728x90 AdSpace

  • නවතම පුවත්

    2015-04-22

    තණ්හාවේ ශාපයතණ්හාවේ ශාපය


    මයිල්ස් ෆිලි­ප්සන් එංග­ල­න්තයේ අති­ ර­ම­ණීය පලා­තක් වන වින්ඩ්ස්මි­යර් ප්‍රදේ­ශයේ ජීවත් වූ කොටි­ප­ති­යෙකු විය.16 වැනි සිය­වසේ  සිටි මොහුට අති විශාල භූමි ප්‍රමා­ණ­යෙන් අති විශාල ආදා­ය­මක් හිමි විය. එහෙත් මයිල්ස් කිසි­දි­නක පව­තින දේව­ලින් සැන­සෙන කෙනෙකු නොවී ය.ඔහුගේ එකම අර­මුණ තම ඉඩම් ප්‍රමා­ණය තව තවත් වැඩි­කර ගැනී­මයි.

    එහුගේ ඉඩ­මට යාබ­දව පිහිටි කුඩා ගොවි­පොල ක්රාස්ටර් හා ඩොරති කුක් යුවල සතු විය. ඔවුන්ගේ මුළු සේස­තම ඒ කුඩා ගොවි­පොළට සීමා විය. ඔවුන් දිවි ගැට­ගසා ගත්තේ ඉතාම අප­හ­සු­වෙනි.ගොවි­පො­ලෙන් ලැබෙන කුඩා ආදා­යම ඔවුන්ගේ ජීවි­තයේ එකම පිහි­ටයි. මයිල්ස් ෆිලි­ප්සන්ගේ තන්හා­ධික ඇස යුව­ලගේ කුඩා ගොවි­පොළ වෙත යොමු වූ අතර තමා තැනී­මට සිතා සිටින දැවැන්ත මන්දි­ර­යට සුදුසු තම ස්ථානය මේ ගොවි­පොල බව තීර­ණය කෙළේ ය.ඒ අනුව කුක් යුවල හමු­වී­මට ගොස් තමා ඒ සඳහා ඔහු මුද­ලක් ද නියම කෙළේ ය.

    එහෙත් කුක් යුවල ඒ යෝජ­නාව ප්‍රති­ක්ෂේප කළේ තමන්ට පව­තින එකම දේපළ මේ ස්ථානය බව පව­ස­මිනි. එහෙත් නෑ හෝ බෑ වදන් මයිල්ස් ගේ ශබ්ද කෝෂ­යට ඇතු­ලත් වී නොති­බිණි.
    නත්තල් උදා­විය. මයිල්ස් ෆිලි­ප්සන් නත්තල සැම­රී­මට දැවැන්ත සාද­යක් පැවැත් වූ අතර ක්රාස්ටර් හා ඩොර­ති­ටත් එම නත්තල් සාද­යට ඇර­යු­මක් ලැබිණි.

    නත්තල් සාදය ඉතාම දැවැන්ත එකක්  වූ අතර රස­වත් කෑම බීම­ව­ලින් පිරී ඉතිරී ගිය ආකා­රය කුක් යුව­ලගේ ප්‍රසා­ද­යට හේතු විය. ඔවු­න් ද ඉතාම සතු­ටින් එම ආහා­රය කුක් යුව­ලගේ ප්‍රසා­ද­යට හේතු විය.ඔවුන් ද ඉතාම සතු­ටින් එම ආහාර භුක්ති වින්දේ ය.

