මාර්තු 28 දා බුධ නීච වේ
අප රටට සිදුවන බලපෑම පිළිබඳව විමසා බැලීමේදී රට තුළ වසංගත රෝග අවදානමක් පැතිර යාමටත් ඩෙංගු උණ යළි හිස එසවීමත් සිදුවේ. සාහිත්‍ය ප්රවෘත්ති පත්‍ර සඟරා ඇතුළු වටිනා ලිපි ලේඛන හදිසි හේතු මත විනාශයට පත්වේ.
බුද්ධිමත් ලෙස කටයුතු කරන ඇතැම් පුද්ගලයන්ගේ කටයුතුවලට පිටස්තර විවිධ බලපෑම් එල්ල වේ. කලා ක්ෂේත්රය ජනමාධ්‍ය ක්ෂේත්රය ආශිතව කටයුතු කරන අයකුට තරමක් අයහපත් වූ බලපෑමක් සඳහා මුහුණ දීමට සිදුවනු ඇත. බැංකු ආයතන ආශ්‍රිතව හදිසි ආපදා සතුරු කරදර ක්‍රෙඩිට් කාඩ් වංචාවන් වාර්තා වනු ඇත. වෛද්‍ය ක්ෂේත්රයේ අර්බුධයක් පැන නගී. බෙහෙත් වර්ග විෂ වීමෙන් ජීවිත අනතුරු වාර්තා වේ.
විදුලි කාන්දුවීම් හා ත්‍රස්තවාදී ක්‍රියාවන් හේතුවෙන් කර්මාන්තශාලා ව්‍යාපාරික ගොඩනැඟිලි ගිනිගැනීම්වලට ලක්වේ. ආරෝග්‍යශාලා ආශ්රිත අයහපත් සිදුවීම් වාර්තා වේ. බාල වයස්කාර දරුවන් රැවටීම්වලට ලක්කරමින් විවිධ අපරාධ ක්‍රියා දූෂණ කටයුතු සඳහාත් බාල අපරාධ සඳහාත් යොදා ගැනීම් ද විවිධ හේතුමත දරුවන් මියයාම ද වාර්තා වනු ඇත.
අසත්‍ය නීත්‍යානුකූල නොවන ලියකියවිලි භාවිතා කිරීමක් සම්බන්ධ තොරතුරු හෙළිවනු ඇත. බන්ධනාගාර මෙන්ම පැහැරගෙන ගොස් සිර කරගෙන සිටින සිරකරුවන්, ප්‍රාණ ඇපකරුවන්, අමානුෂික ලෙස ඝාතනය කිරීමට ලක්වේ. මන්ද මානසිකයන් රැඳවුම් ස්ථාන උන්මත්තකාගාර ආශ්රිත අශුභ පුවත් වාර්තා වේ. මෙතෙක් කලක් හෙළිනොවූ රහසිගත ව සිදුවූ ම්ලේච්ඡ අපරාධ හෙළිවේ.
මේෂ ලග්නයට
තුන්වැන්නටත් සයවැන්නටත් අධිපතිවූ බුධ දොළොස්වැන්නේ නීචව තැනප්ත්වීම තුළින් ඔබගේ කටයුතු හේතුවෙන් නඩුවකට පැටලිය හැකි බැවින් ඔබ විසින් ඉදිරි දින කිහිපය තුළ සිදු කරනු ලබන සියලු කටයුතුවලදී හොඳින් කල්පනා කර බලා වැඩ කරන්න. නිශ්ඵල ගමන් වැඩි වේ.
විවිධ හේතු නිසා ඔබගේ හිතට වදදෙන්නා වූ කරුණු සිද්ධ වේ. මෙම කාලය තුළ ඔබ අසරණ අය වෙනුවෙන් තමා සතු දෙයක් පරිත්‍යාග කිරීමක් ද සිදු කරයි. ඔබගේ වැඩවලට පිටස්තර ජන විරුද්ධතා ඇතිවේ.
