ශාප නොකරන්න - පලි නොගසන්න පින් පෙත් අනුමෝදන් කරන්න
සූනියම් දෙවියෝ වශයෙන් ප්‍රසිද්ධ ගම්භාර දේවතාවුන් වහන්සේ කොතරම් බලවත් ද යන්න මැණික්පාල බිසවු හට රුද්‍ර මරුවා කළ විනය කැපූ බව කියැවෙන ආකාරයෙන් හඳුනාගත හැක.මැණික්පාල බිසවට කර තිබුණේ යැයි කියන විනය කපන්නට පැමිණි සෘෂිවරු විනයට අධිපති නරු පොළඟා දැක සිහි මුර්ජා වූහ. සිහි එළවාගත් ඔවුන් ප්‍රකාශ කළේ මෙය කපන්නට හැකි එකම තැනැත්තා ගම්භාර සුරිඳුන් විතරක්ම බවයි.
සක් දෙවිඳු අණින් ගම්භාර සුරිඳුන් ඒ නරු පොළඟා දෙපලු කර විනය කපා බිසව සුවපත් කළහයි පැවසේ. ගම්භාර සුරිඳුන් නොමැතිව යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය කිසිවක් කළ නොහැකි බව අපේ දැනීමයි.
ගම්භාර මුත්තා, අප්පච්චි, කබලෑමුත්තා, කබලෑ දෙවියෝ ආදී විවිධ නම් වලින් ගම්භාර දෙවියන් ආමන්ත්‍රණය කරති. නාග ඔඩ්සිය, අසුර ඔඩ්සිය, ගරුඩ ඔඩ්සිය, දෙමළ ඔඩ්සිය, කාල ඔඩ්සිය, වඩිග ඔඩ්සිය,රාජ ඔඩ්සිය ලෙස අවතාර ද හතක්ඇති බවට විශ්වාස කෙරේ. ඉන්දියාවේ ඔඩ්ඩි, ඔඩ්ඩි යකා, ඔඩ්ඩි මස්සිනා, ඔඩ්ඩි යාරේ, මාගේ මස්සිනා ලෙස හඳුන්වති.
මෙතුමාගේ ස්වරූපය තරමක් බියකරු ය. කන්නලව්වේ සඳහන් පරිදි හිස හැඩපලු 13ක් ගෙතී ඇත. ගෙල වට නාග මාලයකි. එක උරහිසෙක කරවලුන් හතර දෙනෙකු බැගින් දෙවුරේ අටකි. මුඛයේ සර්පයෙකු සපාගෙන සිටී. බඳ වටා නාගයින් පැළඳ ඇත.පාමුල නාගයෙකි. නීල වර්ණ ශරීරයකි. දිවිසළු ඇඳ සිටිති. දකුණත වඩිග කඩුවක්ද, වමත ගිනි කබලක්ද වේ. වාහනය සුදු තුරඟෙකි.
මෙතුමාට යමෙකු පහන් දැල්වීමෙන් ලබාගත හැකි ඵල ප්‍රයෝජන මෙසේ ය. තම භූමිය තුළ ඇති යක්ෂ, ප්‍රේත දෝෂ පලා යති. කොඩි වින,අංගම් පිල්ලි වලින් ආරක්ෂා වේ. සොර සතුරු බිය නැති වේ. ගෙදර සාමය ඇති කරයි. සමාජයේ ගෞරවයට පාත්‍ර වේ. තමා කිසිවෙකුට රැවටීමට නොහැකි වේ. ව්‍යාපාර දියුණු වේ. සියලු සතුරු කරදර වලින් ආරක්ෂා වේ. තමාට අවශ්‍ය කටයුතු අවශ්‍ය වේලාවට ඉටු කර දේ. මෙතුමා අදහන කිසිවෙක් හිරේ විලංගුවේ නොවැටේ. ලැජ්ජාවට පත් නොවේ. දින දින බැබලේ.
