2015 අප්‍රේල් මස 27 වන සඳු දින දහවල් 12 පසුවී විනාඩි 4ට බුධ ග්‍රහයා තමාට මිත්‍ර වූ වෘෂභ රාශියට පිවිසෙනු ඇත.
බුධ ග්‍රහයා වෘෂභ රාශියේත් 2015 ජුලි මස 5 වන ඉරු දින දහවල් 12 පසුවී විනාඩි 17 දක්වා ගමන් කරන අතර මැයි මස 19 වන කුජ දින උදේ 7 පසු වී විනාඩි 20ට අංශක 19ක් ගත වීමෙන් අනතුරුව පආපස්සට ගමන් අරඹමින් වක්‍ර ගමනක යෙදෙන බුධ 2015 ජුනි මස 12 වන කිවි දින පාන්දර 4 පසුවී 4ට වක්‍ර ගමනින් මිදී නැවත වරක් තම සුපුරුදු ගමන් අරඹයි.
බුධ ග්‍රහයා වෘෂභ රාශියෙහි රවිට අයත් වූ කැති නැකතේ දෙවන තුන්වන හතරවන පාදවල සඳුට අයත් වූ රෙහෙන නැකැතේ සම්පූර්ණවත් අඟහරුට අයත් වූ මුවසිර නැකතේ ප්‍රථම හා දෙවන පාදවලත් ගමන් කරනු ඇත.
බුධ වෘෂභ රාශියෙහි ගමන් කරන්නා වූ කාලයේ අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී කෘෂි කර්මාන්තයට අයහපත් වූ බලපෑම් එල්ල වනු ඇත. කෘමි හානිවලින් මෙන්ම කාලගුණික විපර්යාස හේතුවෙන් කෘෂි භෝගවලට දැඩි හානියක් එල්ල වනු ඇත. පතල් ආශ්‍රිතව අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතුවේ. මහජනයා අතර තද සිත් ඇති වීමෙන් නිතර උද්වේගකාරී සිදුවීම් ආරවුල් උද්ඝෝෂණ වාර්තා වනු ඇත. කඳු කඩා වැටීම් මෙන්ම නාය යාම්ද භූමියේ සිදුවන්නා වූ හදිසි විපර්යාසයක් පිළිබඳවත් වාර්තා වනු ඇත.
බුධ වෘෂභ රාශි ගත වීමෙන් ලග්න වලට ඇති වන බලපෑම
මේෂ
ඔබට ඔබ කරන්නා වූ කටයුතු හේතුවෙන් තම ආර්ථිකය ඉහළ නංවා ගැනීමට හැකිවනු ඇත. ව්‍යාපාර කටයුතු වල නිරත වන අයකු නම් තම වෙළෙඳාම දියුණුවට පත් වනු ඇත. මැයි මාසයේ මැද සිට පවුලේ සමඟියට බාධා මතු වන අතර ඔබ විසින් සිත පාලනය කරගෙන කටයුතු කිරීමෙන් අනවශ්‍ය කරදරවලින් මිදීමට හැකියාව ලැබෙනු ඇත.
වෘෂභ
ලග්නයේ බුධ තැන්පත් වීම හේතුවෙන් ඔබ කරන්නා වූ රැකියාව ඔබට විනෝදයක් මෙන් පෙනීමෙන් රැකියාවේ කටයුතු ඉතා සතුටින් ඉටු කරනු ඇත. ඔබ බුද්ධිය වැඩි දියුණු කර ගැනීම උදෙසා නව දේවල් පිළිබඳ ඉගෙනීමට උත්සුක වනු ඇත. බුද්ධිය මත යම්කිසි රාජකාරියක් රැකියාවක් කරන අයකු නම් ඔබගේ නම ප්‍රසිද්ධ වනු ඇත.
මිථුන
ඔබගේ ලග්නාධිපති බුධ දොළොස්වැන්නේ තැන්පත්වීම තරමක් අයහපත් වූ සිදුවීම්වලට ඔබට මුහුණ පෑමට සිදුවනු ඇත. අනවශ්‍ය තේරුමක් නැති ගමන් ඇතිවනු ඇත. විශේෂයෙන් විදේශ ගමන් එම කාලයේ යෙදේ නම් ඔබ රැකියාවක් පිණිස විදේශ ගත වන්නේ නම් රැකියාව ඔබට හිමි ද යන වග හොඳින් දැනගෙන විදේශගත වන්න. ඔබගේ සිතට වද දෙන ප්‍රශ්න ඇති වනු ඇත.