වෘෂභ ලග්න හිමි ඔබට
ඔබ ව්‍යාපාර කටයතුවල නිරත වන්නා වූ අයකු නම් මෙම දිනවල පාඩු ලැබීම් ඇතිවේ. ඔබ විසින් ප්‍රකාශ කරන්නා වූ යම් යම් කතාවන් හෝ ඔබ විසින් ලියනු ලබන ලේඛනයන් හි යම් යම් අඩුපාඩු හේතුවෙන් සමාජයෙන් අවමානයට ලක්වීමක් සිදුවේ. මිතුරන්ගෙන් ඔබට ඔබගේ කටයුතු සඳහා උදව් උපකාර හිමිවේ. විශේෂයෙන් මෙම දිනවල ඔබට ඉහළ උසස් අය ඇසුරු කිරීමට අවස්ථාවන් උදාවේ.
මිථුන ලග්න හිමි ඔබට
ඔබගේ ලග්නාධිපති වූත් සතරවැන්නටත් අධිපති වූ බුධ දසවනභාවයේ නීචව ගමන් කරන මෙම කාලසීමාව තුළ රැකියා ස්ථානයේ යම් යම් වැඩ වැඩිවීම හේතුවෙන් සිතේ සහනය අඩු කරනු ඇත.
රැකියා ස්ථානයෙන් තමා ඇසුරු කරන්නාවූ අය සමඟත් සිත් අමනාපකම් ඇතිවේ. නව රැකියාවක් බලාපොරොත්තු වූ ඔබට තම සිතැඟි ඉටුකර ගැනීමේ වාසනාව හිමි වනු ඇත.
කටක ලග්න හිමි ඔබට
තුන්වැන්නටත් දොළොස්වැන්නටත් අධිපති වූ බුධ ඔබගේ පුන්‍ය ස්ථානය වූ නවවැන්නේ තැන්පත්වීම තුළින් ඔබට අහිතකර බලපෑමක් ඇති නොවනු ඇත. තමා පිළිබඳව සිතා කටයුතු කරන අතර තරමක් ආත්මාර්ථකාමී ගති පෙන්නුම් වේ. වන්දනා ගමන් කෙටි ගමන් ඇතිවන අතර ඔබට එම ගමන්වලින් යම් යම් පීඩා ඇති කරනු ඇත. සිතේ නොසතුටු ගතිද ඇති කරනු ඇත. විරුද්ධ ලිංගිකයින්ගේ ආදර සැලකිලි නොමදව ලැබෙනු ඇත.
සිංහ ලග්නයට
කුටුම්භ ස්ථානයටත් එකොළොස්වැන්නටත් අයත් වූ බුධ අටවැන්න හරහා ගෝචර වන්නාවූ මෙම වකවානුව ඔබට එතරම් ශුභදායක නොවනු ඇත. විවිධ කරදර හේතුවෙන් හිට වදදෙන කාලයක් වේ.
පවුල් ජීවිතයේද යම් යම් ප්‍රශ්න ඇතිවේ. බුධ මහදශා අතුරු දශා ගත කරන අයට රෝගාබාධ ගෙන දෙනු ඇත.
කන්‍යා ලග්නයට
ඔබගේ සහකරුට හෝ සහකාරියට පීඩා ගෙන දෙනු ඇත. හවුල් කටයුතු වලින් ද ඵල අඩුවනු ඇත. තම මතයට අනුව ක්‍රියා කිරීමද තමන් ව්‍යාපාරික කටයුතු වල නිරත වන්නාවූ අයකු නම් ව්‍යාපාර ස්ථානයේ අර්බුද ගෙන දෙන්නා වූ වකවානුවක් බැවින් ඒ පිළිබඳව අවබෝධයකින් යුක්තව කටයුතු කළ යුතුවේ.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී රේණුක වික්‍රමසිංහ
ඉතිරිය කියවන්න . . . . .
මාර්තු 25 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.
0 comments:
Post a Comment