728x90 AdSpace

  • නවතම පුවත්

    2015-04-01

    දේවාකර්ෂණ‍ වේලාවන්

    පසුගිය දිනයක කතරගම දෙවියන්ගේ උපන්දිනය යැයි කියා බොහෝ පිරිස් පූජා ව‍ට්ටි තබා දෙවියන්ගෙන් විවිධ පිහිට පැතූහ‍. නමුත් උන්වහන්සේට දීර්ඝායුෂ පැතූ කෙනෙක් වේදැයි මා නොදනිමි. වාසියට දේවාශිර්වාද ලබා ගැනීම මූලික කර ගනිමින් පුද පූජා පැවැත්වීම පමණක් වර්තමානයේ දී දැකිය හැකි ඛේදයකි.

    ඉතා හොඳින් පින් දහම් කර දෙවියන් ට අනුමෝදන් කරමින් ශීලයේ පිහිටා කටයුතු කරන්නන්ට දේවාකර්ෂණය ලැබෙන බව දන්නවා ද? සමහරු දෙවියන් ආරූඩ වන බවක් කීවද දෙවියන් කිසිවෙකුගේ ඇඟට එන්නේ නැත. මිනිස් සිරුරට එන්නේ ප්‍රේත වැනි වෙනත් අමනුෂ්‍ය බලවේග ය.
    මේ නිසා දෙවියන් ගේ ආකර්ෂණය හැරෙන්නට දෙවියන් වැහීමක් සිදුනොවන බව හොඳින් තේරුම්ගෙන කටයුතු කරන්න. හොඳ පැවැත්මක් ඇත්තාට දෙවියන්ගේ පිහිට ලබාගැනීමට හැකිවේ. ඒ අනුව ඒ ඒ දෙවියන් උදෙසා පහන් තැබිය යුත්තේ දේවාකර්ෂණය ලැබෙන වේලාවටය.ඒ මෙසේ ය.

    දේවාකර්ෂණ වේලාවන්
    *ගම්භාර සුද්ධ සූනියම් දේව බැල්ම ඇති වේලාව- රාත්‍රී 10.01සිට 10.23 දක්වා කාලය යි.
    *දැඩිමුණ්ඩ දේව බැල්ම රාත්‍රී 10.23 සිට 10.47 දක්වා
    *කතරගම දේව බැල්ම රාත්‍රී 10.47 සිට 11.11 දක්වා
    *පත්තිනි දේව බැල්ම රාත්‍රී 11.36 සිට 12.00 දක්වා
    *සරස්වතී දේවිය රාත්‍රී 12.00සිට 12.12 දක්වා
    *විෂ්ණු දෙවි රාත්‍රී 12.12 සිට 12.24 දක්වා
    *ඊශ්වර දෙවි රාත්‍රී 12.24 සිට 12.36 දක්වා
    *සතරවරම් දෙවි රාත්‍රී 12.36 සිට 1.00 දක්වා
    *සුමන සමන් දෙවි රාත්‍රී 1.00 සිට 1.24 දක්වා
    *විභීෂණ දෙවි රාත්‍රී 1.24 සිට 1.48 දක්වා
    *ශුක්‍ර දෙවි රාත්‍රී 1.48 සිට 2.00 දක්වා‍
    *ධර්ම දේවතා රාත්‍රී 2.00 සිට 2.24 දක්වා
    *මහා බ්‍රහ්ම දේවතා අළුයම 5.24 සිට 5.44 දක්වා
    නිසි දැනුමකින් ‍තොරව පහන් තැබී‍ම කරදර ලංකර ගැනීමක් වියහැකි බැවින් පහන් නොතැබිය යුතු වේලාවන් පිළිබඳව ද දැනුවත් වන්න.

    පහන් නොතැබිය යුතු අශුභ වේලාවන්
    *මහසෝන් දිෂ්ටිය රාත්‍රී 6.00 සිට 6.24 දක්වා
    *රීරි යකා රාත්‍රී 6,24 සිට 6.48 දක්වා
    *සූනියම් ඔඩ්ඩිස යක් දිෂ්ටිය රාත්‍රී 6.48 සිට 7.12 දක්වා
    *කඩවර යක්ෂ දිෂ්ටිය රාත්‍රී 7.12 සිට 7.36 දක්වා
    *කළු කුමාර දිෂ්ටිය රාත්‍රී 7.36 සිට 8.07 දක්වා
    *භද්‍රකාලි දිෂ්ටිය රාත්‍රී 8.07 සිට 8.24 දක්වා
    *මදන යකා රාත්‍රී 8.24 සිට 8.48 දක්වා
    *ගොපලු දිෂ්ටිය රාත්‍රී 8,48 සිට 9.12 දක්වා
    *බහිරව දිෂ්ටිය රාත්‍රී 9.12 සිට 9.36 දක්වා
    *කොහොඹ යක්ෂ දිෂ්ටිය රාත්‍රී 9.36 සිට 10.01 දක්වා
    මේ කාලයේ දෙවියන් උදෙසා පහන් තැබීමෙන් කරදර ඇතිවෙයි.දරුවන් ලෙඩ වීම ධනය විනාශය ඇති විය හැක.තම මළගිය ඥාතීන්ගෙන් පිහිට පැතීමට සමහරු හිතුමතේ පහන් තබති. නමුත් මේ නිසා අහිතකර භූත, ප්‍රේත බලපෑම්, බැල්ම ඇති විය හැක. මේ නිසා අවිචාරාත්මකව පහන් දැල්වීමෙන් නැති කරදර ඇතිවන බව සිත තබා ගන්න.

    ජ්‍යොතිෂවේදී ගොඩගම ජයසේන ජයසිංහ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: දේවාකර්ෂණ‍ වේලාවන් Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top