    සාදය අත­ර­තුර දී ඔවුන් හමු­වී­මට පැමිණි ෆිලි­ප්සන් ඔවු­නට රන්මුව බඳු­නක් තෑගි කෙළේ ය.කුක් යුවල පුදු­ම­ය­ටත් හා එසේම එබඳු ත්‍යාග­යක් ලැබීම මහත් භාග්‍ය­යක් ලෙස ඔවුහු සැල­කූහ.
    සාදය නිම වී සිය­ලු­දෙනා නිවෙ­ස්ව­ලට ගිය අතර කුක් යුවල ද සතුටු සිතින් නිවෙස් බලා ගියෝ ය.
    පසු දා පහන් වී මඳ වේලා­වක් යත්ම ආර­ක්ෂක නිල­ධා­රීන් පිරි­සක් කුක් නිවෙසේ දොරට ගස­න්නට විය. දොර විවෘත වීමත් සමඟ නිවෙස තුළ‍ට පැමිණි ආර­ක්ෂක නිල­ධා­රීන් විසින් පෙර­දින සාදයේ දී කුක් යුව­ලට ලැබුණු රන් බඳු­නත් කුක් යුව­ලත් අත්අ­ඩං­ගු­වට ගෙන උසා­වි­යට ගෙන­යන ලදී.

    උසා­වියේ විනි­සුරු ලෙස කට­යුතු කෙළේ මයි­ලිස් ෆිලි­ප්සන් වීම කුක් ‍ යුව­ලට සාධා­ර­ණ­යක් සිදු­වීම ගැන සිතීම පවා අප­හසු විය. මයි­කල්ස් ෆිලි­ප්සන් ට අයත් රන් බඳු­නක් කුක් යුවල විසින් සොර­කම් කළ බවත් එම අප­රා­ධ­යට දඬු­වම මර­ණය බවත් උසා­විය තීර­ණය කරන ලදී.
    මේ අසා­ධා­රණ නඩු තීන්දුව තවත් ඉවසා සිටී­මට නොහැකි වූ ඩොරති කුක් උසා­විය දෙව­නත් කරන මහ හඬින් "උඹ බලා­ගෙන හිට­පන් උඹට බේරෙන්න ලැබෙන්නේ නෑ කිසිම ඉඩ­මක් නැති තත්ත්ව­යට උඹ පත්වෙන හැටි බලා­ගෙන හිට­පන් "යනු­වෙන් කෑ ගැසුවා ය.එහෙත් ඉන් පලක් නොවී ය.
    උසාවි නියෝ­ගය අනුව ක්රාස්ටර්  හා ඩොරති කුක් එල්ලා මරනු ලැබී ය.ඊට නොබෝ දින­කින් මයිල්ස් කුක් යුවල සතු කුඩා ගොවි‍පොල තම ඉඩ­මට යාක­ර­ගත් අතර ඔහුගේ සිහින මන්දි­රය එහි තුනීම ද ඇර­ඹුවේ ය.එය කැල්ගාත් ශාලාව ලෙස හඳු­න්වනු ලැබී ය.‍‍

    කැල්ගාත් ශාලා මන්දි­රය අව­සන් වූ පසු එම වසරේ නත්තල් සාදය එහි පැවැ­ත්වී­මට සියල්ල සංවි­ධා­නය කොට මයි­ලස් තම සිය­ලුම මිතු­රන්ට  හා හිත­ව­තු­නට සාද­යට ඇර­යුම් කෙ‍ළේ ය.නත්තල් සාදය ජය­ටම පැවැ­ත්වෙද්දී හිටි හැටියේ ම උඩු­ම­හලේ සිටි ෆිලිප්ස්ගේ බිරිඳ බිහි­සුණු මර­හ­ඬක් නිකුත් කරනු ඇසිණ. සිය­නු­දෙ­නාම තුෂ්නි­ම්භූ­තව බලා සිටිද්දී උඩු­ම­හලේ සිට පහ­තට එන පඩි­පෙළ දිගේ බෙරි­හන් දෙමින් පහ­තට බසින ආකා­රය සියලු දෙනා තුළම කුතු­හ­ලය හා භීතිය දන­වන සුළු විය.

