නොනගත කාලේ මෙහෙමයි රාළේ
2015 අප්‍රේල් 14 වන කුජ දින සවස 1.47ට සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ උදාවන අලුත් අවුරුද්දේ ලබන නොනගත කාලය හෙවත් පුණ්‍ය කාලය පිළිබඳව විමසා බලමු. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරන්නා වූ සවස1.47 වේලාවට පෙර පැය 6ක් හා විනාඩි 24ක කාලය පුණ්‍ය කාලය වෙයි. ඒ අනුව 2015 අප්‍රේල් 14 වන කුජ දින උදේ 7.23ට පුර්ණ පුණ්‍ය කාලය ආරම්භ වී සවස 1.47 දක්වා පවතී.
සවස 1.47න් පසුව යෙදෙන පැය 6ක් හා විනාඩි 24ක කාලය අපර පුණ්‍ය කාලයට අයත් වේ. මෙහිදී අපර පුණ්‍ය කාලයේ අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමේ නැකැත් උදාවන අතර පුණ්‍ය කාලය තුළදී වැඩ කටයුතු වලින් ඉවත් වී සිටීම සිදු කරයි. ගේ දොර කටයුතු රැකී රක්ෂා කටයුතු ආදී දහසකුත් වැඩපල වල නිරත වීමෙන් අනතුරුව විවේකීව ගත කිරීම සිදු කරන්නා වූ කාලය "පුණ්‍ය කාලයට" අයත් වේ. පවුලේ සියලු දෙනා සමඟ ආගමික සිද්ධස්ථාන වෙත ගොස් තෙරුවන් වැඳ ආශීර්වාදය ලබා ගැනීමත් ස්වාමීන් වහන්සේගෙන් ධර්මය ඇසීමත් අනතුරුව පන්සලේ දී හමුවන හිතමිතුරන් මෙන්ම තමන් සමඟ අමනාප ව ූඅය සමඟ හිතවත්කම් අලුත් කරගැනීමත් පුණ්‍ය කාල අවධිය භාවිතා කරයි.
නොනගත කාලයේදී ඔබත් බෝධීන් වහන්සේට සමන්පිච්ච මල් පූජා කර පහන් දල්වා පහත ගාථාව සජ්ජායනා කර ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගන්න.
"සහාවස්ස දස්ස න සම්පදාය
තයස්සු ධම්මා ජහිතා භවන්ති
සක්කාය දිට්ඨි විචිකිච්ඡිතඤ්චි
සීලබ්බතංවා පි යදත්ථකිඤ්චි
චතු හපායේච විප්පමුත්තෝ
ඡචාභි ධානානි අභඛබ්බෝ කාතුං
ඉදම්පි සංඝෝ රතනං පණීතං
ඒතේන සච්ඡේන සුවත්ථී හෝතු
කිඤ්චාපිසෝ කම්මං කරෝතිපාපකං
කායේන වාචා උදචේනසාවා
අභබ්බෝ සෝ තස්ස පටිච්ඡාදාය
අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා
ඉදම්පි සංඝෝ ැතනං පණීතං
ඒතේන සච්චේන සුවත්තථහෝතු"
ජ්‍යොතිෂවේදී මෙලාන්
උදාවන නව වසරේ ජය ග්‍රහණය ළඟා කර ගැනීම සඳහා වැඩ දායක වන පන්ථා චක්‍රය ඔබ වෙත ඉදිරිපත් කිරීමට අදහස් කරමි. මෙම පන්ථා චක්‍රය රවි -සඳු ග්‍රහයින් දෙදෙනා ප්‍රධාන කොට සැකසි ඇත. නැකැත් 27 ධර්ම අර්ථ, කාම මෝක්ෂ වශයෙන් වශයෙන් කොටස් හතරකට බෙදෙන අතර , ඒ අනුව ප්‍රතිඵල ප්‍රකාශිත වනු ඇත.
අස්විද - පුෂ- අස්ලිස -විසා- අනුර දෙනට සියාවස නැකැත් ධර්ම මාර්ගයටද,
නැති - අද -පුවපල් - සිත- මුල- අභිජිත් -උත්‍ර පුටුප නැකැත් කාම මාර්ගයටද.
රෙහෙණ- මුවසිරිස- උත්‍රපල් - හත- පුවසල උත්‍රසල -රේවති නැකැත් මෝක්ෂ මාර්ගයටද අයත් වනු ඇත.
රවි ග්‍රහයා ධර්ම මාර්ගයෙහිද, සඳු ග්‍රහයා අර්ථ මාර්ගයෙහිද ඇති කළ කායර්ය හානිය හා සතුරු විපත් ඇති කිරිමට ඉවහල් වන බව සඳහන් වෙයි.
හිරු ධර්ම මාර්ගයෙහි හා සඳු ග්‍රහයා ධර්ම මාර්ගයෙහි ඇති කළ කාර්ය හැකිය, නැසීම හා විනාශය සිදුවනු ඇත.
හිරු ධර්ම මාර්ගයෙහි හා සඳු කාම මාර්ගයෙහි වුයේ නම් සතුරු බිය ගෙන දීමද .අවුල් - වියවුල් කල කෝලාහල ආදිය සිදුවීමද ඇති කෙරෙණු ඇත.
