728x90 AdSpace

  • නවතම පුවත්

    2015-04-22

    මළ­වුන් බඳු මිනිස්සු

    කාලය තරම් වටිනා කිසි­වක් මේ විශ්ව‍යේ කොතැ­න­ක­වත් නැත. කාලයේ වටි­නා­කම සමාන කළ හැක්කේ
    කාල­ය­ටම ය‍.ම­නුෂ්‍ය ලෝකයේ සම්මත වර්ෂ­යක් දිව්‍ය තල පිහිටි තවත් ලෝක­යක එක් පැය­කට සම වන බව කියති.මනු­ෂ්‍ය­යෙ­කුගේ ආයු කාලය කුහු­ඹු­ව­කුගේ ආයු කාලය සමඟ සැස­ඳු­වොත් කුහු­ඹු­වාට එය දැනෙ­නුයේ කල්ප­යක් පරි­ද්දෙනි.

    ගෞතම බුදුන් වහන්සේ පිරි­නි­වන් පා වර්ෂ දෙද­හස් පන්සිය ගණ­නක් ඉක්ම ගොස් ඇත. තුසිත දිව්‍ය භව­නට නම් බුදුන් වහන්සේ පිරි­නි­වන් පා ගතව ඇත්තේ දින ගණ­නකි.කාලයේ වෙන­සත් එය එක් එක් තැන්ව­ලට සහ එක් එක් ජීවීන්ට බල­පාන ආකා­ර­යත් පුදු­මය. විවිධ ය.
    විශ්වයේ කාල නීර්ණය අනුව පරම ආයුෂ යැයි කියන අවු­රුදු එක­සිය විස්සම ජීව­ත්වන පුද්ග­ල­යෙකු පවා සම වන්නේ දිය මතු­පිට හට­ගන්නා පෙන බුබු­ලක් පිපිරී යෑමට ගත­වන කාල­යෙ­නුත් දහ­යෙන් පංගු­ව­කට ය. එම දහ­යෙන් පංගුවේ හරි අඩක් එම පුද්ග­ලයා ගත­ක­රන්නේ නිද්‍රාවේ ය.අවදිව සිටින අර්ධ­යෙ­නුත් පුද්ග­ලයා එළඹ සිටි සිහි­යෙන් පසු­වන්නේ පහෙන් එක් කොට­සක දී පමණි.අනෙක් සියලු අව­ස්ථා­ව­න්හි­දී ම පුද්ග­ලයා සිහි­යෙන් ජීවත් නොව­න්නාක් බඳු ය.

    නිසල දිය මතට වැටෙන වැලි කැට­යක් නිසා උප­දන ඇසට නො පෙ­නෙන තීර්යක් තරං­ග­යක් ඉපදී ඒ හාම නැසී යන්නාක් බඳු ජීවි­ත­යක් අපි ගෙවමු.මේ ඉතා සූක්ෂ්ම මොහොතේ දි මිනිසා බොහෝ වි‍ට සිදු­ක­රන්නේ කාලයේ අමිල ගුණ­යට සමාන දෑ නොවේ.ඇතැ­මුන් හුස්ම ගත්ත ද ජීවත් වන්නේ මළ­වුන් පරි­ද්දෙනි. ඒ නම් ඔවුන් කාල­යෙන් නිසි ප්‍රයෝ­ජන නොලැ­බීම ය. තවත් සම­හ­රෙක් කාලය හමුවේ තමා මළ මිනි­සකු ලෙස ජීව­ත්වන අතරේ අනෙ­කාගේ කාලය සහ අව­ස්ථාව ද පැහැර ගනී. මේ දෙව­ර්ග­යෙන් වඩාත්ම බිහි­සුණු වන්නේ අව­සා­න­යට කී වර්ග යයි.මක් නිසාද යත් ඔවුහු තමාට ද අනෙ­කාට ද යන දෙප­ක්ෂ­ය­ටම බල­වත් සතු­රෙක් වන හෙයිනි.

    ජීව­ත්වන ඩිංගෙදී එම මොහොත හරි හැටි තේරුම් ගෙන සිහි­යෙන් ක්‍රියා කරන්නෝ මර­ණින් මතු සුග­ති­යෙහි උප­දිති.එසේ නොවන්නෝ නිසැ­ක­යෙන්ම දුග­ති­යෙහි වැටෙති. මහ­මඟ හමු­වන සුලබ නිද­සු­නක් කියමි. ඉහින් කනින් මඟීන් පටවා ගත් බස් රථ­යක් මහ මඟ නව­තා­ගෙන තවත් "රුපි­යල් නවයේ කෑල්ලක් එන­තුරු"බසය ඉදි­රි­යට පසු පසට ගනි­මින් අර බසයේ සිටින සියලු මඟීන්ට අපා දුක් උරු­ම­කර දෙන රිය­දුරු සහ කොන්දො­ස්තර දෙපළ ගැන අපි කුමක් කිය­මුද? අන­තු­රුව ඊළඟ බස් රථය එන­තුරු මහ මඟ ගාට­මින් යන්නේ අනෙක් රථ වාහ­න­ව­ලට ද හිස­ර­ද­යක් වෙමිනි. තමාගේ ද අනෙ­කාගේ ද අමිල කාලය රුපි­යල් දහ­ය­කට දොළ­හ­කට මිල කරන මෙවැනි මිනි­සුන් මළ මිනී බඳු ය. මන්ද ඔවුන් ජීවත් වුවත් මළ­වුන් ලෙස ක්‍රියා­ක­රන හෙයිනි.
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: මළ­වුන් බඳු මිනිස්සු Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top