728x90 AdSpace

  • නවතම පුවත්

    2015-04-01

    ළඳකගෙ සිරිය ඔපකරවන සිරස් පත....


    හිස සියලු සත්ත්වයාටම වැදගත්ම වූ ශරීරයේ කොටසකි. හිසේ සිට පාදාන්තය දක්වා මිනිස් සිරුරේ විවිධ සළකුණු පවතී. මේවා එකිනෙකට වෙනස් ය. පෙර සෘෂිවරු මේ සළකුණු බලා මිනිසාගේ හැසිරීම, ගති ස්වභාවය කල්වේලා ඇතිවම පැවසූහ.

    භාව කුතුහලය ග්‍රන්ථයේ මේ පිළිබඳ මනාව පැහැදිලි කරයි. විශේෂයෙන් කාන්තා අංග ලක්ෂණ හා ශරීරයේ පිහිටි සළකුණු අනුව ඇය කෙබඳු කතක් ද යන්න සඳහන් කර ඇත. ඒ අනුව ළඳකගේ ගති ස්වභාවය හිසේ පිහිටීම හා සළකුණු අනුව හඳුනා ගනිමු. කුඩා හිසක් හිමි කාන්තාව යහ ගුණවලින් පිරිපුන් ය. හොඳින් ඉගෙනගනී. නුවණැති ය. පතිදම් රකින්නියකි. තැනට ඔබින කතා විලාශයෙන් සැම සිත් ඇද බැඳ ගනිමින් මුදු වදනින් සියලු දෙනා සනසාලයි.

    තල කැළලක් බඳු උපන් ලපයක් හිසේ පිහිටියේ නම් පරම පිවිතුරු සෙනෙහසින් තම සැමියා සුරකියි. අනවශ්‍ය කතා පවසන්නේ නැති කිසිවකු මුලාවට පත් නොකරන උතුම් කාන්තාවකි. හැඟුම්බර කතා විලාශයෙන් යුතු මෙවන් ළඳුන් විශ්මිත වූ තියුණු නුවණකින් යුතු වන්නේ ය.

    මඳක් පිටුපසට නෙරා ඇති හිස ඇත්තිය සූ සැට මායමින් අනූන ය. නොයෙක් මායම් සටකපටකම් වලින් තම සිතැඟි ඉටුකර ගැනීමට උත්සුක වන්නී ය. මෙවන් තැනැත්තියන්ගේ නුගුණ ලොවට හෙළිවෙයි.
    මනා රූ සපුවෙන් යුතු නෙතට අඳුනක් වූ යුවතියගේ හිසේ දෙකෙළවර වළ ගැසී ඇත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙවන් කත සතු ගුණ කාටත් වැඩදායක ලෙස පවතී. මනා සිහිනුවණින් යුතුව තම දරුවන් ද යහමඟට ගනිමින් සතුටින් කල්ගත කරයි. මෙවන් කාන්තාවක් නිවසට මැණිකක් බඳුය.

    සකල සතහට සුවය ගෙන දෙන උතුම් සම්පත වුණේ සිරසයි
    හිසේ සිට පා යුගල දක්වා ගතේ සළකුණු බලා පවසයි
    අතේ සළකුණු ගතේ සළකුණු වලින් පැවසෙන කරුණු පැසසෙයි
    හිසේ සළකුණු බලා ළඳකගෙ මනා ගති ගුණ කියා සැනසෙයි

    අමිල අජර අමර සුවය මුලු ලොව වෙත නිති කැන්දන
    කලා ලොවේ හැම හදවත් විනිවිද නෙත සිත අලවන
    රුසිරු ළඳක සතු හිසකින් ලොවට අනඟි දෑ පෙන්වන
    පොරණ ඇඳුරුතුමන් මෙලෙස ගුණ පවසන් ඇගෙ හිස ගැන

    සියලු සතර හොඳින් ඉගෙන නුවණ මෙහෙයවා හැමසඳ
    නිති සුරකින පතිදම් ඇති යහගුණයෙන් නෙත සුව විඳ
    නොමඳ විහිලු තහලු සමඟ මුදු වදනින් හද ඇද බැඳ
    කුඩා හිසක් ඇති යුවතිය සතුව තියේ යහ ගුණකඳ

    පරම පිවිතුරු සෙනේහයකින් ඇගේ හිමි සඳ නිතර සුරකින
    කමට නැති වූ වදන් පවසා සකල සව්සත මුලා නොකරන
    තියුණු ගුණ නැණ බෙලෙන් විශ්මිත හැඟුම් බර වූ බසක් තෙපලන
    උපන් ලප තල කැළැල් ඇති බව පෙනේ ඇයගේ හි‍සේ හැමදින

    සකල සූසැට මායමින් සැදි දිගැසියක සතු සිරස හැමවිට
    මඳක් පිටුපස නෙරා ඇති නම් පෙනේ ඇයගේ නුගුණ සදහට
    නොයෙක මායම් ලොවට හෙළිකොට සිතැඟි අදහස දිනා ගැනුමට
    සමත් යුවතිය සතුව ඇති ගුණ නුගුණ හෙළිවේ ලොවේ සතහට

    නෙතට සුවදෙන ගතට සැප දෙන සොඳුරු යුවතියකගේ සිරසේ
    දෙකෙලවර වල ගැසී ඇත්නම් පෙනේ ඇය සතු ගුණය සිතුසේ
    මනා සිහි නුවණකින් යුක්තව පිණැති දරු කැල සමඟ සතොසේ
    මැණික් පහනක් වගේ බබලයි එවන් අඟනක් සිටින නිවසේ

    භාව කුතුහලය ඇසුරෙනි

    දන්ඕවිට, බී.ආර්.දයානන්ද
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ළඳකගෙ සිරිය ඔපකරවන සිරස් පත.... Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top