728x90 AdSpace

  • නවතම පුවත්

    2015-04-01

    ඔබට මතකද මාතාහරී දෙපැත්තකට ඔත්තු දී වෙඩි පහරකින් මිය ගියාය

    ලොව කැලඹූ ඔත්තුකාරිය ක්‍රිෂ්ණ මූර්ති පද්ධතියට පෙනෙන හැටි


    ඈ වෘත්තියට හා ඔත්තු සේවාවට පිටිවහලක් ලෙස කාමුක බව යොදා ගත් තැනැත්තියකි. ප්‍රභූවරු, දේශපාලඥයෝ්, ධනකුවේරයෝ මෙන්ම ආරක්ෂක අංශ නිලධාරීහු ද ඇගේ ඇසුරට එක්ව සිටියහ. ගුරුගේ නැකතක සිකුරු මිථූනයේ තැන්පත්වීම මේ විවිධ පුද්ගල ඇසුර, අපචාර බව මෙන්ම රහස්‍ය බව පෙන්වයි. අටවැන්නෙන් හා දොළොස්වැන්නෙන් ඒ බව පැහැදිලිව පෙන්නුම් කෙරේ.

    දහනව වැනි සියවසේ එනම් 1876 අගෝස්තු මස හත් වැනි දින නෙදර්ලන්තයේ දී උපත ලැබූ 'මාතාහරී' නමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ඈ තුලා ලග්නයෙන් මෙලොව එළිය දුටුවා ය. දෙවැනි ලෝක යුද සමයේ මිත්‍ර පක්ෂයට විරුද්ධව ජර්මනියට ඔත්තු සැපයූ බවට චෝදනා ලැබූ මේ කාන්තාවට මරණ දඬුවම හිමි විය.
    අතිශයින්ම රූමත් ඇය වඩාත් ප්‍රකට වූයේ වේදිකාවේ රඟ දැක්වූ නාට්‍යංගනාවක් ලෙසිනි.
    ආකර්ෂණීය ගුණය, අධික රාගී බැල්ම,ඇය ඔත්තු සේවා සඳහා යොදා ගැනීමට හේතු වූවා විය හැක.

    ඇය රාහුගේ මහ දසාව වර්ෂ එකයි මාස දෙකක් ඉදිරියට තිබියදී තුලා ලග්නයෙන් උපත ලැබුවා ය.
    තාරුණ්‍යයේ මුල්ම අවදිය වයස අවුරුදු දහනවයේ දී ඇගේ විවාහය වුවද එය අසාර්ථක වන්නට වැඩි කලක් ගියේ නැත.
    අසාමාන්‍ය ලෙස දක්ෂතා ඇති නාටිකාංගනාවක් (Exotic dancer) ලෙස ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කළ ඈ සර්කස් කණ්ඩායමක අශ්වයන් පිට නැඟී විස්කම් පාන්නියක් ලෙසද කටයුතු කළාය. මේ සියල්ල "සිකුරා"ගෙන් පෙන්වූ දේවල් ය.

    සමස්තයක් ලෙස මේ කේන්දරයෙන් දැක්වෙන කරුණක් වන්නේ රාහුගේ නැකැත්වලත් උපස්ථානවලත් නවයේ බුධගේ නැකැත්වල හා උපස්ථානවලත් ග්‍රහයන් ගණනාවක් සිටින බව ය.
    රාහුගෙන් ඔත්තු සේවාව පිළබඳ කියැ වේ. නව වැන්නෙන් සහ බුධගෙන් විදෙස් තොරතුරු රැස්කිරීම පෙන්වයි. මෙහි දහයේ උපපති රාහු, කුජ නිවේදක ගුරුගේ නැකතේත් අටවැන්නේ සිටින ශුක්‍රගේ උපස්ථානයේත් තැන්පත්ව ඇත.

    අටවැන්නේ සිටින ශුක්‍රගෙන් දක්ෂතාවයට අමතරව විචිත්‍රත්වය මෙන්ම නැටුම්වල අසංවර බව පෙන්වයි. රාහුට තුන, පහ අධිපති ගුරුගෙන් ත්‍රිකෝණයක් පිහිටයි. නවයේ සිටින කුජගෙන් අංශක 14.7ක දෘෂ්ටියක් වැටේ. විදේශීය කේන්දරවල භාව විසිර යාමේ විෂමතා පෘථුලව පවතී. මෙහිදී ශුත්‍ර එක, දොළහ හා අට අධිපතියා ය. කුජගෙන් සර්කස් පිළිබඳ පෙන්නුම් කරයි. දොළොස්වැන්න හා ගුරු අශ්වයන් පිට යෑම අශ්වයන් පදින්නියක බව පෙන්වයි. ගුරු පිහිටා ඇත්තේ ද කුජගේ රාශියක ය. රාහු ද ශනිගේ රාශියක සිටී. මෙමඟින් වෘත්තියේ ඇති අනතුරුදායක බව පෙන්නුම් කරයි.