කටක
ඔබට හිත මිතුරන්ගෙන් සහයෝගය ලැබෙනු ඇත. භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයකු නම් එම කටයුතු වලින් උපරිම ලාබ ප්‍රයෝජන අත්වනු ඇත. ඔබව උසස් අයගේ පිළිගැනීමට ලක්වනු ඇත. තම මතයට අනුව කටයුතු කරන ඔබ අනවශ්‍ය වූ වියදමක් කරගෙන තමාගේ ධනයට හානිකර ගනී.
සිංහ
ඔබට තරඟ විභාග ජය මෙන්ම සම්මුඛ පරීක්ෂණවලින් ජය අත්කර ගැනීමේ වාසනාව හිමිවනු ඇත. අන් අයට උපදෙස් දෙන්න මෙන්ම යම් යම් තැන්වල ප්‍රධානත්වය ගෙන කටයුතු කිරීමට හැකියාව උදාවනු ඇත. මැයි අග වන විට රැකියාවේ යම් යම් ප්‍රශ්න හේතුවෙන් සිතට වද වීම් ඇති වේ.
කන්‍යා
ඔබ පවුලේ දියුණුව කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන කාලයක් වේ. පවුලේ අය සමඟ ආගමික කටයුතු කෙරෙහි දුර ගමන්වලට සහභාගි වනු ඇත. නව රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි අයකු නම් තමාගේ සිතට ගැලපෙන පරිදි උසස් රැකියාවක් හිමි වනු ඇත.
තුලා
ඔබ බුධ මහ දශා හෝ අන්තර් දශා ගත කරන්නා වූ අයකු නම් යම් යම් රෝග පීඩා මෙන්ම ශාරීරික දුර්වලතා ඇති වනු ඇත. සිතේ සහනය අඩු වනු ඇත. තමන් හා කටයුතු කරන අය සමඟ ද මත ගැටුම් ඇති වනු ඇත.
වෘශ්චික
හවුල් කටයුතුවල නිරත අයට මෙන්ම ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ලාබ වැඩිවන තම කටයුතු දියුණුවට පත්කර ගත හැකි වකවානුවක් වේ. හදිසි තුවාලවීම් සිදුවිය හැක. ඔබ විසින් යම් යම් විශාල ධනයක් වියදම් කිරීමට බලාපොරොත්තුවෙන් සිටීනම් එම වියදම් කර ලබා ගන්නා වූ දේ තමාට වැදගත් ද යන වග හොඳින් කල්පනා කරන්න.
ධනු
ඔබත් බුධ මහ දශා හෝ අන්තර් දශා ගත කරන අයකු නම් ඔබටත් හදිසි ශාරීරික පීඩා ගෙන දෙනු ඇත. ඔබ කරන්නා වූ ඇතැම් වැඩ කටයුතු සඳහා අසල්වාසීන් විරුද්ධතා මතු කරනු ඇත. රැකියා ස්ථානයේ ද තමාට විරුධව සතුරු බලවේග ක්‍රියාත්මක වන කාලයක් වේ.
මකර
අධ්‍යාපන කටයුතු වල නිරත වන ඔබගේ දක්ෂතා පෙන්වීමට සුදුසු වටපිටාවක් නිර්මාණය වනු ඇත. තනිකඩව සිටින ඔබට විරුද්ධ ලිංගික ආදරය හිමිවන කාලයක්ද වනු ඇත. තරමක් විනෝදයෙන් සැහැල්ලුවෙන් ජීවිතය ගත කිරීමට හැකියාව ලැබෙනු ඇත.
