බැරි බැරියාවෙන් දෙලොවම
අප නිතරම අහන කියන කතාබහ කරන ඇස්වහ කටවහ අඬෝවැඩියා දෝෂ සිත් සංකා දෝෂ ගැන
කොතෙකුත් කතාබහ කරන මුත් මේ පිළිබඳව සත්‍ය කුමක්ද? මෙවැන්නකින් වන්නේ කුමක්ද? මේවා
දුරුකර ගන්නේ කෙසේදැයි බොහෝ දෙනෙක් පැහැදිලිව නොදනී.
මේ කියන ඇස්වහ, කටවහ සත්‍යයද එයින් මිනිස් මනස මෙන්ම ශරීරයද ඔත්පල වෙනවාද, පළමු ප්‍රශ්නය මෙයයි. මගේ පිළිතුර වනුයේ ඔව්. එසේය. එය නොවැළැක්විය හැකි තරමක් අසීරු අත්දැකීමකි. වරක්වත් විඳීමට නොලැබිය යුතු එහෙත් වරක්වත් විඳීමට සිදුවන දෙයකි. එය ඇතැම්විට විද්‍යාවට හසුනොවන එහෙත් පවසන සත්‍යයකි. මෙය බොරු යයි නොපිළිගන්නා අයද, පැමිණිවිට හොර රහසේ පිළියම් යොදා ගනී. වැඩි විස්තර නොකියා සෘජුවම ප්‍රශ්නයට යමු.
කටවහ දෝෂය
ඇස්වහ දෝෂ යනු යමෙක් වෛරී හෝ ඊර්ෂ්‍යා පර්වශ සිතින් කෙනෙකු දෙස හෝ ඔහුගේ ක්‍රියාකාරීත්වය හෝ ඔහුගේ දේපල බඩුබාහිරාදිය දෙස බැලීමක්. එය ගසක ගෙඩියක් වාහනයක් විය හැකිය. ඔහුගේ ගීත ගායනයත්, රඟපෑමත්, දරු මල්ලන් විය හැකිය. එහෙත් මෙහිදී ඒ බලන අය වෛරී සිතකින් නැතහොත් තද ඊර්ෂයා පර්වශ දෑසකින් යුතු විය යුතුයි.
මෙය ඇතැම් අයට අරුම පුදුම දෙයක් නොවේ. ජීවිත කාලයම එසේ බලා පුරුදු වී ලෝකය දෙස එසේම බලන අය විය යුතුයි. ඔවුන්ගේ කතාව කීමේ ඇති ස්වභාවය අභ්‍යන්තරයේ නැත. අභ්‍යන්තරය ක්‍රෝධයෙන්, වෛරයෙන්, ඊරිසියාවෙන් පුපුරයි. තමා මිස අනිත් අයත් තමා අවට ජීවත් විය යුතු බවක් නොසිතයි. තෙතමනයක් නැති සිතිවිලි ඇත්තෙකි. එයා බැලූ බැල්මට ඇතැම්විට නොපෙනේ. ඇතැම් අයගේ පෙනේ. වියළී ගිය මුහුණු
ඇස්වහ
ඊර්සියා දෑස් බැල්ම, ඇතැම්විට කට දෙකොන ඉරි තැලී පැලී ඇති බව කතා කරන විට කටට කෙළ වැඩියෙන් ඉනීම, තමන්ට අයිති නැති දේ කතා කිරීම, සිතූම දෙයකට විශේෂයෙන් අනුන්ගේ කතාවට මැදිහත්වීම ආදී ලක්ෂණ පිහිටීම ආදියෙන් මෙය හඳුනා ගත හැකිය. මොවුන් හඳුනා ගත හැකිය. මොවුන් යමක්, යමෙකු දෙස බලා සිතීම පමණක් ප්‍රමාණවත්ය. ඒ ගැන කතා කිරීම ප්‍රමාණවත්ය.
ඇස්වහ දෝෂය
ඇස්වහ දෝෂ යනු ඉහත කී ආකාරයටම ගති ලක්ෂණ දෑස් අයා උඩින් බලා සිතින් සිතීම පමණක් ප්‍රමාණවත්ය. වචන වලින් කතා කිරීමක් අවශ්‍ය නැත. ඉතා නපුරු ඇස් බැල්ම වැදීම ඇස්වහ දෝෂය සම්පූර්ණ කරයි. එහෙත් බැල්ම සමඟම සිතින් සිතීමද නැඟ එන්නේය. එය ඉතා නපුරුය.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කලා භූෂණ ජ්‍යොතිෂ විද්‍යාරත්න
රාජ්‍ය සම්මානලාභී මීපේ ගණිතගේ චන්ද්‍ර භාරතී
ඉතිරිය කියවන්න . . . . .
මාර්තු 25 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.
0 comments:
Post a Comment