728x90 AdSpace

  • නවතම පුවත්

    2015-04-29

    මැරෙන මොහොතේ පවට සිත ගියොත් සසර බිය දැඩි වෙයි

    අරුම පුදුම රෝස හොල්මන

    මේ අරුම පුදුම හොල්මන් කථාව ඇර­ඹෙන්නේ ඇම­රි­කාවේ ටෙක්සාස් ජන­ප­දයේ කුලී නිවෙ­ස­කිනි.එහි 26 හැවි­රිදි ඩී.ඈන් නමැති කාන්තාව ඇගේ දරු­වන් හා ඇයට වඩා වය­සින් වැඩි සැමියා සමඟ කලක් එහි දිවි ගෙවුවා ය.ඇගේ සැමියා ‍රෝගී තත්ත්වයේ පසු වූ නිසා දරු­වන් බලා කියා ගැනී­මට අම­ත­රව සැමියා පිළි­බ­ඳ­වද විශේෂ සැල­කි­ල්ලක් යොමු කිරී­මට ඩීට සිදු විය.මේ සිය­ල්ල­ටම අම­ත­රව මේ නිවෙසේ තවත් අයකු සිටින බව ඇයට ඉවෙන් මෙන් දැනිණි.නමුත් කිසි දිනක එම අද්භූත තැනැ­ත්තිය ඩීට හමු වී නැත.

    එහෙත් එම තත්ත්වය වෙනස් වූයේ 2002 පාස්කු ඉරිදා දිනයේ දී ය. පාස්කු ඉරිදා පවුලේ උද­විය සමඟ ආග­මික වතා­ව­ත්ව­ලින් පසු කෙළි­සෙ­ල්ලම් හා විනෝද ක්‍රීඩා­වල යෙදී සිටි ඩීට වත්ත කොනේ රෝස පැහැති ගවු­මක්,සපත්තු යුව­ලක් හා අත් බෑග­යක් සහිත අද්භූත කාන්තා­ව­කගේ රුවක් දැක­ගත හැක විය.ප්‍රථම වතා­වට දුටු මේ කාන්තාව මෙතෙක් නිවෙසේ  වහන්ව සිටි තැනැ­ත්තිය බව ඩී.වටහා ගත්තා ය.

    එහෙත් ඈ තමා දෙස ඇසි­පිය නොහෙළා බලා සිටින අත­ර­තුර හිටි හැටි­යේම "ඔහුට දැන් ඔබව අවශ්‍ය වී තිබෙ­නවා "යනු­වෙන් පවසා අතු­රු­දන් විය.
    වහා නිවෙස පිටු­ප­සට දිව යද්දී ඩී ගේ එක් දරු­වෙක් "තාත්තා වැටිලා හොඳ­ටම අමා­රුයි කියා කෑග­ස­මින් ඈ වෙත දිව ආවේ ය.
    වහා නිවෙස පිටු­ප­සට ගිය ඩී ‍ට දැක­ගත හැකි වූයේ ඇය ගේ සැමියා උඩ පැනීම සඳහා යොදා ගනු ලබන උප­ක­ර­ණ­යෙන් බිම ඇද වැටී කකුල කැඩී සිහි නැතිව වැටී සිටින ආකා­ර­යයි‍.

    සැමියා රෝහ­ල්ග­ත­කර ඩීට ද එහි නැව­තී­මට සිදු­විය. රෝස පැහැති කාන්තාව ඩී සමඟ එම කාම­රයේ ම සිටියා ය. ඩී යන යන සැම තැන­කම රෝස පැහැති කාන්තා හොල්මන ද ගියේ සුවච කීකරු මිතු­රි­යක් ‍ලෙසට ය.ඩී ගේ සියලු ක්‍රියා­ක­ර­කම් පිළි­බඳ ඇය සෙවි­ල්ලෙන් සිටින බව ඩී ට වැට­හිනි.කෙසේ වෙතත් දින තුන­කට පසු රෝහ­ලෙන් ඇයගේ සැමියා  පිටව යා යුතු වුවත් ඔහු ඉතාම දුර්වල තත්ත්ව­යෙන් පසු වූ නිසා ඔහු වත්තන් කර­ගෙන නිවෙස ට ගෙන යාමට ඩීට සිදු විය.ඔහුට සය­නයේ වැති­රෙ­න්නට සලස්වා ආපසු හැරුණු ඩීට දැක­ගත හැකි වූයේ රෝස පැහැති හොල්මන ඈ දෙස තර­හින් ඔරවා ගෙන සිටින ආකා­ර­යයි.

    ඒ වන විට හොල්මන ඩී සහ සැමියා සිටි කාම­රයේ දොර ළඟ සිට­ගෙන සිටියා ය.ඩී එම කාම­ර­යෙන් පිට­තට ගොස් දොර වැසී­මට තැත් කළ විට රෝස පැහැති හොල්මන එය වැලැ­ක්විය .මේ හොල්මන දැකීමේ හැකි­යාව තිබුණේ ඩී ට පම­ණක් බැවින් ඇය බැන වැදී­මට හෝ වෙනත් දෙයක් කීමට තැත් කළ­හොත් සැමියා ඩීට පිස්සු යැයි සිතනු ඇතැයි යන බිය නිසා ඩී කාම­ර­යෙන් පි‍ට විය.

