දරු සම්පත පෙර පිනකි පිනට උපන් දරුවා හරියට හැදුවොත් එය මහා පින්කමකි
දරුවකු මෙලොවට බිහි කිරීමේ වාසනාවත් වම් පදවිය ඉසිලීමේ භාග්‍යයත් ලැබීමට උත්පත්තියේ දී පැවතියා වූ ග්‍රහයින්ගේ බල දුබලතා අනුව බලපෑම් ඇති කරන බවත් යම් හෙයකින් පවුල් ජීවිතයේ දී ස්ත්‍රියටත් පුරුෂයාටත් සැමදා දරු සුරතල් බැලීමේ වාසනාව අහිමි වේද එම හේතුව ස්ත්‍රියගේ නොහැකියාව ලෙසත් ඇයගේ අවාසනාව ලෙසත් පැවතීම වැරදි සහගත වන අතර ඇය හා විවාහයට පත් වූ පුරුෂයාගේ දරු උත්පාදනය කිරීමේ හැකියාව ද උත්පත්ති ග්‍රහබලය බලා තීරණය කළ යුතුවේ. සමහර අවස්ථාවල ස්ත්‍රීයට දරුඵල ලැබීමේ භාග්‍ය පවතින විට පුරුෂයාට දරු උත්පාදන ශක්තිය නොමැති නිසා කිසිදා දරු සුරතල් බැලීමේ වාසනාව නොමැති විය හැක. පුරුෂ කේන්ද්‍රයේ දරු උත්පාදන ශක්තිය පිහිටා ස්ත්‍රී හඳහනේ දරු උත්පාදන ශක්තිය නොමැති නම් ඔවුන්ට ද දරු සුරතල් බැලීමේ භාග්‍ය අහිමි විය හැක.
ස්ත්‍රියකගේ උත්පත්ති කේන්දරයෙහි පස්වැන්න අධිපති වූ ග්‍රහයා වද රාශි ගත වෙමින් බ්‍රහස්පති ග්‍රහයාත් වදරාශි ගත වී සිටිත්ද එම ස්ත්‍රියට දරුඵල අහිමි වනු ඇත.
එසේම පස්වැන්න අධිපති වූ ග්‍රහයා දුර්වල වෙමින් සයවන භාවයේ හෝ දොළොස්වන භාවයේ තැන්පත්ව සිටීමද දරුඵල අහිමි කරවන පිහිටීමකි. පෙර ආත්ම භවයකදී කරන ලද්දා වූ අකුසල කර්මය ඵල දීමක් ලෙස ලග්නය සෙනසුරුට අයත්වූ මකර ලග්නය වී ලග්නභාවයෙහි කිසිදු ශුභ දෘෂ්ටියකින් තොරව සිකුරු හා සඳු තැන්පත් වී වෘෂභ රාශියෙහි එනම් පස්වැන්නෙහි පාපග්‍රහයන් තැන්පත්ව සිටීම හෝ පස්වැන්නට දෘෂ්ටි එල්ල කරමින්ද පස්වැන්නට කිසිදු ශුභ ග්‍රහ දෘෂ්ටියෙන් තොර වෙයිද එසේ උපන් ස්ත්‍රිය පෙර ආත්ම භවයේ සිදුකළ පාපයක් ඵල දීමක් ලෙස එසේ ග්‍රහ යෙදුම් සහිතව උත්පත්තිය ලබා දරුවන් නොලබන තැනැත්තියක් ලෙස ජීවිතය ගෙවන බව ජ්‍යෙතිෂ පිළිගැනීමයි.
1987 ජුනි මස 19 වන දින උපන් ස්ත්‍රියත් 1985 ජනවාරි 12 දින උපන් පිරිමි අයත් විවාහ වී අදට වසර හයක් ගත වුවද තවමත් දරු සුරතල් බැලීමේ භාග්‍ය ඔවුන්ට අහිමි වී ඇත.
1987 ජුනි මස 19 වන කිවි දින උදේ 8 පසුවී විනාඩි 32ට උපන් ස්ත්‍රි අයගේ හදහන පිළිබඳව මුලින්ම විමසා බලමු.
ඇයගේ දරුඵල පිළිබඳව විමසා බැලීමේ දී පස්වැන්න වෘශ්චික රාශීයට අයත් වී ඇත. වෘශ්චික රාශිය අධිපති වූ අඟහරු 12 වැන්නේ තැන්පත්ව සිටී. ඒ මිථුන රාශියේය. මිථුන රාශිය වද රාශියක් වේ. බ්‍රහස්පති ග්‍රහයාගේ තත්ත්වය ද විමසා බැලීමේදී අඟහරුට අයත් වූ මේ රාශිය ද වද රාශියක් වේ. සත්වැන්නටත් අටවැන්නටත් අධිපති වූ සෙනසුරු වෘශ්චිකයෙහි සතුරු ව තැන්පත් ව සිටී.
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී මෙලාන් වික්‍රමසිංහ
ඉතිරිය කියවන්න . . . . .
මාර්තු 18 වෙනිදා සෙත්මිණ කලාපය ඔබගේ ලඟම වෙළෙඳ නියෝජිතයාගෙන් අදම වෙන් කරවා ගන්න.
0 comments:
Post a Comment