728x90 AdSpace

  • නවතම පුවත්

    2015-04-29

    දෙනවානම් තුන් සිතම පහදවා දන් දිය යුතුය!


    දානයේ සර­ලම අරුත දීමයි. තමා සිදු­ක­රන දානය පරි­ත්‍යා­ග­යක්, පූජා­වක් හෝ උප­කා­ර­යක් හෝ විය හැක. මේ කුමක් වුවද එය දාන­යකි. මෙහිදී වැද­ගත් වනුයේ දෙනු ලබන දානය තුන්සිත පහ­දවා ගෙන සප්‍රී­තික තෘෂ්ණා­වෙන් තොරව දීමයි. තුන්සිත යනු යමක් දීමට සිතන අව­ස්ථාවේ ඇති­වන සිත පළමු සිතයි. එම දානය සිදු කරන අව­ස්ථාවේ ඇති­වන සිත දෙවන සිතයි. එය දීමෙන් පසුව ඇති­වන සතුටු සිත තුන්වන සිතයි. මේ සිත් තුනම ලෝභ, ද්වේශ, මෝහ යන අකු­සල් චේතනා වලින් තොර විය යුතුයි. එවිට දුන් දානයේ ආනි­ශංස මහ­ත්ඵල වේ.

    බුද්ධ කාරක ධර්ම හෙවත් පාර­මිතා අතර පළමු වැන්න දාන පාර­මි­තා­වයි. දස පාර­මි­තාවෝ සංසා­ර­යෙන් එතර වීමට හෙවත් නිවන් මඟට පමු­ණු­වන උප­කා­රක ධර්ම­යන්ය. බුදු, පසේ­බුදු, මහ­ර­හත් යන තුන්තරා බෝධි­යට යන උතුමෝ දාන පාර­මි­තාව  මැන­වින් පුරති. මෙසේ ත්‍රිවිධ බෝධිය සඳහා පාර­මිතා පුරන උතු­මන් බෝධි­ස­ත්ව­යන් ලෙස හැඳින්වේ. සම්මා සම්බුද්ධ, පච්චේත් බුද්ධ හෙවත් පසේ ­බුදු හා ශ්‍රාවක බුද්ධ හෙවත් රහත් බෝධිය යන මේ අධි­ගම තුනට යන උතුමෝ දාන පාර­මි­තාව ත්‍රිවි­ධා­කා­රව පුරති.

    එනම් පාරමී, උප­පා­රමී, පර­මත්ථ පාරමී ලෙසය. ඒ ඒ උතුමෝ තමන් පතන බෝධි­යට අනු­කූ­ලව පාර­මිතා පූර­නය කරති. දස පාර­මිතා පම­ණක් පිරිය යුතු මහ­ර­හත් බෝධි­යට පැමි­ණෙන උතු­මෙ­කුට ආත්ම කල්ප ලක්ෂ­යක් දස පාර­මිතා පූර්ණය කළ යුතු බව ධර්මයේ සඳ­හන් වේ. එසේ ගත් කළ පාර­මිතා 10යෙන් එක් පාර­මි­තා­වක් අවම වශ­යෙන් ආත්ම කල්ප දහ­දාහ බැගින් වත් පිරිය යුතුයි. කල්ප­යක් යනු­වෙන් ධර්මයේ සඳ­හන් වනුයේ සැත­පුම් 16ක් දිග,සැත­පුම් 16ක් පළල, සැත­පුම්  16ක් ගැඹුර (ගව් 4ක්) වලක් හාරා එය අබ ඇට වලින් පුරවා වසර 1000කට වරක් එක් අබ ඇට­යක් බැගින් ඉවත් කර එම වල සම්පූ­ර්ණ­යෙන්ම හිස් වීමට ගත­වන කාලය කොප­ම­ණද කල්පය ඊටත් දිගු බවයි.

