728x90 AdSpace

  • නවතම පුවත්

    2015-04-22

    හිතේ තිබුණත් ඉගිලෙන්න අත්තටු දෙයිද ග්‍රහයෝ



    සංචා­ර­ය­කට ,අධ්‍යා­පන කට­යු­ත්ත­කට ,රැකි­යාව සඳහා හෝ තමා උපන් භුමි­යෙන් වෙනත් භුමි­යක් වෙත යාමට හෝ ඉව­හල් ‍වන ග්‍රහ යෙදුම් කිහි­ප­යක් විමසා ‍බලමු.
    තුන්වන භාව­යෙන් කෙටි ගමන් ද නව­වන භාව­යෙන්  දිර්ඝ ගමන් ද  කියැවේ.  මේ පිළි­බඳ පඨවි  අපෝ,වායෝ ලෙස  රාශි බෙදීම අනුව තීර­ණය කළ හැකි වේ. වෘෂභ, කන්‍ය, මකර වැනි පඨවි රාශි පොළව මත ගමන් කරන්නා වූ  වාහන ආශ්‍රිත  ගමන ද මිථුන, කුම්භ , තුලා යන වායෝ රාශි අහ­සින් යන ගුවන් යානා  මගින් ද වෘෂ්චික, කටක , මීන යන ජල රාශි ජලයේ ගමන් ගන්නා වාහන මගින් කරන බවට අව­ධා­නය යොමු කළ යුතු වේ.

    යම් කිසි පුද්ග­ල­යකු උප­දින විට  බ්‍රහ­ස්පති ග්‍රහයා බල­වත්ව පැව­තියා නම් රට රට­වල ඇවි­දී­ම­ටත් දේශ ගවේ­ෂණ  කට­යු­තු­ව­ල­ටත්  දැඩි ආශා­වක් ඇති වෙයි.
    උච්ච වෙමින් හෝ  මූල ත්‍රිකෝණ වෙමින් හෝ ස්වක්ෂේත්‍ර, හෝ මිත්‍ර බල­ය­කින් යුතුව බල­වත් වූ පාප ග්‍රහ­යකු ලග්නයේ සිටීම ජන්මියා සිය ජන්ම භූමි­යෙන් පිට සිටී­මට හේතු ඇති­ක­ර­වයි.
    රවි ග්‍රහයා උච්චව සත් වැන්නේ තැන්පත් වීම එනම් මේෂ රාශියේ තැන්පත්ව සිටීම හේතු­වෙන් ඈත පළා­ත්වල සංචා­රය කිරී­මට අවස්ථා උදා වේ.

    සඳු ග්‍රහ­යාට අයත් වන කටක රාශිය හෝ ගුරු ග්‍රහ­යාට අයත් වන මීන රාශිය උත්පත්ති ‍කේන්දරයේ තුන්වන භාව­යට යෙදී එම ස්ථානයේ සඳු ග්‍රහයා තැන්පත්ව සිටී නම් වන්දනා ගමන් යාම­ටත් පිට ප්‍රදේශ සංචා­රය කිරී­ම­ටත් අව­කාශ ලබයි.

    සඳු,සිකුරු,ගුරු ග්‍රහ­යින් බට­හිර රටව‍ල‍ට යාමේ අව­ස්ථාව උදා­ක­ර­වන අතර අඟ­හරු ග්‍රහයා කාර්මික ක්ෂේත්‍ර­යට සම්බන්ධ වෘත්තීන් සඳහා විදේ­ශ­ගත වීමට අව­ස්ථාව ලබා දෙයි.අඟ­හරු ධන­ස්ථාන‍යේ තැන්පත් වෙමින් තුලා ,ධනු හෝ මීන ලග්න­යෙන් උත්ප­ත්තිය ලැබූ තැනැත්තා වැඩි ධන­යක් උපයා ගැනීමේ අද­හ­සින් විදේ­ශ­ගත වනු ඇත.

