728x90 AdSpace

  • නවතම පුවත්

    2015-04-01

    ඉගෙන ගන්න හැටි ඉගෙන ගන්න


    මේෂ
    මේෂ ලග්නය හිමියාට කුජ අධිපති ග්‍රහයා වේ. ඉක්මණින් කිපෙන, තද හිතක් ඇති කරන, කලබලකාරී දරුවෙක් බවට පත්කරවන කුජ ලග්නයට සිව්වැන්නට පස්වැන්නට නව වැන්නට යෙදුන හොත් අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවේ. නමුත් මෙහිදී තුන්වැන්න අධිපති බුධ පස්වැන්නේ යෙදී රවි ද එහිදී සංයෝගවූයේ නම් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවේ.

    නමුත් ලග්නාධිපති කුජගේ හිතුවක්කාර ස්වභාවය මෙයට බලපෑ හැකිය. එම දුර්වලතාව මඟ හරවා ගැනීමට මේ පිළිවෙත කරන්න. දිනපතා එළිවෙන පාන්දර 4.30 සිට 6.00 අතර පොත් පාඩම් කරන කාලසීමාව යොදා ගන්න. එම කාලසීමාවේදී තමන් බුදුන් වඳින ස්ථානයට රතු මල් වට්ටියක්, තැඹිලි තෙල් පහනක් පූජා කරන්න. ඉන් පසු දකුණු දිසාව බලා කතරගම දෙවියන්ට පිං දෙන්න වෙනම ගාථාව කියා.

    සම්බුද්ධ සාසනවරං ඉදරෝහනස්මිං
    සම්පාලනාය පටිලද්ධ වරෝ මහිද්ධි
    පුඤ්ඤානිමානී අනුමෝදීය කන්ධ දේවෝ
    පාලේතුමං සත්ත සාත හිතාච හන්තෝ
    ඊළඟට මේ ස්තෝත්‍රය කියන්න
    ධරණී ගර්භ සම්භූතං
    විද්‍යුත් කාන්ත සමප්‍රභං - කුමාරං ශක්ති හස්තංතං
    මංගලං ප්‍රණමාම්‍යහම්.
    ඊළඟට මෙය තුන්වරක් කියවන්න.
    ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
    අහෝසි මාරස්ස පරාජයෝහී
    උග්ඝෝසයුං දේව ගණා පසන්නා
    ඒතේන සච්චේන ජයස්සු මයිහං

    මේ පිළිවෙත කුජ දිනට එළිවෙන පාන්දර සතියකට වරක් කරගෙන යන්න. මීළගට ඔබේ ලග්නය අනුව ඔබේ කටයුතුවලට බාධා ගෙන දෙන සෙනසුරු ග්‍රහයා වෙනුවෙන් ද සෙනසුරාදාට එළිවෙන පාන්දර 5.00ට ඉහත ආකාරයෙන් බුදුන්ට නිල් මල් හා සුදු මල් වට්ටියක් පූජා කරන්න. තැඹිලි තෙල් පහනක් හා මීතෙල් පහනක් පූජා කරන්න. සුවඳ පූජා කරන්න. ඉන්පසු උතුරු දිසාව බලා විෂ්ණු දෙවියන්ට මේ ගාථාවෙන් පිං දෙන්න.

    සම්බුද්ධ සාසන වරං යතිපුංග වඤ්චං
    සම්පාලනාය පටිලද්ධ වරෝ යසස්සී
    පුඤ්ඤානිමානි අනුමෝදීය වාසු දේවෝ
    පාලේතුමං සත්ත සාත හිතාච හන්තො
    මෙම ස්තෝත්‍රය කියන්න.
    නීලාංජන සමාභාසං - රවි පුත්‍රං යමාග්‍රජම්
    ඡායා මාර්තණ්ඩ සම්භූතං - තං නමාමි ශනෛශ්වරම්

    ඊළඟට ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ ගාථාව 3වරක් කියන්න.
    මස් අනුභවයෙන් තොරවන්න. විශේෂයෙන් දෙමාපියන් මේ ගැන සැලකිලිමත් විය යුතුයි. බලු, බළල්, කාක, සතුන්ට හිරිහැර කිරීමෙන් වලකින්න. හිතමිතුරු සාදවලින් ඈත්විය යුතුය. මෙය ලග්න 12 සියලු දෙනාටම පොදු වේ.