    දන්දීම දෙයා­කා­ර­ය­කින් සිදුවේ. පූජා බෝධි­යෙන් දන්දීම හා අනු­ග්‍රහ බෝධි­යෙන් දන්දී­මයි. මෙහිදී පින් බලා­පො­රො­ත්තු­වෙන් මහණ බමු­ණන් වැනි උසස් සීල­යක් රක්ෂා­ක­රන අයට දන්දීම පූජා බෝධි­යෙන් දන්දී­මයි. දයා­නු­කම්පා පෙර­දැ­රිව දුගී, මගී, යාචක ආදීන්ට දෙනු ලබන දානය අනු­ග්‍රහ බෝධි­යෙන් දන් දීමයි. දාන දෙන්න­වුන්ද ත්‍රිවි­ධා­කා­රව බුදු දහමේ දක්වා ඇත. එනම් දාන දාස, දාන සහාය හා දාන­පති ලෙසය. යමෙක් තමන් රස­වත් මිහිරි දෙය අනු­භව කර අනුන්ට නීරස අමි­හිරි දෙය දානය සඳහා දෙන්නේ නම් හෙතෙම දාන­යට දාසව දන් දෙන බැවින් දාන දාස නම් වේ. යමෙක් තමා අනු­භව කරන පරි­ද්දෙන්ම ආහාර අන්‍ය­යන්ට දෙන්නේ නම් හෙතෙම දාන­යට මිත්‍ර­යෙ­කුව දන් දෙන බැවින් දාන සහාය නම් වේ. යමෙක් තමන් යම් කිසි­ව­කින් යැපී අනුන්ට රස­වත් මිහිරි දේ දෙන්නේ වී නම් හෙතෙම දාන­යට ස්වාමීව දන් දෙන බැවින් දාන­පති නම් වේ.

    දන් දෙන්න­වුන් සත්පු­රුෂ හා අස­ත්පු­රුෂ ලෙස කොටස් දෙකකි. ඒ අය දෙනු ලබන දානය සත්පු­රුෂ දානය හා අස­ත්පු­රුෂ දානය ලෙස හඳු­න්වයි. අස­ත්පු­රුෂ දානයේ විපාක මද බවත්, සත්පු­රුෂ දානයේ විපාක මහ­ත්ඵල බවත් ධර්මයේ සඳ­හන් වේ. තවද දන්දෙන හා දන් ලබන අයගේ සිල්වත් භාවය අනුව දාන ප්‍රභේද තුනක් ධර්මයේ සඳ­හන් වේ.

     එනම් උත්තම දාන, මධ්‍යම දාන හා සිල්ව­තුන් උදෙසා දෙන දාන­යයි. මධ්‍යම දාන යනු දුසි­ල්වත් පුද්ග­ල­යින් විසින් සිල්ව­තුන්ට දෙන දාන­යයි. එමෙන්ම සිල්වත් පුද්ග­ල­යින් විසින් දුසි­ල්වත් පුද්ග­ල­යින්ට දෙන දාන­යද මේ මධ්‍යම දාන ගන­යට වැටේ. අධම දානය යනු දුසි­ල්ව­තුන් දුසි­ල්ව­තුන්ට දෙන දාන­යයි. තම තමන්ගේ සිල්වත් ගුණ­වත් භාව­යක්, දානය ලබ­න්නාගේ සිල්වත් ගුණ­වත් භාව­යක් නුව­ණින් සිතා බලන කළ උක්ත දාන වර්ග තුනෙන් තම තමාට ප්‍රායෝ­ගික වන්නේ කව­රක් දැයි තම­න්ටම සිතා­ගත හැක.
    දානයේ ආනි­සංස සුළු­පටු නොවේ. මහ­ත්ඵල මහා­නි­සං­සය දානයේ අනු­හස් ලෙස ආයුෂ, වර්ණ,  සැප, බල, ප්‍රඥා ආදිය ලැබේ. මෙයට අති­රේ­කව තවත් ආනි­සංස රැසක් දන් දීමෙන් භූක්ති විඳිය හැක. මෙහිදී දානය ලබන තැනැ­ත්තාගේ සිල්වත් භාවය අනුව දානය දෙනු ලබන තැනැ­ත්තාට ලැබෙන අනු­සස් හා විපාක ලැබෙන කාල සීමා විවිධ වේ. එලෙස සිල්ව­ත්භා­වය අනුව පිළි­වෙ­ලින් පෞද්ග­ලික දාන 14ක් ධර්මයේ දක්වා තිබේ.

