තණ්හාය පච්චියා උපාදානං,උපාදාන පච්චියා භව, යනුවෙන් පටිච්ච සමුප්පාදයෙහි හේතු ඵල න්‍යායේ සංසාර ගමන දිග්ගසා ගන්නා ආකාරය සඳහන් කරයි.තණ්හාව,කැමැත්ත,වුවමනාව,ආශාව,ඇලීම, නිසා සිත පාලනය කර නොගැනීම හේතු කොටගෙන තණ්හාවට ගෝචර වූ පුද්ගලයා හෝ වස්තුව කෙරෙහි දැඩි අල්ලා ගැනීමක් මෙය මගේ ය මට ය,අත්හැරිය නොහැකි ය යන තද සිතුවිල්ලක් ඇති කර ගනී. එය උපාදාන යයි. මේ උපාදානය ඊළඟ භවය සකස් කරයි.උපාදානයට සමීපව ඉපදීම බොහෝ විට සිදු වේ.
මොරටුවේ සාගරී විසිපස් හැවරිදි තරුණ කාන්තාවකි. ජනිත් ඇයගේ සැමියා ය.මේ යුවල මාස පහළොවකට පෙර ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට පැමිණියේ දරු උපත් පිළිබඳ ආරක්ෂාවක් යොදා ගැනීමට ය. එහි දී අධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩ විතාන මහතා සාගරීට අධ්‍යාත්මීය ආරක්ෂාවක් යෙදී ය.
දැන් දරුවා බිහි වී මාස හයක් ගත වී ඇත.දරුවා වටපිට බලමින් අඬන බවත් කිරි බීම ප්‍රතික්ෂේප කරන බවත් අත් පා මෙහෙයවමින් අහසේ යමක් පෙන්වමින් අඬන බවත් ඔවුහු නැවත ගවේෂණ මධ්‍යස්ථානයට පැමිණ පැවැසූහ.ඊට අමතරව සමහර අවස්ථාවල නිවෙසේ දුර්ගන්ධයක් පවතින බවද තවත් සමහර විටක සමන්පිච්ච මල් සුවඳ හමන බවත් ඒ වෙලාවට දරුවා සමන් පිච්ච මලක් අතේ මිට මොලවා ගෙන සිටින බවද මේ ගෙදර වත්තේ වත් සමන් පිච්ච වැළක් නැති බවද පැවැසූහ.
ගවේෂකවරයා සාගරීටත් ඇගේ සැමියාටත් ශක්ති කිරණ එල්ලකරන විට සාගරී ප්‍රලව වී අඬන්නට වූවා ය. විනාඩි දහයක් පමණ එක දිගට අඬන්නට වූ භූතාත්මයෙන් වෙනත් කිසිදු ප්‍රතිචාරයක් නොවූයෙන් දින 21ක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ඔවුන්ට උපදෙස් දුන්නේ ය.
බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ ද සාගරී ප්‍රලය වූවාය.
'අනේ මගේ දරුවා මට ඕනැ.මගේ ළමයා මට දෙන්නැයි බැගෑපත් වෙමින් භූතිත්මය අඬන්නට වූවා ය.
'කාගෙන්ද ඔය දරුවා ඉල්ලන්නේ.'යි ගවේශකවරයා ඇසීය.
'වෙන කාගෙන් ද මහත්තයාගෙන් මිසක්'යැයි භූත්මය නෝක්කාඩු ස්වරූපයෙන් කීවා ය.
'මම ඔබේ දරුවෙක් ගත්තද?ඔබේ දරුවෙක් මගේ ලඟ ඉන්නවාද?
'මහත්තයා මමයි මගේ දරුවයි එක ලඟ හිටියේ.එතැනින් මේ ගෑනි ලඟට මගේ දරුවාව ගන්න උදව් කළේ මහත්තයා.දැන් මට මගේ දරුවා අරන් යන්න පුළුවන්.දරුවා මා එක්ක යන්න කැමතියි.ඒකයි දෑත් ඉහළට ඔසවමින් අඬන්නේ.මම මගේ දරුවාව අරන් යනවා.මහත්තයා මට බාධා කරන්න එපා.මම අරගෙන යන්නේ මගේ දරුවා.
'තමුන් කවුද?'
'මම නිල්මිණි'
'කවුද නිල්මිණි කියන්නේ'
'මේ සාගරී ලඟ දැන් ඉන්න දරුවාගේ කලින් අම්මා'
'ඔබ කලින් හිටියේ කොහේද?
'රත්නපුරේ'
'එහෙදි මොකද වුණේ?'
'ඔය මගේ දරුවා, දරුවා ඉපදෙන කොට දරුවයි මමයි දෙන්නම මැරුණා.'
'කොහෙදිද?'
ඉස්පිරිතාලෙදි'
'ඊට පස්සේ මොකද වුණේ.'
'දරුවයි මමයි එකට පාවෙවී හිටියා.දරුවා මේ සාගරීගෙ කුසට ඇදිලා ආවා.මම එතැනින් අරන් යන්න හදන කොට මහත්තයා ඒකත් වැළැක් වුවා.දැනුත් මට මගේ දරුවා ගෙනියන්න නොදෙන්නද හදන්නේ?
''ඔබ කොහොමද දරුවා අරගෙන යන්නේ?
'මරාගෙන අරං යනවා'
'ඒක මහා අපරාධයක් ,ඒකට ඉඩදෙන්න බෑ.මේ දරුවාට පිච්චමල් කොහෙන්ද?'
