අප්‍රේල් මස 14 වැනිදා පස්වරු 1.47ට සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්ත වෙමින් නව වසර උදා වේ. ඒ මොහොතේදී නැඟෙනහිර ක්ෂිතිජයේ සඳු හිමි කටක ලග්නය උදා වී පවතී.
බෝසතුන් උපන් කටක ලග්නයෙන් නව වසර උදා වෙද්දී එකී ලග්නාධිපතිගේ දස වන දෘෂ්ටිය ලග්නයට එල්ල වී ලග්නය බලවත් වන්නේ ය. ඒ සමඟම ලග්නයේ ගුරු ග්‍රහයා තැන්පත් වී සිටීම තත්කාල ලග්නය තවදුරටත් බලවත් වෙයි. නව හින්දු සිංහල අවුරුදු උදාවත් සමඟ කිසියම් දෝෂයක් තිබුණත් ඒ භංග කිරීමේ බලයක් ගුරු ග්‍රහයා ලග්නයේ පිහිටීමෙන් ඇති වන්නේ ය.
රටේ නව සංවර්ධනයක් ඇරඹේ. යෝධ කර්මාන්ත ව්‍යාපෘති බිහි කර දීම පමණක් නොව සත්ත්ව පාලනයෙන් මෙන්ම කෘෂි කර්මාන්තයෙන් රට සමෘද්ධිමත් වී ජනතා පැතුම් ඉටු කර දීමට ඉවහල් වේ.
කටක ලග්නයේ යෝගකාරකයා වන කුජ විශ්ණු ස්ථානයක් වන දහ වැන්නේත් ලක්ෂ්මි ස්ථානයක් වන පස්වැන්නේත් අධිපතියා ලෙස දහවැන්නේ සිටින මොහොතේදී වසර ලබයි. යෝගකාරක කුජ එසේ බලවත්ව දිග් බලයෙන්ද යුතුව තැන්පත් ව සිටී. රවි ද බලවත්ව එහිම සිටී. මේ ග්‍රහයින් නිසා පොලිසිය හා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයා නිර්භීතව ඉහළ නැංවෙනු ඇත. ප්‍රශංසාවට ලක්වන අවස්ථා උදාකරයි. අවදානමට ලක්වූ ජීවිත බේරා ගැනීමේ වීර ක්‍රියා මීට හේතු වේ.
අවුරුදු උදාව ශුද්ධ මන්දිරයක් කරමින් 6,8,12 යන ත්‍රිකස්ථානය ශුද්ධ කර ඇත. මේ අනුව සුබ පල දෙන වර්ෂයක් වේ. 1, 4,7,10 ස්ථාන ගුරු, ශනි, සඳු සහ රවි කුජ යන ග්‍රහයින් එකිනෙකාට චතුරස්‍රව පිහිටා ඇත. මෙහිදී 8 වැන්න අධිපතියා වන සෙනසුරු තත්කාල ලග්න කුණ්ඩලියේ ශ්‍රී ලංකා භූමිය නිවේදනය සිව්වැන්නේ වක්‍ර ගමනින් ගෝචරව සිටී.
මේ බලපෑම හේතුවෙන් කාලගුණික මෙන්ම දේශගුණික විපර්යාස වීමේ පසුබිමක් නිර්මාණය කළ හැක. අප්‍රේල් 25 දා රවි ග්‍රහයා තමාගේ අති උච්ච අංශකය වන මේෂයේ අංශක දහය පසුකරනු ලබන්නේ ය. ඉන් පසු තමාගේම නීච භවනය කරා ගමන් කරන අවරෝහණ ග්‍රහයා බවට පත් වන්නේ ය.
මේ නිසා ගිනි විපත්,ජන විපත්,හදිසි අනතුරු අනපේක්ෂිත අයුරින් මතු කළ හැක.එමෙන්ම ගොඩනැගිලි ආදිය කඩා බිඳ දැමීම වැනි තත්ත්වයන් ස්වභාවික මෙන්ම මනුෂ්‍ය ක්‍රියාකරකම් නිසා ද සිදු විය හැකි ය. දේශගුණික මෙන්ම සමත් ක්‍රියාකරකම් නිසා ජනතාවගේ ධනෝපායන මාර්ග ඇහිරී යාමේ තත්ත්වයක් නිසා ජනතා අසහනයක් ඇති වීමට ද පුළුවන. තරුණ මත කැළඹිලි,උද්ඝෝෂණ,විරෝධතා ආදිය ගොඩනැගී සාමාන්‍ය ජනතාව ඒවාට මැදි වී දෛනික ජීවිතය දැඩි අපහසුතාවට ලක්විය හැක.
ජන්ම පත්රවලට අදාළව අයහපත් දශා මෙන්ම පීඩාකාරී ග්‍රහ ගෝචරයන්ට ලක්ව සිටිනේ නම් පුද්ගලික අපේක්ෂාවන් සළසා ගැනීමට තම තමන් වගබලා ගත යුතු ය. අප්‍රේල් 25 ඇරඹෙන රාහු අවරෝහණය අවසන් වන්නේ 11යි 17 දා රවි වෘශ්චික රාශි ගතවීමෙන් පසුව ය.
