මේ වනවිට සියල්ලම පාහේ ඩිජිටල් වෙමින් යයි.කොවුලාගේ කොහෝ කොහෝ නාදය ද රබන් සුරල් වයන හඬ ද ඇසෙන්නේ ගුවන් විදුලියෙන් හා රූපවාහිනියෙනි.
ඇත්තටම ගසන රබානක් කොහෙවත්ම නැත. ගසක හිඳ නාදකරන කොවුලෙක් දුටු කාලයක් මතක නැත. එසේ තිබිය දී පැරණි ජන ක්‍රීඩා, ජන ගායනා ආදිය ගැන කවර කතා ද? කොටින්ම කිවහොත් හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ඇත්තටම මහ පොළෙවේ නොපවතින ඩිජිටල් සැණකෙළියක් බවට පෙරළී ඇත. සංස්කෘතිය බාර උතුමෝ දයාවෙන් මේ දෙස බලත්වා!
සිංහල අලුත් අවුරුද්දේ පදනම ජ්‍යොතිෂයයි.ජ්‍යොතිෂය නොමැති නම් සිංහල අලුත් අවුරුද්දක් ද නැත.සූර්යයාගේ ගමන පරිදි සාදා ගත් නැකත් පන්තියක් අනුගමනය කොට සෞභාග්‍ය පැතීම සූර්ය මංගල්‍යයේ අරමුණයි.මේ අවුරුදු නැකත් චාරිත්‍ර හරියටම ඒ හැටියටම ඉටුකරන්නේ කීයෙන් කී දෙනෙක් ද?
ඇතැමුන්ට මෙය කෙළියකි.එනම් සෙල්ලමකි.තවත් පිරිසකට මෙය සැණකෙළියකි.එනම් විනෝදයම අපේක්ෂා කරන අවස්ථාවකි.එහෙත් බක් මහ මංගල්‍යය යනු සැබැවින් ම නැකත් කෙළියකි.එනම් පුරාණ හෙළ සිරිත අනුව අකුරටම නැකත් චාරිත්‍ර ඉෂ්ට සිද්ධ කිරීම වේ.
මේ සිංහල අලුත් අවුරුද්දේ ඊට මුල්තැන දී අලුත් අවුරුද්ද සමරන්නැයි අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

0 comments:
Post a Comment