    ලග්නයේ අධිපති මෙන්ම දොළහ හා අට අධිපතියා ශුක්‍ර ය. ලග්නයේ උප අධිපතියා ගුරු ය. දෙවන රාශියේ හා පළමු භාවයෙන් එම ගුරු පිහිටා ඇත. ගුරු තමාගේම නැකතේත් නවයේ තැන්පත් කුජගේ උපස්ථානයේත් සිටින බව මනාව පැහැදිලි ය.

    ගුරුගේ මේ පිහිටීම අනුව රාශි බලයක් ඉස්මතු වෙයි. ජන්මියාගේ අධිෂ්ඨාන පූර්වක බව, මුරණ්ඩුකම, රහස් රැකීම, ආත්මශක්තියමෙන්ම නිසි වෙලාවට වෙහෙස නොබලා ශාරීරික ක්‍රියාවලියන්හි පවා යෙදීම මෙමඟින් පෙන්වයි. අනතුරුදායක කටයුතු භාරගැනීම, රාගික බව මේ රාශීයේ ලක්ෂණයකි. මාතාහරිට ලක්ෂණ නො අඩුව තිබිණි.

    උපස්ථානාධිපති භය, හත හා දෙක භාව අධිපතියා වෙමින් අභියෝගාත්මක අනතුරුදායක කටයුතුවලට නැඹුරුවන ලක්ෂණ ඇතිකරවයි.
    මේ කේන්දරයේ කුජ හා රවිගෙන්ද ගුරු චතුරශ්‍රයක් ලබයි. ඒ අනුව ඈට කේන්දරයෙන් හිමි ලක්ෂණ තීව්‍ර කරයි. දොළොස් වැන්නන් ඔත්තු සේවාවන් පෙන්වන අතර ඊට තෙවැන්න එක්වීමෙන් තොරතුරු මුදා හැරීම පෙන්වයි. රක්ෂිත බන්ධනාගාර ගතවීම, සිරගතවීම ආදී නීතිමය බලපෑම්, තුන, දොළහ, අට,හය භාවවලින් පෙන්නුම් කෙරේ.

    දොළහ, අට උත්පති බුධ ය. මෙහි එකොළහ අධිපති වන බුධ බාධක ග්‍රහයා ලෙස ද පෙනී සිටී. අන්තරාදායික ක්‍රියාදාමය පෙන්නුම් කෙරෙන ආකාරය බුධ නවයේ අධිපතිව සිටිමින් තමාගේම නැකතේත් සිවුවැන්නේ සිටින රාහුගේ උපස්ථානයේත් තැන්පත්ව පෙන්නුම් කෙරේ. බුධ, දෙක, හය, හත අධිපති කුජ සමඟ යෝගව සිටිමින් දොළොස්වන භාව ස්ථු‍ටයට දෘෂ්ටි හෙළයි. තුන අධිපති ගුරුගෙන් ද බුධට දෘෂ්ටියක් ඇත. විදේශීය ඔත්තු සේවාවක නිරත වීම මේ භාවය හා ග්‍රහ සංයෝගවලින් මොනවට පැහැදිලි වෙයි.
    ශුක්‍රගේ භූමිකාව ද ඉතා ප්‍රබල ය. මෙහි පස්වැන්නේ උප අධිපතියා ශුක්‍ර ය. පස්වන භාවය ඇත්තේ හයවන රාශිය වන මීනයේ ය. බහු විධ රාශියක් වන මිථුනයේ ශුක්‍ර තැන්පත්ව සිටී. ශුක්‍රගේ භාවය 08යි. මේ කේන්දරයේ එක,අට හා දොළහ අධිපතියා ශුක්‍ර ය. ශුක්‍ර අංශක 60 දෘෂ්ටියෙන් හත්වැන්න දකී. පූර්ණ දෘෂ්ටියෙන් තුන්වැන්න දකී. ශුක්‍ර තැන්පත්ව ඇත්තේ ගුරුගේ නැකතේත් ශනිගේ උපස්ථානයේත් ය. අධික කාමුක බව, අපචාරාත්මක බව මේ අනුව විදහාමාන වෙයි. නැටුමටත් රඟ දැක්වීමටත් ඇති දක්ෂ බව ද මෙහිදී පෙනේ.