    එනම් -

    1. බුදු­ව­ර­යෙ­කුට දෙන දානය
    2. පසේ බුදු­ව­ර­යෙ­කුට දෙන දානය
    3. රහත් උතු­මෙ­කුට දෙන දානය
    4. රහත් වීමට උත්සාහ කරන අනා­ගාමී
        උතු­මෙ­කුට දෙන දානය
    5. අනා­ගාමී උතු­මෙ­කුට දෙන දානය
    6. අනා­ගාමී වීමට උත්සාහ කරන
        සකෘ­ද­ගාමී උතු­මෙ­කුට දෙන දානය
    7. සකෘ­දා­ගාමී උතු­මෙ­කුට දෙන දානය
    8. සකෘ­දා­ගාමී වීමට උත්සාහ කරන
        සෝවාන් උතු­මෙ­කුට දෙන දානය
    9. සෝවාන් උතු­මෙ­කුට දෙන දානය
    10. සෝවාන් වීමට උත්සාහ කරන
           තාපස උතු­මෙ­කුට දෙන දානය
    11. දස සිල් රක්ෂා කර­න්නෙ­කුට දෙන දානය
    12. පන්සිල් රක්ෂා කැන කෙනෙ­කුට දෙන දානය
    13. දුසි­ල්ව­තෙ­කුට දෙන දානය‍
    14. තිරි­සන් සතු­නට දෙන දානය

    මෙහි උතුම්ම දානය වනුයේ බුදු­ව­ර­යෙක් උදෙසා පිදෙන දාන­යයි. නමුත් අද සමා­ජයේ ජීව­මාන බුදු­ව­ර­යෙක් නොමැති බැවින් බුදුන් පිරි­නි­වී­මෙන් පසු ඉතිරි වූ ධාතූන් වහ­න්සේලා උදෙසා දාන වස්තූන් පූජා කිරීම ලොව්තුරා බුදු­ව­ර­යෙ­කුට කළ පූජා­වක් හා සමාන වන බව ත්‍රිපි­ට­කයේ සඳ­හන් වේ. එය සූත්‍ර පිට­කයේ කුද්දක නිකායේ අප­දා­න­පාලි I ග්‍රන්ථයේ 1752 - 1753 ඡේද දෙකෙහි සඳු­හන් වනුයේ මෙසේයි.

    "යමෙක් ජීව­මාන වූ ලෝක­නා­යක බුදු­ර­ජුන් පුද­න්නේද නම් එසේම පිරි­නිවි බුදු­ර­ජුන්ගේ අබ ඇට­යක් පමණ වූ ධාතූන් වහන්සේ නම­කුදු පුදන්නේ නම් චිත්ත­ප්‍ර­සා­දය සම වූ කල් හී පිනද සමා­නය. මහත් බවට ගියේ ද වේ.
     එයින් සෑයක් කොට සර්වඥ ධාතූන් පුදනු මැනවි". යනු­වෙනි. එනිසා කරන සෑම පූජා­වක්ම සර්වඥ ධාතූන් වහන්සේ නමක් උදෙ­සාම පූජා කිරී­මට සිත තබා ගන්න.

    තව­දු­ර­ටත් සැල­කී­මේදී 14 වන දානය වන තිරි­සන් සතෙ­කුට දෙන දානය ඕනෑම අයෙ­කුට නිතර පහ­සු­වෙන් කළ හැකි දාන­යකි. පහ­සු­වෙන් කළ හැකි වුවද ලැබෙ­න්නාවූ පින මහත් ඵල වේ. තිරි­සන් සතෙ­කුට එක් වරක් ආහාර දාන­යක් දුන්විට ආත්ම 100සීයෙන් වැඩි වී ආත්ම 10,000ක් ඊට අදාළ ආනි­සංස භුක්ති විඳිය හැක. (100 X 100) මෙසේ දානය ලබන පුද්ග­ල­යාගේ සිල්වත් භාවය වැඩි­වන විට ආනි­සංස ලබන ආත්ම ගණන ද 100 ගුණ­ය­කින් වැඩි වේ.

    අපගේ ජීවිත කාලයේ දී හැකි පමණ විවිධ දේ දන් දීම නිතර කළ යුතුයි.මන්ද අප ජීව­ත්වන කලි­යු­ගයේ සිල්වත්,ගුණ­වත් උතු­මන් බොහෝ අඩු බැවිනි.එදා බුදුන් ජීව­මාන කාලයේ බුදුන්ට එක් බත් හැන්දක්,එක් ඉදි­ක­ටු­වක්,එක් මලක්,එක් මාලා­වක් පූජා­කර සුග­ති­යෙහි උත්ප­ත්තිය ලැබූ අය ගැන අප අසා ඇත.අපද පසු­තැ­වී­ම­කින් තොරව සිටි­න්නට නම් පුණ්‍ය ක්‍රියා,දාන මාන ආදිය නොක­ඩවා සිදු­කර නිවන දක්වා පින්ද­හම් හි හැසිරී සැප­වත් මෙන්ම ත්‍රිහේ­තුක සම්පත් හා ක්ෂණ සම්ප­ත්තිය සහිත ආත්ම භාව ලබා ගැනී­මට උත්සා­හ­වන්ත වන්න.

