728x90 AdSpace

  • නවතම පුවත්

    2015-03-11

    ඔබේ මරණය කෙසේ සිදුවේද

    උපන්නොත් සෑම අයෙකුටම මරණය නියතයි. එයින් බේරිමට කිසිම සත්ත්වයෙකුට නොහැක. මරුවා කොතැනක දී කොයි මොහොතේ අප සොයා ඒවි දැයි නොදන්නාකම මිස මියයාම නම් සත්‍ය වශයෙන්ම සිදුවන බව අපි දනිමු.

    පින් ඇත්තා මාරයාට බිය නැත. මාරයා හා මිතුරුය. මිය යන මොහොතේ ශාන්තය. නමුත් පව්කළ තැනැත්තා මියයාමට ද මරණයට ද බියය. මිය යන මොහොතේ දුක්විඳී.

    මරණාසන්න මොහොත පිළිබඳ 'හෝරා සාගරය' මනාව පැහැදිලි කරයි.
    ලග්නය අටවැන්න වී මේෂාධි රාශියක් ඇත්නම් සතුරන් අතින් හෝ රාජ දඬුවමකින් ගෙල කපා මරණය සිදුවේ. නැතිනම් ගෙල වැළලාගෙන හෝ උසකින් වැටී අතරමඟදී අනතුරකට ලක්වේ. අවයව බිඳීමෙන්, සිතේ කෝපය සහිතව රෝහලේදී මිය යන්නෝද මේ රාශිය ඇති අයයි.

    සතුන් දෂ්ඨ කිරීමෙන්, සුනාමිය වැනි හදිසි අනතුරකින් දරුවන් හා බිරිය ද සමඟින් (සමූහ වශයෙන්) මිය යාමට සිදුවනු ඇත. එසේ මිය යන්නේ කෝපය , දුක ඇතිව බව "හෝරා සාගරය" පෙන්වයි.

    අටවන රාශියේ ග්‍රහ පිහිටීම අනුව මරණය සිදුවන අයුරු
    අටේ රවි - ගින්නකින් මරු දකී,
    අටේ චන්ද්‍ර සිටියොත් ජලයෙන් ද, කුජ සිටී නම් ආයුධයකින් ද, බුධ නම් වැටීමකින් ද, අටේ ගුරු සිටී නම් උණ රෝගයෙන් ද මරු වැළඳ ගනී.

    අටවැන්නේ සිකුරු සිටියේ නම් උදරාබාධයක් එනම් අජීරණයකින්ද මිය යනු ඇත. අටවැන්නේ ශනි වුවොත් සාගින්නෙන් ද මිය යනු ඇති බව සඳහන් වන්නේ ය.
    අටවැන්නේ බොහෝ ග්‍රහයෝ සිටි විට ඒ ග්‍රහයින්ගේ බලපෑම් අනුව හටගන්නා නොයෙක් රෝග සංකලනයෙන් මරණය සිදුවේ.

    අටේ සිටින ග්‍රහයින්ට වඩා ලග්නය හා චන්ද්‍ර දෙදෙනා සම්බන්ධ බලවත් තත්ත්වය ද සැලකිල්ලට ගන්න.
    අට මේෂය හෝ නවාංශය මේෂ රාශිය වේ නම් පාචනය, උණ,වස විස කැවීම, උදර රෝග හා මනසින් හට ගන්නා (උමතු රෝග) ඇති වෙයි. එම රාශිය යම් ග්‍රහයෙකුට පෙනේ ද සංයෝග වී ද ඒ ග්‍රහයාට සමාන වන රෝගයකින් මරණය සිදුවේ.
    වෘෂභ රාශියට අයත් නම් ගින්නෙන්, ආයුධවලින්, උණ සන්නිපාතයෙන් මරණය වේ. එහි ග්‍රහයෙක් නැතිනම් එකී ඵල ඇතිවේ.

    ජ්‍යොතිෂවේදී ගොඩගම ජයසේන ජයසිංහ

    ඉතිරිය කියවන්න . . . . .

    මාර්තු 11 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඔබේ මරණය කෙසේ සිදුවේද Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top