ගම්භාර දෙවියන්ට පහන් තියන්නට රාත්‍රී 9.05 පොදුවේ සුදුසු ය. තමන් පිරිසිදුව පහන් දල්වාලිය යුතු ය. මළ ගෙවල්වල ගොස් කිළිකුණුවලට හසුවී පහන් දැල්වීම නොකළ යුතු ය. නොකඩවා නියමිත දිනවල පහන් දැල්වීම කළ යුතු ය. ළමා, ළපටින්, කාන්තාවන් පහන් පැළට ලංවීම නුසුදුසු ය. කිසිවිට ගම්භාර දෙවියන්ට තබා කිසිදු දෙවියෙකු පහන් තැබීමේදී යමෙකු මැරීමට, අත පය බිඳීමට නොකිව යුතු ය. මන්ද එතුමන්ලාට අවශ්‍ය කුසල් මිස අකුසල් නොවන නිසා ය. නමුත් යම් අසාධාරණයක් වූ විට ඊට සාධාරණය ඉල්ලා සිටීම වරදක් නොවේ.
ගම්භාර දෙවියන් නම්බුව ආරක්ෂා කරන දෙවියෙකි. එය දේව කන්නලව්වේ මෙසේ සඳහන් වේ. හැඩකාර, බලකාර, නම්බුකාර, පට්ටිභාර, මුදල් භාර, තෙදකාර, ගම්භාර සිද්ධ සූනියම් අප්පොච්චි ලෙස ය. එතුමා මන්ත්රවල අවශ්‍ය පංචාක්ෂරයට අධිපතියා බව මෙම කවියෙන් ඔප්පු වේ.
'තෙදහස්ති පාලය - යමදේවතා ඔබමය
පසතුරු හිමි ඔබමය - එමෙන් යමපිම්ම ඔබමය' ( මෙහි පසතුරු යනු පංචාක්ෂරයයි)
යමෙකු පිරිසිදු පහන් පැලක් සාදා කහ දියර ඉස දේවතාවන් වහන්සේට පහන් දල්වා පහත ස්ත්රෝත්ර කීමෙන් බලා සිටියදීම දියුණුව ලබාගත හැක. පහන් දැල්වීමට පස්තෙල් සුදුසුය. සමන් පිච්ච මල්, විලඳ ,මී පැණි භාවිතා කෙරේ. පහන් දල්වා ගුගුල්,දේවදාර,ජටා මාංශ, සල් දුම්මල, සැවැන්දරා, සමන්පිච්ච යන සියල්ල කුඩු කර ගත් සුවඳ දුම් ඇල්ලීම සුදුසු ය.
ස්ත්‍රෝතය ,
"ශ්‍රී මස්තු නමෝ රාමඃ - කන්ද සේනා සමාගමඃ
වඩිග තන්ත්ර මනී කන්ඨඃ - ඔඩ්ඩි මංගල නමෝ නමඃ
අග්නිඃ කන්දන්ච හස්තෙන - හස්තේන වඩිග කර්තකේ
මුඛෙන විෂ සර්පේන - ශීර්ෂේ පංච කේෂකේ
උදරේ නාග බන්දාමි - නිලොත් තුරඟ වාහනා
සූනියම් දේවතා නාම - මහියං පාදකේ නමෝ නමඃ "
මෙය තුන්වරක් කියන්න.
ආරාධනය
"ඕං ගුරුවාල පාතාල බහිරවි කොණ්ඩෙන් බ්රහ්මා ලංකා නාරායන කදිරවේල් කොණ්ඩෙන්, ආතාල බහිරවී ශිව කොණ්ඩෙන්, පාතාල බහිරවී ඉරිනාග කොණ්ඩෙන්, ගුරුමාන් ගුරු නාග වාරුං එන්සෙයියදු බිසිබිල්ලා උඩයාරුං, අප්පා නල්ල තම්බිරානෙ සාවාල කොණ්ඩෙන් වාලියා අනින් ඔඩ්ඩි දේවතාවා, දේවතාවී. අම්මා වාවා තුක්කු තම්බි රානේ ඔඩ්ඩියා වාවා.