කුම්භ
ඔබට නිවෙසින් බැහැරව දින දෙක තුනක හෝ ගමනක් යෙදෙනු ඇත. අධ්‍යාපන කටයුතු වල නිරත වන අයට ඉතා යහපත් වනු ඇත. තම පවුලේ සමඟිය වර්ධනය වනු ඇත. රැකියාවේ ප්‍රශ්නයක් හේතුවෙන් සිත නොසන්සුන් වේ.
මීන
ඉදිරිය පිළිබඳව සිතා නිවරදි වූ තීරණ ගන්නා කාලයක් වේ. තම උත්සාහයෙන් යුක්තව බොහෝ අතපසු වූ වැඩ කොටස් ඉටු කර ගැනීමට හැකියාව ලැබේ. තමා සතු දේ අන් අය වෙනුවෙන් පරිත්‍යාග කරන ධාර්මික සිතිවිලි සිතට ඇතිවන සිතේ සහනය ගෙන දෙන කාලයක් වේ.

2015 මැයි මස 2 වන දින රාත්‍රී 8 පසුවී විනාඩි 35ට ග්‍රහලොව මනමාලිය වූ සිකුරු මිථුන රාශියට පැමිණේ. මිථුන රාශියේදී අඟහරුට අයත් වූ මුවසිරස නැකතේ තුන්වන හා හතරවන පාදවලත් රාහුට අයත් අද නැකතේ සම්පූර්ණවත් ගුරුට අයත් පුනාවස නැකතේ ප්‍රථම දෙවන හා තුන්වන පාදවලත් ගමන් කරමින් 2015 මැයි මස 30 වන දින දක්වාම මිථුන රාශියෙහි සිටී.
සිකුරු අඟහරුගේ නැකතක් හා රාහුගේ නැකතක ගමන් කරන කාලයේ ස්ත්‍රී පුරුෂ සිත්වල ආදර හැඟීම් ජනිත වීම නිසා රහස් අම්බන්ධතා ඇති විය හැක. තත්කාල කේන්දරයට අනුව කලත්‍රවභාවයත් මර්මස්ථානයත් අධිපති ග්‍රහයින් දෙදෙනා මාරු වී පරිවර්ථනය වී තැන්පත් ව සිටී. කෙසේ වෙතත් සිකුරු ගුරුගේ නැකතක ගමන් කිරීම ආරම්භ කරන තුරු සියලු දෙනා තම පවුල් ජීවිතයේ ප්‍රශ්න ඇති නොකර ගෙන සිටීම ඉතා වැදගත් වනු ඇත. තම රහස් සම්බන්ධතා තම සහකරුට හෝ සහකාරියට හෙළිවීමෙන් අනවශ්‍ය ගැටලු ඇති වීමත් සමාජයේ දී මේ ප්‍රශ්න නිසා අමානුෂික ලෙස ඝාතනය කිරීම් ද වාර්තා වනු ඇත. පාසල් යන සමයේ බාල වයස්කාර දරු දැරියන්ව ද මේ දිනවල ලිංගික අපයෝජනවලට ලක්විය හැක.
විශේෂයෙන් ස්ත්‍රී හා බාල වයසේ රු දැරියන් මේ දිනවල සිදුවන විවිධ අනතුරුවලින් පීඩා විඳීමට සිදුවනු ඇත. ප්‍රේම සම්බන්ධතා අවුල් වීමෙන් සිදුවන සියදිවි හානි කරගැනීම් වාර්තා වනු ඇත. කලා කටයුතුවලට සම්බන්ධ අයට එතරම් ශුභ නැත. එවැනි අයට අපලයක් ගෙවීමට සිදුවනු ඇත.
ලග්න අනුව බලපෑම
මේෂ - කලා කටයුතුවලට සම්බන්ධව කටයුතු කරන අයකු නම් ඔබගේ හැකියාවෙන් පල නෙලාගත හැකිවේ. තම සිතට ආද හැඟීම් ද යහපත් සිතුවිලි ද ජනිත වනවා ඇත. අවිවාහක අයකු නම් තමාට ගැලපෙන සහකරු හෝ සහකාරිය හමුවනු ඇත.
වෘෂභ - ඔබේ පවුල් ජීවිතයේ සාමය සමඟිය වර්ධනය වනු ඇත. හදිසි ලැබීම් ඇත. තම පවුලේ අය සමඟ වන්දනා ගමන්වලට සහභාගි වීමේ අවකාශ ඇතිවේ. උගුර ආශ්‍රිත රෝග පීඩා මතු වනු ඇත.