    කලා කට­යුතු සඳහා තමාගේ හැකි­යාව මත විදේශ සංචාර හිමි වීමත්,චිත්‍ර ශිල්පීන්, ගායක,ගායි­කා­වන්,නර්තන ශිල්පීන් තම සංද­ර්ශන පෙන්වීම සඳහා විදේශ ගත වන අව­ස්ථාත් ඇත.එවැනි ශිල්පීය රැකියා සඳහා ද විදේශ ගත­වන අය සි‍‍ටී.එවැනි අයට බල­පාන ග්‍රහ යෙදුම් විමසා බලමු.වෘෂභ,තුලා,මීන ලග්න­ය­කින් උපත ලබා ලග්න භාවයේ ‍,ධන භාවයේ ,බන්ධු භාවයේ ,කාලාත්‍ර භාවයේ හෝ කර්ම­ස්ථා­නයේ හෝ සිකුරු ග්‍රහයා තැන්පත්ව සිටිද්දී  සිකු­රුගේ දශා කාල‍වල මෙසේ විදෙස් ගමන් ඇති කරයි.

    අධ්‍යා­පන කට­යු­තු­වල නිර­ත­වීම සඳහා විදෙස් ගම­න්වල‍ට කෙරෙන ග්‍රහ බල­පෑම්

    මිථුන ලග්නයේ නම් ලග්නා­ධි­පති වූ බුධ ග්‍රහයා සත­ර­වන භාවයේ හෝ දස­වන භාවයේ තැන්පත් ව සිටී­මත්,තුලා ලග්න­යෙන් ඉපදී බුධ ග්‍රහ­යාත් සිකුරු ග්‍රහ­යාත් සතර වැන්නේ තැන්පත් වීම, ධනු ලග්න­යෙන් උපත ලබා සිකුරු හා ගුරු ග්‍රහ­යන් සතර වැන්නේ තැන්පත් වීමත් අධ්‍යා­ප­නය සඳහා විදේශ ගත වීම් ඇති කර­වයි.
    වන්දනා ගමන් සඳහා විදේ­ශ­ගත වීම වාස­නාව සෑම අයෙ­කු­ටම අව­කාශ නොලැබේ.ඒ සඳ­හාත් උත්පත්ති ග්‍රහ බලය ප්‍රධාන ලෙස හේතු වේ. රාහු,සඳු දෙදෙනා යෝග වී දස­වන භාවයේ තැන්පත්ව සිටිය දී උත්ප­ත්තිය ලැබූ අය ද දොළො­ස්වන භාවය අධි­පති ග්‍රහයා පස්වන භාවයේ තැන්පත්ව සිටීම හේතු­වෙන් ද මකර ලග්න­යෙන් උත්ප­ත්තිය ලබා තුන්වැ­න්නෙහි සඳු තැන්පත් ව සිටි­යදී උපත ලැබීම හේතු­වෙන් ද විදේශ වන්දනා ගමන් යාමේ භාග්‍ය උදා වේ.

    ලග්නා­ධි­පති සත්වන භාව­යෙහි තැන්පත්ව උත්ප­ත්තිය ලැබීම හේතු­වෙන් කෙ‍ටි කාලීන ගමන් සඳහා විදේශ ගත­වීම ඇති වේ.තම උපන් භූමිය හැර දමා වෙනත් රටක පදිං­චි­යට යන අය ද අන­න්ත­වත් සිටී. ලග්නා­ධි­පති වූ ග්‍රහයා දොළො­ස්වන භාවයේ තැන්පත්ව සිටීම උපන් රටෙන් පිටවී වෙනත් දේශ­යක් පදිං­චිය තෝරා ගැනී­මට බල­පායි.

    ජ්‍යොති­ෂ­වේදී  රේණුක වික්‍ර­ම­සිංහ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: හිතේ තිබුණත් ඉගිලෙන්න අත්තටු දෙයිද ග්‍රහයෝ Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top