අදත් මා නොඉඳුල් රාත්‍රී පහන් මාලාව කෙරෙහි දිෂ්ටි වැටී මාගේ මස්සිනේ ජීවිත රක්සන්තු රක්සන්තු කුරු කුරු එස්වාඃ"
කන්නලව්ව
'මතු බුදු වන්න පෙරුම් පුරන ගම්භාර දේවතාවුන් වහන්සේ ඔබ වහන්සේගේ දාසයා වන්නා වූ මා මේ කන්නලව්කර ඉල්ලා සිටින්නේ ඔබ වහන්හන්සේට ගමක් පාසා යාතිකා කරමින් ඔබ වහන්සේගේ අනුහසට පුද පූජා කරමින් ඉල්ලා සිටින්නේ අටෝර රාශියක් දෝෂා අන්ධකාරයන් දුරින් දුරු කර හිතට ගතට සැපය සතුට ලබාදී අනුකම්පාවෙන් පිනට පිහිටවන සේක්වා. හැඩකාර බලකාර, නම්බුකාර, මුදල් භාර , පට්ටිභාර, ගම්භාර සිද්ධ සූනියම් දේවතා වහන්ස මේ සිරිලක සිවු දෙස පැතිර ගිය රෝ බිය, යසස් බිය, විපස් බිය, යක්ෂ බිය, දෝෂ බිය, අපස් බිය යන මෙකී දෝෂයන් දුරින් දුරු කර හරින ලෙසින් අද කියන්නේ සුපින්වත් ස්වාමීනී, පින්ගන්න කමාවුනි ගම්භාර දෙවියන්ට අත නොදෙන පය නොදෙන සිද්ධ වූ වැරැද්දට කමා වේවා! කමා වේවා! කමා වේවා! පස්වාන් දහසක් කල් රකිත්වා.' මේ ආකාරයට කන්නලව්කර ඔබේ ඉල්ලීම ඉදිරිපත් කර මෙම සෙත් කවිය කියා පින් දෙන්න.
'දිලෙන අමුතු රුවක් මවමින් මිනිස් හදවත කිති කවා ලැබෙන අවසර අනුව කරන කටයුතු තද තෙද පතුරුවා සැලෙන මගේ දිවි මඟේ හැම දොස බාධක බිඳලවා. දියුණ දෙවුනා දෙවමැන. සැම සුභාසිරි සෙත උතුරවා.'
'කඩුව, හෙල්ලය, පළිහ, තෝමර, දුන්න, ඊතල අභිබවා. කඩුව කුඩු කර සියලු බාධක අසීමිත බල පතුරුවා. නඩුව අවනඩුව වහම විසඳන දුකේදී මෙත උතුරවා. රළුව සිටියත් ගුණැති දෙවිඳුනි මා හට සිරිසෙත ලැබ දෙවා.'
පින්දීමේ ගාථාව
"ප්‍රබල කක විරාජෝ නාග හංසෝච නීලෝ - ධවල වරන්නා චිත්තා භාසුරෝ අස්ස යානෝ
සිරස මණී කිරිටෝ ධ්‍යාන ලාබෝ සුසිලෝ - ඔඩ්ඩි වඩිග නාථෝ කථං මේ පුඤ්ඤානි ලාභෝ හෝ
සිද්ධ ඉරන් සළු අභරණ පළඳින්න - සිද්ධ එපන් හිඳ සුරතට ගන්න
සිද්ධ ගමන් සුදු තුරඟකු පිට යන්න - සිද්ධ සූනියම් දෙවි මේ පින ලැබ ගන්න."
ජ්‍යොතිෂවේදී උඩුනුවර ඩී .එම්. නිලන්ත කුමාර ධනසේකර
බොහොමයක් පිං සිදු වෙවා
ReplyDeleteගොඩාක් වැදගත් දෙයක් ඉගනගත්තා අද
ඔබට ගම්බාර අප්පච්චි පිහිටයි!