයකුට ලැබීමෙන් රැකියාව එපා වේ. සමිති සමාගම්වලදී ඉදිරියෙන් සිටීම අනාගතයට ප්‍රශ්නයකි.
    වාහන අනතුරුවලින් අත් පා වල පීඩා ඇති කරයි. නව නිපැයුම් කිරීමට උනන්දුව ඇති වේ. අධ්‍යාපන කටයුතු කෙරෙහි වැඩි උනන්දුව ඇත. ගුරුවරුන් සමඟ වාද විවාද ඇති වේ. ඇස්වල ස්නායු සම්බන්ධව පීඩාකාරී තත්ත්වයක් ඇතිවේ.
    ජය අංක 1,8,4,9 ජය වර්ණ තද කහ

    මීන
    වාහන ගැනීමට, තරඟවලට ඉදිරිපත්වීමට ශුභයි. දහම් පාසැල් වලින් මූලික තනතුරු ලැබීමටත් ගුරුවරයෙක් නම් බැහැර මාරුවක් ඇත.
    රැකියාවට වඩා ව්‍යාපාර කටයුතු වලන් මුදල් ලැබේ. ඉංජිනේරු අංශයේ වැඩ කරන අයට උසස්වීම් ලැබීමට හේතුව ඇත. යන්ත්‍ර සූත්‍ර වල වැඩ කරන අයට විදුලියෙන් පීඩා ඇතිවිය හැක.
    ජය අංක 7,9,6,2 ජය වර්ණ තැඹිලි, රතු

    ප්‍රවීණ ජ්‍යොතිෂවේදීනි  සොමී උඩවත්ත
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ග්‍රහ ගමනයි දිවි ගමනයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top