මිථුන - ඔබව අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වනු ඇත. නමුත් ඔබ කරන කටයුතු සියල්ල දුර දිග බලා කිරීමට වගබලා ගන්න. හදිසි කේන්ති ගති ඔබට ඇතිවනු ඇත. සිතුවිලි තරමක් පාලනය කරගෙන හොඳින් අවබෝධයෙන් කටයුතු කරන්න.
කටක - මේ දිනවල ඔබට විවිධාකාර අය ඇසුරු කිරීමට හමු වනු ඇත. කලා කටයුතු සඳහා නිරත වන අයකු නම් තම කටයුතු දියුණු කරගත හැකිවේ. මුදල් අනවශ්‍ය හේතු මත වියදම් වනු ඇත. ගෙදරින් පිට ගමන් ඇති වේ.
සිංහ - ව්‍යාපාරික කටයුතුවල නිරත වන අයකු නම් ලාබ අත්වනු ඇත. ගෙදරට හොර රහසේ යම් යම් කටයුතුවල නිරතවන ඔබ තරමක් සැහැල්ලුවෙන් ජීවිතය ගත කිරීමට වෙර දරන කාලයක් වෙයි.
කන්‍යා - තරමක් ලෞකික දියුණුව වෙනුවෙන් කටයුතු කිරීමට පෙළඹේ. තම මතය නිවරදිය යන මතයේම සිට කටයුතු කිරීම දැකිය හැක. හදිසි ධන ලාභ හිමි වීමේ වාසනාව ඔබට හිමි වනවා ඇත.
තුලා- පවුලේ අය සමඟ වන්දනා ගසන් මෙන්ම ආගමික කටයුතු සඳහා වැඩි වශයෙන් සහභාගි වනවා ඇත. පවුල් ජීවිතයේ සමගිය වෙනුවෙන් පවුලේ අයට ලෙන්ගතු වෙමින් කටයුතු කරන කාලයක් වේ.
වෘශ්චික - ඔබගේ සහකරු හෝ සහකාරියට හදිසි රෝගාබාධ ගෙන දෙනු ඇත. පවුලේ අය වෙනුවෙන් වෙහෙසීමට සිදුවනු ඇත. ලෞකික ආශාවන්ද වැඩි වන කාලයකි. අනවශ්‍ය හේතු මත වියදම් ඇති විය හැකි බැවින් මුදල් පරිහරණයේදී පරිස්සම් වන්න.
ධනු - පවුල් ජීවිතයේ සමඟිය වර්ධනය වන අතර ව්‍යාපාරවල නිරත වන අයකු නම් ඔබගේ ව්‍යාපාරවලින් ලාබ ලැබීම් වැඩි දියුණු වේ. යම් යම් රහස් වැඩ වල නිරත වනු ඇත.
මකර - ඇසුරට අනවශ්‍ය අය පත් විය හැකි බැවින් කල්පනාකාරී වන්න. අධ්‍යාපන කටයුතුවල නිරත වන අය තරමක් ඉගෙනීම් කටයුතුවලින් බැහැරව කටයුතු කරයි. තමන් කරන රැකියාවේද රහස් සතුරු කරදර ඇති වනු ඇත.
කුම්භ - ප්‍රේම සම්බන්ධයකට කෙසේ හෝ පැටලිය හැක. එමඟින් අධ්‍යාපන කටයුතු තරමක් අඩාල වනු ඇත. විවාහක නම් පවුල් ජීවිතයේ ආදරය බැඳීම වඩාත් වැඩි වෙයි. නිතර සිත සැහැල්‍ලුවෙන් සිටිනු ඇත.
මීන - යහපත් කාලයකි. අවිවේකීව සිටි ඔබට සිතේ සහනය උදාවනු ඇත. ඉඩකඩ රථවාහන මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් සිටියේ නම් ඔබගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට හැකි වනු ඇත.
ජ්‍යොතිෂවේදී රේණුක වික්‍රමසිංහ
0 comments:
Post a Comment