ඇස්වහ,කටවහ, අඬෝවැඩියා සහ සිත් සංකා දෝෂ යනු කුමක් දැයි ඉකුත් සතියේ දී
'සෙත්මිණ 'ඔබට කියා දුන්නා මතක ඇතැයි සිතමු.
මේ දෝෂවලට ලක් වූ විට පුද්ගලයා විවිධ අයුරින් ක්‍රියා කරයි.රෝගී ස්වභාවයකට ලක්වෙයි.මේ දෝෂයන්ට ලක් වූවන් ක්‍රියා කරන ආකාරය මුලින් හඳුනා ගනිමු.ඊළඟට එවැනි අය සුවකර ගන්නේ කෙසේදැයි ඉගෙන ගනිමු.
මේ දෝෂ වැළඳුළණු විට ශරීරය උදාසීන වේ.මලානික භාවයට පත් වේ.කිසිදු කාර්යයක් කිරීමට සිත නොදේ.කොටින්ම උදේට දත් මැද කොණ්ඩය පීරා පිරිසිදු ඇඳුමක් අඳින්නට වත් සිත් නොදේ.වැලහින්නක් සේ නිදිමත ගතියෙන් බලා ගත් අත බලාගෙන දවස ගෙවයි. තුන්දොස් කෝපවීම නිසා ශරීරය නිතරම ලෙඩ ගතියෙන් යුක්ත වේ. කුඩා දරුවෙක් නම් ඇඟ පුරා හීන් බිබිලි මතු වී කසන්නට පටන් ගනී.කෑම අරුචිය ඇතිවේ.නිතර වැටීම කැසීම ඇතිවේ.පෙර තිබූ කෙළිලොල් ගතිය නැතිවී ගොස් මලානික ගතියෙන් පසුවේ . නිතරම හටගන්නා හීන් උණකින් පෙළේ. දරුවෙක් නම් මවගේ අතේ ම නිතරම ඉන්නට බලයි.බිමට බැස ක්‍රීඩා කිරීමට නොයයි.කෑම අප්පිරියාව නිසා දරුවා කෘෂ වේ. හුඹහෙන් ඇදලා ගත් තලගොයා මෙන් යැයි කියන්නේ මෙවිට ය.
අඬෝවැඩියා හා සිත් සංකා දෝෂවලට මීට වඩා වෙනස් ගති ද ඇති වේ.ඉහත කී ලක්ෂණ ඇති නොවෙනවාමත් නොවේ.මීට අමතරව එම දෝෂයට ලක් වූ අවස්ථාව අනුව රෝග ලක්ෂණ පහළ වේ.උදාහරණ වශයෙන් දරුවා යමක් කන බොන අවස්ථාවක මෙයට ලක් වූයේ නම් ඉන් පසු එවැනි දෑ කෑම බීම අප්‍රිය කරයි .හොඳින් ඇඳ පැළඳ සිටි වේලාවක් වූයේ නම් ,ලොකු කුඩා භේදයකින් තොරව නැවත එසේ ඇඳ පැළඳීමට ප්‍රිය නොකරයි.යන ගමනේ ද කාර්ය සිද්ධියක් ඇති නොවේ.කොහොම ඇන්දත් පැළැන්දත් කල එළියක් නැත.ආභරණ ආදිය සොර සතුරු උපද්‍රවයන්ට ලක් වේ.මෙහි ඇති විශේෂය නම් ඒවාට වෙච්ච දෙයක් නැත. කෙසේ,කුමක් වී දැයි නොවැටහේ.යන එන ගමන බිමන ද අගතියකින් අවසන් වේ. ගෙදර දොරේ සාමය, ප්‍රීතිය ද අතුරුදන් වේ.නොරිස්සුම් ,නොලැබීම්,ගහනය.
සිටින්නන් වාලේ ඉන්නවා මිස ජීවිතයේ සහනයක් ප්‍රීතියක් නැත.මෙයින් සිත් සංකා දෝෂය අත්හැරීමට අමාරු ය.මේ සියල්ලම වාගේ තමන්ට පැමිණේ.ජීවිතය අතෘප්තිකර ය.කලකිරීමෙන් සිටියි.ජීවිතය නැවතුනා වැනි හැඟීමකි.මේවා යාග හෝම වලින් සුවකරගත නොහැක.එසේ නම් කුමක් කළ යුතු ද?
ඇතැම් විට මේ දෝෂ පහසුවෙන් මඟහැර ගන්නට හැකි වෙයි.එහෙත් කාලයක් බලපැවැත්වුනොත් සුවකර ගැනීමට නොහැකි වෙයි.මෙහිදී මතක තබා ගත යුතු වන්නේ හැමෝගේම බැල්මෙන් කතාවෙන් මෙය සිදුනොවන බවයි.උදාහරණ ලෙස දරුවකුගේ ක්‍රියා කලාපය ගැන මවුකෙනෙක් හෝ වෙනත් කෙනෙක් ආදරෙන් යුතුව බලා සිටීම මෙසේ දෝෂ ඇති නොවන අවස්ථාවකි.මේ දෝෂ ඇතිවන්නේ පෙර කී ගති ලක්ෂණ ඇති අයගෙන් පමණි.මිනිසුන්ට සතුන්ට මෙන්ම භාණ්ඩ වලටද මේ තත්ත්වය බලපායි.ගසකට මේ ගසේ කොළ ගාණට ගෙඩි කියා කීම ගෙඩි පසුදාම වැටී යන්නට හෝ අතු කඩා වැටීමට හේතු වන අවස්ථා ඇත.