    බිය­කරු සින­හ­වක් පා‍මින් පඩි­පෙළ අසල තබා තිබුණු මිනී හිස්ක­බල් දෙකක් විය.ෆිලි­ප්සන්ගේ බිරිඳ මේ හිස්ක­බල් දැක බයින් ත්‍රස්ත බවට පත් වූයේ ඒවා පණ ඇති සේ දුටු නිසා ය.
    මෙය කාගේ හෝ කොලො­ප්ප­මක්,විහි­ලු­වක් ලෙස සැලකූ ෆිලි­ප්සන් එය කල තැනැත්තා කවුරු වුව ද එය නුසු­දුසු ක්‍රියා­වක් බව පෙන්වා දෙමින් හිස් කබල් දෙක නිවෙ­සින් එළි­යට විසි කෙළේ ය.
    සාදය තුළ පැවැති සතුට භීතිය බවට පෙර­ළීම නිසා ආහර ගැනී­මෙන් පසු සාද­යට පැමිණි අය ඒ මහා මන්දි­රයේ කාම­ර­ව­ලට වේලා­ස­නින් ගියේ නිදා ගැනීම සඳ­හායි.එහෙත් කිසි­වෙ­කු­ටත් නිදා ගැනීම කළ නොහැකි විය. සාදයේ  සිදු වූ අද්භූත සිදු­වීම ඔවුන්ගේ සිත් තුළ අවි­නි­ශ්චිත බවක් ඇති කර­වන් සුළු විය.

    මේ අතර මන්දි­රය පුරා පැතිර ගිය නිශ්ශ­බ්ද­තා­වය දෙපලු කර­මින් තවත් කාන්තා බෙරි­හන් දීමක් ඇසී කාම­ර­ව­ලින් එළි­යට ආ අයට දැක ගත හැකි වුයේ පඩි පෙළ අයිනේ ඉහත කී  හිස් කබල් දෙකයි.
    ඉන් පසු දින දෙකක් ති‍ස්සේ මේ හිස් කබල් දෙක ඉවත් කිරීම සඳහා නොකළ දෙයක් නැත.වරෙක ඒවා­වල දැමීම ද කරන ලදී . එහෙත් නැවත හිස් කබල් නිවෙස තුළට පැමි­ණීම සිදු විය. එම හිස් කබල් කැල්ගැත් මන්දි­රයේ සදා කාලික වස්තූන් බවට පත් වීම ෆිලි­ප්සන් තුළ මාන­සික මෙන්ම කායික බෙල­හී­න­තා­ව­යක් ඇති කිරී­මට සමත් විය.

    ඔහු නන්දො­ඩ­වන අයෙ­කුගේ තත්ත්ව­යට පත් වී  අව­සා­නයේ දී රෝගා­තුර වී මරු­මු­වට පත් විය.
    මුළු මන්දි­රය පුරාම ඉහත කී මිනී හිස් කබල් විසින් නිකුත් කරනු ලබන බිය­කරු සින­හව පැතිර ගොස් ඇත්තාක්සේ ය. මෙය රාත්‍රිය වන විට දරුණු හඬක් බවට පත් වන්නේ ය. අප්‍රිය ජනක දර්ශ­න­යක් වන මේ මිනී හිස් කබල්  නිර­තු­රු­වම මන්දි­රයේ දැකිය හැකි විය. විශේ­ෂ­යෙන්ම නත්තල් දින­වල හා කුක් යුවල එල්ලා මරනු ලැබූ දින­වල  සතු­කර ගෙන ඇත්තාක් මෙන් විය.

    මේ සිය­ලුම සිද්ධීන් සමඟ ෆිලි­ප්සන්ගේ පවුල මහ මඟට වැටී සිඟ­මන් ඉල්ලා සිටින තත්ත්ව­ය­කට පත්වී­මත් සමඟ කැල්ගාත් මන්දි­රය විකුණා දැමී­මට කට­යුතු කරන ලදී. මන්දි­රය විකුණා දැමී­මත් සමඟ එහි අරක් ගෙන සිටි හිස් කබල් දෙක ද අභි­ර­හස් අයු­රින් අතු­රු­ද­හන් වී තිබිණ.

    රෝහණ ආරි­ය­රත්න
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: තණ්හාවේ ශාපයතණ්හාවේ ශාපය Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top