'මම ගෙනත් දෙනවා.
'ඒ මොකටද?'
'දරුවාට සෙල්ලම් කරන්න.දරුවා පිච්චමල්වලට ආසයි.පිච්ච මල් සුවඳට ආසයි.
'තමුන් රත්නපුරේට එන්න කලින් කොහේද හිටියේ?
'දන්නේ නෑ.මතක නෑ.'
'තමුන් පෙර භවයක සත්ත්ව ඝාතනය කරලා තියනවා.අනුන්ගේ දරුවන් විනාශකරලා තියනවා.ඒ අකුසල විපාකයට තමයි තමුනුත් දරුවත් දෙදෙනාම මැරුණේ.තමුන් මේ දරුවා මරාගෙන ගියොත් තමන් කරගන්නේ මහා අපරාධයක්.තමන් මේ දරුවා මැරුවත් තමන් ළඟට එන්නේ නැහැ.මේ දරුවා සමන්පිච්ච මල් සුවඳට කැමතියි කියන්නේ දෙවියන් අතරට යන්න පින් තියන කෙනෙක්.තමන් ප්‍රේතියෙක්.දරුවාව මැරුවොත් දරුවා දිව්‍යලෝකයට යාවි.තමුන්ට මෙහෙමවත් බලන්න නොලැබී යාවි.තමන්ට ඔය දුගතිගාමී භවයේ තවත් අවුරුදු දහස් ගණනක් දුක් විඳින්න වේවි.දරුවාට ආදරේ කෙනෙක් දරුවා මරණවාද? මේක මෝඩ තණ්හාව.දරුවාට ආදරේ නම් දරුවාට ජීවත් වෙන්න ආශිර්වාද කරන්න.මේ දරුවා කවදා හරි දිව්‍ය ලෝකයට යාවි. තමන්ට තියෙන්නේ දිව්‍ය ලෝකයට ගිහින් එහෙදි දරුවා මුණ ගැහෙන්න.ඒ හැමදේකටම කලින් ඔය ප්‍රේත ආත්මෙන් මිදෙන්න.'
'ඒකට මොනවද කරන්න ඕනෑ.
'ඒකට පින් දහම් කරන්න ඕනෑ.ප්‍රේත ආත්මයේ දන් පින් කරන් බෑනෙ.ඒ නිසා නිතර දන් පින් කරන පුද පූජා පවත්වන සිද්ධස්ථානයකට යන්න.එතැනට එන මිනිස්සු දන් පැන් පූජා කරන හැටි බලලා ඒවාට අත ගහලා සාදු කියලා ඒ පින්කම්වලට සහභාගි වෙන්න.ඒ තැන්වල දාන,ශීල, භාවනා කටයුතු කරනවා.
බණ කියනවා පිරිත් කියනවා.ඒවා අහගෙන ඉන්න.එහෙම ඉන්නකොට තමන්ගේ පෙර පින් මතුවේවි.එහෙම පෙර පින් මතක් වෙලා චිත්ත සන්තානයේ ඇතිවන සතුටත් සමඟ දැන් ඉන්න තත්ත්වයෙන් ඉහළ තලයකට යාවි.දැන් දරු දුක නිසා තමන්ගේ හිත අවුල් වෙලා.ඔය හිත සන්සුන්කර ගන්න.මේ සාගරීත් දරුවාට ආදරෙයි.ඒ අයගේ ආදරය තුළින් දරුවාට හොඳ පුද්ගලයෙක් වෙන්න ඉඩ හරින්න.අන්න ඒකටයි ආදරය කියන්නේ.ඔබට දිව්‍ය ලෝකයට යන්න අපිත් උදව් කරන්නම්.'
'ඒ කොහොමද?'
'මම මේ අයලවා දානයක් දී තමන්ගේ පෙර භවයේ නිල්මිණි කියන නම කියා පැන් වඩා පින් දෙන්න කියන්නම්.ඒ පින් අනුමෝදන් වෙලා ඉහළ තලයකට යන්න.'
'හොඳයි මහත්තයා මම ඒකට කැමතියි.මම අනුරාධපුරේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට යන්න කැමතියි.'
ගමේ පන්සලට හීල් දානයක් ගෙනගොස් පූජා කොට පන්සලේ හාමුදුරුවන්ට මේ කතාව කියා රත්නපුරේ මිය ගිය නිල්මිණිගේ ප්‍රාණකාරයාට නම් කියා පැන් වඩා පින් අනුමෝදන් කරන්නැයි උපදෙස් දුන්නෝ ය.
ඒ අනුව පින් අනුමෝදන් කොට ඔවුහු නැවත පැමිණියහ.එදිනද සාගරී ප්‍රලය කොට ගවේෂකවරයා කතා කෙළේ ය.
'දැන් කොහොමද?'
'හොඳයි මහත්තයා මේ අය මට පින් අනුමෝදන් කළා. මම දැන් අනුරාධපුරයට යවන්න මහත්තයා'
ගවේශකවරයා ජනිත් ලවා පළතුරු වට්ටියක් ගෙන්වා ප්‍රේතාත්මය ඊට සම්බන්ධ කොට අනුරාධපුරයට යැවී ය. දරුවාටත් මව්පියන්ටත් ආධ්‍යාත්මික ආරක්ෂාවක් දැමී ය.
මතුගම
මහින්ද විජේතිලක
0 comments:
Post a Comment