    ඈ වෘත්තියට හා ඔත්තු සේවාවට පිටිවහලක් ලෙස කාමුක බව යොදා ගත් තැනැත්තියකි. ප්‍රභූවරු, දේශපාලඥයන්, ධනකුවේරයන් මෙන්ම ආරක්ෂක අංශ නිලධාරීන් ද ඇගේ ඇසුරට එක්ව සිටියහ. බහු විධ ගුරුගේ නැකතක බහු විධ මිථූනය තැන්පත්වීම මේ විවිධ පුද්ගල ඇසුර, අපචාර බව මෙන්ම රහස්‍ය බව පෙන්වයි. අටවැන්නෙන් හා දොළොස්වැන්නෙන් ඒ බව පැහැදිලිව පෙන්නුම් කෙරේ.

    ආදර සබඳතා කල් නොපවතින බව හතර දොළහ හා සෙනසුරුගෙන් පෙන්වයි. දොළහ අධිපති ශුක්‍ර සිටින්නේ සිවු වැන්නේ සිටින ශනිගේ උපස්ථානයක ය. උපායශීලී පටු චේතනා මත සබඳතා පවත්වන බව මෙමඟින් පැහැදිලි වෙයි. චේතනාව සඳුගෙන් පෙන්නුම් කරයි. මෙහි සිවුවැනි භාවයෙන් සිත පෙන්වයි. සිවුවැන්නේ උප්පති සඳු ය. පාප පීඩිත තත්ත්වයකට පත්වන බව මෙමඟින් හඳුනාගත හැක. "පුනර් දේහය" මේ අනුව ඇතිවෙයි. මේ කේන්දරයේ දුර්වලම ස්ථානය සිවු වැන්න ය.

    රාහු ශනි සමඟ යෝගව රාහුගේම නැකතේත් සඳුගේම උපස්ථානයේත් සිවු වැන්නේ සිටින සඳු යෝගව පසු වේ. සූක්ෂම බව, උපායශීලීත්වය, කුමන්ත්‍රණකාරී බව පෙරදැරිවම රඟදැක්වීම මෙහිදී පැහැදිලි වෙයි. සඳුට නෙප්චූන්ගෙන් ඇති දෘෂ්ටියෙන් රැවටිල්ලට බඳුන්කිරීම පෙන්වයි. ප්‍රභූන් කීපදෙනෙකුගේ හා ධනකුවේරයින්ගේ අනියම් බිරිය ලෙස ඇය කළක් ජීවත්වූවා ය.

    ප්‍රංශ රජය 1917 පෙබරවාරියේ දී ඈ අත්අඩංගුවට ගන්නා ලදී. පසුව ඈ මරණ දඬුවමට ලක්වූවා ය. මරණ දණ්ඩනය නියමවන විට ඇය බුධ මහ දසාව ගතකරමින් සිටියා ය. මරණයේ ස්වභාවය පෙන්වන්නේ අටවැනි භාවයේ උප අධිපතියාගෙනි.

    අට, දොළහ භාව උප අධිපතියා වූ බුධ මෙහි බාධකස්ථානාධිපතියා ද වෙයි. බුධයා කුජ හා රවි සමඟ සංයෝග වී සිටී. බුධට ගුරුගෙන් දෘෂ්ටියක් ද ඇත. කුජ සංයෝගය ගිනි අවි පෙන්වයි. ඈට හිමි මරණ දඬුවම අනුව වෙඩි තබා මරා දමන ලදී.

    වර්ෂ 1889 සිට ඈට කරදර ආරම්භ විය. එම වසරේදී පියා දික්කසාද විය. 1891 දී මව මියගියාය. 1893 දී පියා දෙවන විවාහයක් කරගත්තේය. මාතාහරී නිවෙස හැර ගියාය. පවුල් සංස්ථාව බිඳ වැටිණි.


    ජ්‍යොතිෂවේදී පානදු‍රේ රෝහන් වීරරත්න
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඔබට මතකද මාතාහරී දෙපැත්තකට ඔත්තු දී වෙඩි පහරකින් මිය ගියාය Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top