මේ කාල සීමාව ශ්‍රී ලංකාවට ප්‍රබල අසීරුතාවයන් ගෙන දිය හැක.එම වෙනස්වීම්වලට නම්‍යශීලී නොවුන හොත් එම අවස්ථාවලදී තර්ජන ගර්ජන බිහිසුණු ක්‍රියා මතුවිය හැක. ඒ තුළින් එම ප්‍රදේශ පුරා විරෝධතා උද්ගෝෂණ දියත් වී සාමාන්‍ය දෛනික ජන ජීවිතය අවුල් කළ හැක.
අශුභ ඒරාශ්ඨක මාරක බාධක ග්‍රහ දශා ගෙවන අයෙකුට එම ස්ථානවල ගැවසීම පවා අවදානම් වනු ඇත.මේ තත්ත්වය වටහා ගෙන තම ආරක්ෂාව තමා විසින්ම සළසා ගෙන නිහඬ වීම සුදුසු ය.
මේෂ
තම ජීවිතය අභිවෘද්ධිමත් ස්වභාවයකට පත් කර ගැනීමට අත්වැලක් බඳු වර්ෂයක් උදා වේ.නමුත් අධ්‍යාපනයට අවහිර ඇති වන බැවින් කල්පනාකාරී වන්න.අනවශ්‍ය අයුරින් ප්‍රේම සබඳතා පැවැත්වීමත් අන්තවාදී කටයුතු ආදී පරිබාහිර කටයුතු වලත් නිරත වීම නුසුදුසු ය.වැටීම් තැලීම් ආදිය ඇති විය හැකි බැවින් කල්පනාකාරී වන්න.
වෘෂභ
ජීවිතයේ බොහෝ පරිවර්තන ඇති විය හැක.රැකියා වෙනස්වීම් ස්ථාන මාරු මෙන්ම විවිධ ධනෝපාය මාර්ග කෙරෙහි සිත ඇදී යාම ද පවතී.බොහෝ විට ප්‍රේම සම්බන්ධතා පවා වෙනස් වීම් වලට ලක්වීමේ ප්රවනතාවයක් ඇත.අභියෝග රැසකට මුහුණ දුන්න ද දැඩි උත්සාහයෙන් සියලු කටයුතු ඉටුකරගත හැකි වර්ෂයක් ද වනු ඇත. හදිසි කරදර සිදු විය හැක. පාර මාරු වීමේදී පරිස්සම් වන්න.
මිථුන
හිරිහැර මගහැරී යයි. ප්‍රබල සතුරු පීඩා සමනය වීම ආරම්භ වෙයි. සතුරු බලවේග පරාජය වෙයි. පසුබට නොවී නොබියව ඔබගේ සුපුරුදු දෛනික කටයුතුවල යෙදීමට මානසිකත්වය සකසා ගත යුතුය. එහෙත් ශාරීරික වශයෙන් ආහාර අරුචිය මත ආමාශ ගත පීඩා මතු කළ හැක. නිතර සුළු ආහාර වර්ග ගනිමින් ශාරීරික සමතුලිතතාවය රැක ගැනීමට සිතට ගන්න.
කටක
සුබ පල ලබන වර්ෂයකි. රැකියාවක නියුතු නම් වැය පක්ෂය අඩු වීම නිසා හෝ ඔබගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ ක්‍රමයක් ඇති වේ. ව්‍යාපාරිකයෙකු නම් අලෙවිය වැඩි කර ගැනීමට පසුබිම සැකසේ. වන්දනා ගමන්, පවුලේ උත්සව ආදියට සහභාගී වීමට සිදු විය හැක. මානසික සමබරතාවය රැක ගත හැකි අතර තෙහෙට්ටුව මත ඇති විය හැකි ශාරීරික අපහසුතා පිළිබඳ කල්පනාකාරී විය යුතුය.
සිංහ
මහළු අයෙකුගෙන් යමක් ලැබෙනු ඇත. සුළු දෙයක් වුවද එය මතු ජීවිතයටම වැදගත් වන ස්ථිරසාර දෙයකි. ඔබ කිසියම් කර්මාන්තයක් පවත්වාගෙන යන්නේ නම් ඊට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර, උපකරණ ආදිය නිතැතින් ලැබෙනු ඇත. ඔබේ වාහනයට අමතර කොටසක් සොයා ගැනීමට නොහැකි වූයේ නම් එයද පහසුවෙන්ම සොයා ගත හැකි කාලයකි. සුළු උත්සාහයක් දරා බලන්න.
කන්‍යා
මැයි මාසයෙන් පසු ඔබේ දෛව ග්‍රහ බලය ඉස්මතු වනු ඇත. පසුගිය කාලයේ තිබූ සතුරු බලවේග ක්‍රමයෙන් දුර්වලව යයි. නමුත් යටි බඩේ උකුල් ඇට ප්‍රදේශවල තරමක් පීඩා තත්ත්වයක් මතු කළ හැක. පරිස්සම් වන්න.