    ඩී තුළ ඒ වන විට රෝස පැහැති හොල්මන කෙරේ පැවැති නොස­න්සුන් භාවය කෝප­ය­කට පෙරළී ඇති නමුත් ඇය හොල්මන අම­තක කර­ලී­මට සිතා­ගෙන දරු­වන්ට කෑම පිළි­යෙළ කිරීම ඇරඹී ය.කෙසේ වෙතත් හොල්මන් කාන්තාව තමාට නිද­හසේ සිටී­මට ඉඩ නොදන බව ඩී දැන සිටියා ය.එම හොල්මන තම නිවෙසේ සිටින බව ඈ ‍හොඳින් දැන සිටි නමුත් ඇගේ පිටු­පස මෙසේ නිර­තු­රු­වම සිටීම ඇය ට පැව­සිය නොහැකි කර­ද­ර­යක් බවට පත් වී තිබිණි.

    අව­සා­නයේ ඉවසා සිටිය නොහැකි තත්ත්ව­යට පත් ඩී තම පිටු­පස සිට­ගෙන සිටින රෝස පැහැති කාන්තා හොල්මන අමතා "මොන­වද උඹට ‍ඕනෙ'කියා මහ හඬින් ඇසුවා ය.
    ඇගේ උස් හඬ දෙස ශෝකා­කූල බැල්මක් හෙළූ හොල්මන අතු­රු­ද­හන් විය. ඇය ඩීට උදව් කිරී­මට සූදා­න­මින් සිටි නමුත් එය කර­ද­ර­යක් බවට පත් වී තිබීම වටහා ගත් හොල්මන ඩී අත­හැර ගියා ය.ඩී සහ දරුවෝ එදා රාත්‍රියේ  සතු­ටින් ආහාර ගැනීම ඇරඹූ හ.
    අහ­ර‍ගෙන අව­සන්ව ඉඳුල් පිඟන් රැගෙන මුළු­තැ­න්ගෙට යමින් සිටි ඩී ට යළි රෝස පැහැති හොල්මන මුණ­ගැ­සිණි. ඇයගේ මුහුණේ තිබුණේ කෝපය මිශ්‍ර පිළි­කුල් සහ­ගත පෙනු­මකි.
    "ඔක්කොම ඉවර වුනාට පස්සේ ද එයා ගැන බලන්නේ' යනු­වෙන්  ඉතා පහත් හඬින් පවසා ඈ යන්නට ගියා ය.

    ඩී රැගෙන ආ පිඟන් විසි­කර දමා වහාම ස්වාමියා සි‍ටි කාම­ර­යට දිව ගියා ය.ඒ වන විට ඉවසා ගත නොහැකි වේද­නාව සම­නය කර­ගැ­නීම සඳහා වේදනා නාශක පෙති ගැනී­මට සය­න­යෙන් නැගී සිටි ඇයගේ සැමියා සය­නය අසල වැ‍ටී සිටියේ ය.ඩී සහ දරු­වන් ආහාර ගන්න නිසා ඔවු­නට කර­දර කිරීම නොකළ සැමියා අප­හ­සු­වෙන් එම පෙති ගැනී­මට තැත් කරද්දී ඇද වැටී තිබිණ. වහාම වැටී සිටි තැනින් ඔසවා සය­නය මත සැමියා තබා මඳක් බිරා­න්නව සිදු වූ දේවල් ගැන ඩී සිත­න්නට වූවා ය.

    ඒ රෝස පැහැති කාන්තාව මෙතෙක් ඇය වෙත ක්‍රියා කළ ආකා­රය ඩීට වටහා ගත හැකි විය.ඇය මෙතෙක් ඇයට මහත් සේ උදව් කිරී­මට ඉදි­රි­පත් වූ ආකා­ර­යත් ඒ ගැන සැල­කීම නොදැක් වූ විට ඇය කෝප වූ  ආකා­ර­යත් ඩී ට ක්‍රම­යෙන් වැට­හෙ­න්නට විය. ඈ තම මිතු­රි­යක් ලෙස තමා පිටු­පස සිටින බව වටහා ගත්තා ය.
    මේ රෝස පැහැ කාන්තා හොල්මන කවුද?
    ඩී මේ ගැන නිවෙසේ අයි­ති­ක­රු­ගෙන් අසා සිටියා ය.ඇය එම නිවෙසේ අයි­ති­කරු‍ගේ මෑණි­යන් බවත් ඇය වයස අවු­රුදු 50 දී අක­ලයේ මිය­ගිය බවත් ඔහු පැවැ­සුවේ ය.

    නිවෙසේ හිමි­කරු ඔහුගේ මෑණි­යන්ගේ ඡායා­රූ­ප­යක් ඩී ට පෙන්වූයේ ය.එය කළු සුදු ඡායා­රූ­ප­යකි. රෝස පැහැ­යට තම මව ඉතා ප්‍රිය­කළ බවත් ඈ සතුව තිබූ සියලු ඇඳුම් පැළ­ඳුම් ඇතුලු සියලු දේ රෝස පැහැති බවත් ඔහු පැවැ­සුවේ ය.
    ඩී තම රෝගී සැමි­යාට හරි­හැටි නොසැ­ළ­කීම නිසා මෙසේ ඈ පිටු­පස සිටි අතර ඇයට කීමට තිබූ අද­හස් පැවැසූ රෝස පැහැති නෝනා අතු­රු­ද­හන්ව  ගියා ය.ඉන් පසු ‍ඩී ට එම හොල්මන දැක­ගත නොහැකි වුව ද ඇය තව­මත් එහි රැඳී සිටි­මින් සිය පවුල ගැන උන­න්දු­වෙන් බලා සිටින බව ඩී වට­හා­ගෙන සිටින්නී ය.

    රෝහණ ආරි­ය­රත්න
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: මැරෙන මොහොතේ පවට සිත ගියොත් සසර බිය දැඩි වෙයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top