හිරු ධර්ම මාර්ගයෙහිද , සඳු ග්‍රහයා ධර්ම මාර්ගයෙහිද සිටිකල කාර්ය සිද්ධියට ඉවහල් වනු ඇත. හස්ති ලාබයද සිදුවේම හිරු - සඳු දෙදෙනාම අර්ථ මාර්ගයෙහි සිටි කල කාර්ය සිද්ධියට ඉවහල් වන අතර කාර්ය හානිය සම්බන්ධයෙන්ද බල පැවැත්මක් ඇති කිරීමටද ඉවහල් වනු ඇත.
හිරු අර්ථ මාර්ගයෙහි ද සඳු කාම මාර්ගයෙහිද වේනම් සියලු කාර්ය සාධනයට ඉවහල් වන අතර ජය සතුට ඇති කෙරෙණු ඇත.
හිරු අර්ථ මාර්ගයෙහි ද, සඳු මෝක්ෂ මාර්ගයෙහිද සිටිකළ සතුට -සැපත . කර්ය සාධනය නිසැක වශයෙන්ම ඇති වන්නේය. හිරු කාම මාර්ගයෙහිද සඳු ධර්ම මාර්ගයෙහිද සිටියේ නම් ඇත් අස් ආදී සම්පත් ලැබීමද රාජ්‍ය සම්මාන පවා හිමි වීමටද කාර්ය සිද්ධියටද අතිශයින්ම ඉවහල් වනු ඇත.
හිරු කාම මාර්ගයෙහි ද , සඳු අර්ථ මාර්ගයෙහිද සිටියේ නම් සියල්ල නැසීම හා බිදීම වන්නේ යැයි. ආචාර්ය මතය වේ.
හිරු කාම මාර්ගයෙහිද සඳු කාම මාර්ගයෙහි ද වේ නම් දරුණු වු විග්‍රහද කාර්ය හානිය ද වනු ඇත.
හිරු කාම මාර්ගයෙහි ද සඳු මෝක්ෂ මාර්ගයෙහිද සිටියේ නම් රාජ්‍ය තනතුරු ලාබ රන් රිදී -මුතු මැණික් සම්පත් ලාබ ඇති වීමට හා කාර්ය සාධනයට ඉවහල් වනු ඇත.
හිරු මෝක්ෂ මාර්ගයෙහිද , සඳු ධර්ම මාර්ගයෙහි ද සිටියේ නම් රන් .රිදී , මුතු ,මැණික් ආදි ඛණිජ සම්පත් ලාබද කාර්ය සිද්ධියද ඇති කරන බව දන යුතුය.
හිරු මෝක්ෂ මාර්ගයෙහිද, සඳු අර්ථ මාර්ගයෙහි ද සිටිකළ කාර්ය හානිය හා සතුරු බල පෑම් එල්ල වීම , රාජ උදහනසට ලක්වීමටද හේත්වනු ඇත.
හිරු මෝක්ෂ මාර්ගයෙහි හා සඳු කාම මාර්ගයෙහිද සිටියේ නම් කාර්ය සිද්ධිය ඇති කරයි. ජය ග්‍රහණයට ඉවහල් වනු ඇත.
හිරු සඳු දෙදෙනාම මෝක්ෂ මාර්ගයෙහි සිටිකල දරුණු කරදර ව්‍යාසනයන්ට බැඳුන් වීමටද කාර්ය හානියද සිදුවනු ඇත. මේ අනුව සැළකිමේදී හිරු සිටි නැකත අනුව හා සඳු සිටි නැකත අනුව නැකැත් දෙක කුමන කොටසකට අයත් දැයි සලකා බලා ඉහත දැක්වු ප්‍රතිපල සමඟ සසඳා ගත යුතුවේ.
උදාහරණයක් වශයෙන් ගත හොත් ක්‍රි. ව 2015 අප්‍රියෙල් 14 දිනට හිරු ග්‍රහයා රේවතී නැකතෙහිද සඳු ග්‍රහයා දෙනට නැකතෙහි ද වේ එම නිසා හිරු මෝක්ෂ මාර්ග යෙහිද සඳු ධර්ම මාර්ගයෙහි ද වේ. මේ අනුව
රන් -රිදී මුතු මැණික් ආදී ඛණිජ සම්පත් ලාබද කාර්ය සිද්ධියද ඇති කෙරෙන බව දන යුතුය. රෙහෙණ මුවසිරිස- උත්‍රපල්- හත පුවසල -රේවති නැකැත් හිමි අයට විශේෂයි.
මේ ක්‍රමයෙන් යහපත් සඳහා රවි - සඳු දෙදෙනා ශුභ මාර්ගවල සිටින දිනයත් දැන ගමන් -බිමන් යාම ආදී සියලු ශුභ කටයුතු වල යෙදීමෙන් උදාවන නව වසර වාසනාවන්ත එකක් කර ගැනුමට හැකිවනු ඇත. ඔබ සැමට ශුභ නව වසරක් උදාවේවා.
ජ්‍යොතිර්විද්‍යා කොස්ගොඩ ජේ.පී. ද සොයිසා
0 comments:
Post a Comment