තුලා
ඔබ ගුරුවරයෙක් නම් සිසුන් ඉගැන්වීම කෙරෙහි ප්රසන්නතාවයක් දක්වනු ඇත. උපකාරක පන්තිවලින් ආදායම් වර්ධනය කර ගත හැකි කාලයකි. ග්රන්ථකරණයට යහපත් වේ. දියඇලි, ගංගා ආදියේ ගිලී නෑම අනතුරුදායකය. අනාරක්ෂිත ඔරු පාරු ඒදඬු ආදිය ද භාවිතයට සුදුසු නැත.
වෘශ්චික
විශේෂ දියුණුවක් අත්කර ගත හැක. නිවාස ඉඩකඩම් දේපල මිලදී ගැනීමෙන් ලාබ අත්කර ගත හැකි වසරකි. අඩුවට ඉඩම් කට්ටි මිලදී ගෙන සුළු සංවර්ධනයක් සිදු කර විකිණීමේ ව්‍යාපාරයකින් ලාබ ලැබිය හැක. තමා සන්තක දේ උරුම හිමිකම් ආරක්ෂා කර ගැනීමට විශේෂ උත්සාහයක් දැරිය යුතු වෙයි.
ධනු
කරගෙන ආ බොහෝ කටයුතු වෙනස් කර දැමීමට සිදු වන බව පෙනේ. කොන්ත්‍රාත් කටයුතුවලට අතගැසීම සුබය. පොලු මුගුරු ගෙන පුද්ගලයන් බහින් බස් වන ස්ථානවල ගැවසීම නුසුදුසු ය. කෙසේ වෙතත් කරන කටයුතුවල හෝ ස්ථානවල මාරුවක් මේ වසරේ පෙන්වයි.
මකර
තම විවේකය හා නිදහස භුක්ති විඳිමින් රැකියාවේ නිරත වීමට බාධා එල්ල විය හැක. නමුත් තම ජීවිතය පරදුවට තබා අනුන්ගේ ජීවිත ආරක්ෂාවට කිසියම් ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ හැක. මෙයින් සුවිශේෂී ප්‍රසාදයක් හිමි වනු ඇත. කාලත්‍රයා සමඟ බහින් බස් වීමෙන් ඔහු ඔබ හැර දා යාමට ද ඉඩ ඇත.
කුම්භ
රැකී රක්ෂා බලාපොරොත්තු වූයේ නම් ඒ සඳහා කැඳවීම් ලැබෙනු ඇත. රැකියාවක නියුතු වුවද අමතර රැකියාවකට පත්වීමට ඉඩ තිබේ. මිතුරු මිතුරියන් ඇසුරු කිරීමේදී කීර්ති නාමය පළුදු වන නොමනා හැසිරීම් විය හැකි බැවින් කල්පනාකාරී වන්න. ප්‍රබල චිත්ත පීඩාවකට තුඩු දෙන කේලාම් ඕපදූප චෝදනාවක් ද එල්ල විය හැක. දෛනික කටයුතුවලදී නිරන්තරයෙන් පරිස්සම් වන්න.
මීන
තරග විභාග ආදියට ඉදිරිපත් වන්නේ නම් විශිෂ්ට සාමාර්ථ ලබා ගත හැකි අතර එයින් ජීවන ගමනේ යම් පරිවර්තනයක් ද උදා කර ගත හැකි වේ. ස්ත්‍රී පක්ෂය සමඟ විවිධ හැලහැප්පීම් වීමට ඉඩ ඇති බැවින් ගනුදෙනුවලදී පරිස්සම් වන්න. කය වෙහෙසා වැඩ කිරීමට සිදු විය හැක. ශාරීරික තෙහෙට්ටුවට මුහුණ දීමේ අවධානමක් ද පවතී. පපුවේ සෙම තදවීම මුල්කරගෙන අපහසුතා ගෙනදිය හැක. ආහාරපාන ස්නානය ආදී ඇවතුම් පැවතුම් ආදියේදී පරිස්සම් වන්න.
අක්මීමණ තලගහ විශ්වකීර්ති ඡ්‍යොතිෂ විද්‍යා පණ්ඩිත ශිරෝමනී සුරා ශ්‍රී ගුණවර්ධන
For those who want to explore desk video games as much as slots, Mr Green is an efficient match. The on line casino 카지노사이트 gaming selection could be very numerous, and contains a lot of digital card and desk games properly as|in addition to} reside on line casino. The character of Mr Green takes you through the site, offering a visible hook and a way of character – although we feel they could have gone a bit overboard with the backstory. On May 26, 1978, when Resorts International on line casino opened for business.
ReplyDeleteIn horizontal milling, the slicing software is mounted horizontally, both instantly on the spindle or on an arbor. Milling operations include aircraft or surface milling, endmilling, facemilling, angle milling, type milling and profiling. Modern CNC machine tools use a CNC program to sequentially take away raw supplies from the workpiece, which is programmed to Cable Knit Sweater Dress guide the machining process. It’s difficult to tell, but it is potential that the way forward for} CNC is already here.
ReplyDelete