    සිල්වත්,ගුණ­වත් උතු­මන්ට ආහාර දානය දීමේ ආනි­සං­සය 38ක් ත්‍රිපි­ට­කයේ සඳ­හන් වේ.ඒවා මෙසේයි.

    *දෙව් ලොව ද,මනු ලොව ද උපන් කල අන්‍ය­යන් අතර ශ්‍රේෂ්ඨ වේ.
    *රූප සම්ප­ත්ති­යෙන් සම­න්විත වූවෙක් වේ.
    *අසම සම ප්‍රඥාව *බොහෝ රස­වත් නානා­ප්‍ර­කාර ආහාර වර්ග කෑමට ලැබේ.*බොහෝ ශෝභ­මාන වස්ත්‍ර ලබයි.*දිව්‍ය භෝජන පහළ වේ.*සුවඳ පිරුණු මල්ව­ලින් සැර­සුණු වටිනා යාන වාහන පරි­හ­ර­ණ­යට ලැබේ.*අප­මණ භෝග සම්පත් ඇත්තෙක් වේ.*උසස් කුල­ය­කම උපත ලබයි.*බොහෝ වාර­යක් පෘථිවි රාජ්‍ය ලබයි.*වීර්ය­ව­න්ත­යකු වේ.*කෙලෙස් දැවීමේ ශක්තිය ලැබේ.*කල්ප ලක්ෂ­යක් දුග­ති­යක නොවැටේ.බොහෝ ආයුෂ ඇත්තෙක් වේ.*බල­ස­ම්පන්න වෙයි.*යසස ඇත්තෙකි.*තරුණ වියේ දී බොහෝ සැප සම්පත් ලබයි.*සියලු දෙනා­ටම ප්‍රිය ය.සෑම‍ ­දේ­ටම ශූර ය.කීකරු දූ පුතුන් ලබයි.*තමාගේ වස්තුව ගින්නෙන්,ජල­යෙන්,සොරු­න්ගෙන් ආරක්ෂා ‍වේ.*යහ­පත් ස්වාමි පුරු­ෂ­යින්/බිරි­න්දෑ­ව­රුන් ලබයි.*යහ­පත් ගුණ­ග­රුක කල්‍යාණ මිතු­රන් ආශ්‍ර­යට ලැබේ.*කීකරු දැසි දස්සන් ලැබේ.*දැනුම විශා­ර­ද­කම ඇති අයෙක් වේ.*සෑම කල්හිම පන­සිල් රකි­න්නෙකු වේ.*තෙද රහිත වීම­කට කිසි දින පත්නොවේ.*රූපය දිදු­ලයි.*ආශ්‍ර­යට විනීත පිරිස් පම­ණක් ලැබේ.*අව­මන් නොල­බයි.*සුව­පත් ජීවි­ත­යක් හිමි ය.*මිහිරි වදන් පම­ණක් ඇසේ.*වේදයේ පර­තෙ­රට පත්වෙයි.*බොහෝ විවේ­කය ලබයි.*ධනය ලබයි.*භව­භෝග සම්ප­ත්ව­ලින් කිසිදු අඩු­වක් නැත.*දෙව් - මිනිස් දෙලොව පම­ණක් උපත ලබයි.
    මේ සියලු ගුණ සපුරා තාදී ගුණ ඇති,තෘෂ්ණාව අත­හැර නිව­නට පැමිණි සම්මා සම්බු­දු­ර­ජා­න­න්ව­හ­න්නේට මාගේ නම­ස්කා­රය වේවා!

    ජ්‍යොති­ෂ­වේ­දිනී දේශ­බන්ධු මංජුලා පුෂ්ප­රාං­ගනී පල්ලෙ­බැද්ද
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: දෙනවානම් තුන් සිතම පහදවා දන් දිය යුතුය! Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top