තවත් කරුණක් කියමි.කාලයකට පෙර මට හුරුබුහුටි පෑනක් තෑගි ලැබී තිබිණි.අයෙක් එය අතට ගෙන මාර පෑනක්නෙ කොහෙන් ද ලැබුණෙ.යැයි කීවේ ය.පහුවෙනි දා සිට එහි තීන්ත අතේ හැම තැනම ගෑවෙන්නට විය.මට ලිවීම අප්‍රිය විය.පෑන ඉවත ලූවෙමි.කටවහේ තරම මෙයින් පෙනේ.මෙය නැතිකර ගැනීමේ මාර්ග කිහිපයකි.ඒ මෙසේය.
*තමාට අවිශ්වාස අයෙක් නම් ඔහුගේ කීම අල්ලන්නේ නැත්නම් එසේ කියූ ගමන් තුඃ,තුඃ කියා තුන් වරක් තුන් පැත්තට කෙළ ගසන්න.මේ දෝෂය මඳ වශයෙන් ආවත් එසැනින් දුරු වේ.මෙය අපහසු නම් විහිලුවක් සේ එසේ කිරීම උචිත ය.
ඇස්වහ පැමිණි බව දන්නේ නම් ඒ විගසම වහාම කතා නොකර ලිපේ අළු ටිකක් ගෙන මූණේ තවරා ගන්න.ලිපක් නොමැති නම් වළඳක දැලි ටිකක් ගෙන හෝ තවරා ගන්න.පිට තැනකදි එසේ වූයේ නම් ගෙදර ආ විගස ඇඳුම් පැළඳුම් ගැලවීමට ද පෙර එසේ කළ යුතුය.පසුව සෝදා හැරිය යුතුය.එවිට දෝෂ මඟ හැරේ.
පළතුරු ගසකට දොස් වූයේ නම් ඒ ගසේ මඳක් හෝ පළුදු වූ නරක් වූ ගෙඩි කඩා දෙකට පලා ඒ ගස අවට අන්‍යයන් ට හොඳින් පෙනෙන පරිදි විසුරුවා හැරිය යුතු ය.ඒ පුද්ගලයා ඉදිරියේ කළ නොහැකි නම් ඔහු පිටත්ව ගිය විගස පමා නොකර මෙය කළ යුතු ය.ඒ උවදුර ඉන් බැහැර වේ.
*ඇස්වහ දෝෂය වැදී කුඩා බිබිලි ද දමා ඇති දරුවකුට නම් වතුර කළයකින් නෑවීම කළ යුතු ය.මෙය නම් ඒ ශාස්ත්‍රය දන්නා අයෙකුම කළ යුතු ය. ඉරිදා දිනයක (අනෙක් දිනද නරක නැත.)අළුයම කපුටා නාද කරන්නට කලින් වතුර කළයක් ගෙන එයට ඇටෑටි පස් වර්ගය,කපු ඇට කොළ නවයකට නොඅඩු නිරෝගී දෙහි අත්තක් ද දමා කඩවැස්ම බැඳ මතුරන අය වෙත ගෙන යා යුතු ය.මෙය කතා නොකර කළ යුතු ය.ගෙන ගොස් දීමෙන් පසු ද කතා නොකර සිටින්න.ඇදුරා ද කතා නොකර එය ගෙන සුදුසු මන්ත්‍රයකින් මැතිරිය යුතු ය. (මේ පිළිබඳ කලින් කතාකරගෙන කළ යුතු වන්නේ ය.) ඊට පසු එය නැවත ඉල්ලාගෙන පැමිණ (මේ සඳහා ඇඳුරාට සුදුසු පඬුරක් දිය යුතුය.) ඉර පෑයූ පසු කිරි ගසක් මුලට දරුවා රැගෙන ගොස් ඇඳුම් ඉවත් කර (නාන ඇඳුමක් තිබුණාට කමක් නැත) පළමුව එම වතුර මඳක් බොන්න සලස්වන්න.
ඊට පසු වතුර කලයෙන් දෙහි අත්තෙන් එය රැගෙන ඇඟ පිසදා කිරි ගසට තෙවරක් තට්ටු කළ යුතු ය. මෙසේ තෙවරක් කළ යුතු ය. පසුව වතුර ටිකක් ගෙන ඇඟ පිසදාන්න. ජලය පිසදාන්නේ නැතිව ඇඟේ රශ්මියට වේලෙන්නට ඉඩ හැරිය යුතු ය. නැවත ඉර බහින වේලාවට කතා නොකර එසේ කළ යුතු ය. නැවත පහුවෙනිදා උදේටද කළ යුතු ය. කතා නොකර,හැබැයි දෙවන තුන්වන වාරයන්හි ජලය පෙවීම නොකළ යුතු ය. තුන්වන වර කලයේ ඉතිරිවූ මුලු ජලයෙන්ම දරුවා නහවා, ඉතිරිවූ හිස් කලය දරුවා අතට දී අර කිරි ගසේ ගසා බිඳින්නට සැලැස්විය යුතු ය. පුදුමය වනුයේ පැය දෙ තුනක් යනකොට සියලු කැලැල් ඉතිරි නොකර බිබිලි බැස ගොස් දරුවා සම්පූර්ණයෙන්ම නිරෝගි වීමයි.
(ඉතිරි කොටස ලබන සතියේ)
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කලා භූෂණ ජ්‍යොතිෂ විද්‍යාරත්න
රාජ්‍ය සම්මානලාභී
මීපේ ගණිතගේ චන්ද්‍ර භාරතී

0 comments:
Post a Comment