    වෘෂභ
    වෘෂභ ලග්නයට අධිපති සිකුරු නැටුම්, ගැයුම්, සංගීත නාට්‍ය ආදී කලාත්මක අංශ නියෝජනය කරනු ඇත. ඒ අනුව ලග්නාධිපති සිකුරු පස්වැන්නේ දී කන්‍යාවේදී දුර්වල වන අතර පස්වැන්න අධිපති බුධ සමඟ සංයෝග වී එහි යෙදුනේ නම් එම දෝෂය ඉවත් වීමෙන් කලාකාමී අධ්‍යාපනයක් ලැබීමට හේතු වේ. තමන්ගේ හැකියාවන් එළිදැක්වීමට අවස්ථාවන් උදාවේ. කෙසේ නමුත් පස්වැන්නේ ඉහත කී සිකුරු බුධ සංයෝගයක් යෙදී ඇත්නම් දිනපතා අළුයම පහට බුදුන්ට සුදු මල්, පහන් ආලෝකයක්, සුවඳ පූජා කර විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න.

    සම්බුද්ධ සාසන වරං යති පුංග චඤ්ඤ
    සම්පාලනාය පටිලද්ධ වරෝ යසස්සී
    පුඤ්ඤානිමානී අනුමෝදීය වාසු දේවෝ
    පාලේතු මං සතත සාත හිනාච හ‍න්තෝ
    ඊළඟට මෙම ස්ත්‍රෝත්‍රය කියන්න තුන් වරක් බැගිනි.
    හිමකුන්ද මෘණාලාභං දෛත්‍යානාං පරමං ගුරුම්
    සර්ව ශාස්ත්‍ර පුවක්තාරං භාගර්වං ප්‍රණමාම්‍යහම්

    මෙය තුන්වරක් කියා අබතෙල් හා පොල්තෙල් මිශ්‍ර පහනක් දල්වන්න. සුදු මල් වට්ටියක් තබන්න. ඊළඟට සරස්වතී මෑණියන් උදෙසා වතුර වීදුරුවකට සමන් පිච්ච මල් කීපයක් දමා සුවඳ කූරක් දල්වා පිංතූරයක් තබා පූජා කර මේ ස්ත්‍රෝත්‍රය 3 වරක් කියන්න.

    ඝෝර රූපේ මහාරාවේ - සර්ව ශත්‍රෘ භයංකරී
    භකෙතභ්‍යො වරදේ දේවි ත්‍රෘහි මාං ශරණාගතම්
    ඕං සුරා සුරාර්විතේ දේවී - සිද්ධ ගාන්ධර්ව සේවිතේ
    ජාඩ්‍ය පාප හරේ දේවී - ත්‍රෘහි මාං ශරණාගතම්

    මේ සඳහා තමන් පාඩම් කරන කාමරයේ උතුරු පැත්තට කුඩා මේසයක් තබා සාදාගන්න. ඊළඟට මෙම ගාථාව 3 වරක් කියා අවසන් කරන්න.

    ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
    අහෝසි මාරස්ස පරාජයෝහි
    උග්ඝෝසයං දේවගණා පසන්නා
    ඒතේන සච්චෙන ජයස්සු මයිහං

    මෙම පිළිවෙත් සිකුරාදා දිනට එළිවෙන පාන්දර කරන්න.
    මීළඟට වෘෂභ ලග්නයේ පස්වැන්න අධිපති බුධ සමඟ දොළොස්වැන්න අධිපති කුජ සංයෝග වී හත්වැන්න හෝ අටවැන්න ආදී රාශියක යෙදුනේ නම් අධ්‍යාපන කටයුතුවලට ඉමහත් බාධාවකි. අනියම් සබඳතා පාසල් දිවියේදී ඇතිවීමෙන් අධ්‍යාපන කටයුතු අඩපණ වෙනවා ඇත. එමනිසා පාසල් දිවියේ වයස අවු. 15 දී සිට විෂ්ණු දෙවියන්ට භාරයක් විය යුතුය. එමනිසා දිනපතා අළුයම 5.00 විශේෂයෙන් බදාදා දිනවල බුදුන්ට මල් පහන් සුවඳ නිල්මල් වට්ටියක් ආදී පූජා කර මෙහි දක්වා ඇති පිං දෙන ගාථාවෙන් විෂ්ණු දෙවියන්ට පිං අනුමෝදන් කර මෙම ස්තෝත්‍රය 3 වර කියන්න.

    ප්‍රියංගු කලිකාශ්‍යාමං - රූපේණ ප්‍රතිමං බුධම්
    සෞම්‍යං සෞම්‍ය ගුණෝපේතං - තං බුධං ප්‍රණමාම්‍යහම්
    අංගාරක: ශක්තිධරො - ලෝහිතාංගෝ ධරාසුතඃ
    කුමාරො මංගලො භෞමෝ - මහා කායෝ ධනපුදඃ

    මිථුන
    මිථුන ලග්නයේ අධිපති ඤාණකාරක බුධ පස්වැන්න වූ තුලාවේ උපතින්ම යෙදුනේ නම් කුඩා අවධියේ පටන් නර්තනය, සංගීත ආදී කලා හැකියාවන්ට දක්ෂතාවය ඇතිකිරීමත් ඒ අනුව අධ්‍යාපනය ද නැඹුරු වීම සිදුවේ. ආගමික හැදියාවකට කුඩා කළ සිට නැඹුරු වී අධ්‍යාපන කටයුතු කරමින් ඒ අතරතුර දිනපතා සරස්වතී දේවිය නැමදීම ඉතා යහපත් වේ. දිනපතා අළුයම 4.30 න් පසුව යෙදෙන බ්‍රහ්ම මුහුර්තයේදී සරස්වතී දේවියට පහන් ආලෝකයක්, පැන් වීදුරුවක්, සුවඳ මල් වර්ග පූජා කරන්න. ඉන්පසුව මෙම ස්තෝත්‍රය 3 න් වරක් කියන්න.

    ධාතුශ්වතුර් මුඛී කණ්ඨ
    ශෘංගාටක විහාරිණීම්
    නිත්‍යං ප්‍රගල්හ වාචාල
    මූපතිෂේට සරස්වතීම්

    මිථුන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ සෙනසුරුගේ මහ දශාවක් වයස අවුරුදු 3 සිට 22 දක්වා ලැබුවහොත් අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වේ. එනිසා සෙනසුරුගෙන් එන බාධා දුරුකර ගැනීමට ගුරු දිනට එළිවෙන පාන්දර 5.00 – 6.00 අතර නිල් මල් වට්ටියක්, මී තෙල් පහනක්, සුදු මල් වට්ටියක් බුදුන්ට පූජා කරන්න. ඉන්පසුව විෂ්ණු දෙවියන්ට පිං දෙන්න. මෙම ස්තෝත්‍රය ද 3 වරක් කියවන්න.

    නීලාංජන සමාභාසං - රවි පුත්‍රම් යමාග්‍රජම්
    ඡායා මාර්තාණ්ඩ සම්භූතං - තං නමාමි ශනෛශ්වරම්
    සියලු ග්‍රහ අපල දොස් දුරු වී සැනසීම ලැබේවා! අදිටන් කරන්න.

    ඉතිරි ලග්න ලබන සතියේ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඉගෙන ගන්න හැටි ඉගෙන ගන්න Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top