728x90 AdSpace

  • නවතම පුවත්

    2015-04-08

    ලග්න දෙළොසේ ඉරණම

    මේෂ-වෘෂභ-මිථුන-සිංහ-වෘශ්චික-මකර සුබ පල බොහෝය

    ගුරු ග්‍රහයා බල­වත් වූ මොහො­තක නව වසර උදා වෙයි.ඒ ‍මොහොතේ කටක රාශිය උදාව පවතී.
    ලබන්නා වූ නව වසර පුරා­ව­ටම මෙහි බල­පෑම පවතී.
    නව වසර උදා­වන මොහොතේ පව­තින ග්‍රහ­චා­රය
    සූර්ය සංක්‍රා­න්තිය වන විට පව­තින ග්‍රහ­චා­රය බොහෝ බල­ගතු ය. බල­වත් වූ මොහො­තකි. තත්කාල  රාශිය කට­ක­යයි.

    *රටෙහි කර්මාන්ත ශාලා වැඩි දියුණු වෙයි.
    *විදෙස් ආධාර,සබ­ඳතා මෙන්ම ගණු­දෙනු සුබ­දා­යක ලෙස වැඩි වේ.
    *ජන­තාව අතර කැළ­ඹිළි ඇති­වී­මත් දේශ­පා­ල­ඥ­යින් පිළි­කුල් කිරීමේ තත්ත්ව­යකට පත්වී­මත් දැකිය හැක.
    වසර ගණ­නා­ව­කින් ගුරු බල­වත් වන මේ වසරේ පව­තින්නේ ප්‍රබල ග්‍රහ පිහි­ටී­මකි.
    මාර්තු 02 දා පැවැති සූර්ය ග්‍රහ­ණයේ හා අප්‍රේල් 04 දා පැවැති චන්ද්‍ර ග්‍රහ­ණයේ අනිටු විපාක  ඉදිරි කාලයේ ඇති වේ.

    මුහු­දු­බඩ ප්‍රදේ­ශ­ නිසරු වේ. රටේ වියළි කාල­ගු­ණික තත්ත්ව­යක් ඇති කරයි.
    ප්‍රසිද්ධ උතු­මෙ­කුගේ අභා­ව­යක් වීමට නිය­මිත ය.
    නමුත් මේ සූර්ය සංක්‍රාන්ති කේන්ද­ර­යට අනුව කාල­ගු­ණික තත්ත්වය යහ­පත් කරයි.ඒ අනුව රටේ සාර­වත් බව ඇති වීමට බල­පායි.කර්මාන්ත බහුල වේ.වෙළ­ඳාම යහ­පත් වේ.

    ලග්නයේ ගුරු ග්‍රහයා 10 වැන්නේ බල­වත් කුජගේ දෘෂ්ටි­යට ලක්වීම දේශ­පා­ල­නය හා කම්ක­රු­වන් නියෝ­ජ­නය කරන සෙන­සුරු කුජගේ දෘෂ්ටි­යට ලක්වීම සිදු­වන නිසා විප්ල­වීය නාය­ක­යන්,කම්ක­රු­වන් නියෝ­ජ­නය කරන  ජනතා නාය­ක­යන් බිහි­ක­රයි.ඔවුන් වඩාත් ජන­ප්‍රිය වනු ඇත.
    මහා සංඝ රත්න­යට පවා උද්ඝෝ­ෂ­ණ­ව­ලට එක්වී­මට සිදු වේ.

    ශ්‍රී ලංකාව සෞභා­ග්‍ය­මත් රටක් බවට පත් කිරී­මට නම් විශේ­ෂ­යෙන් පාල­ක­යන් මේවා දැන හඳු­නා‍ගෙන යහ­පත් ලෙස ක්‍රියා­ත්මක විය යුතුය.ඒ අනුව ගැටලු අවම කර­ග­නි­මින් රටේත් ජන­තා­ව­ගේත් මතු දියු­ණුව සැක­සීම පාලක පක්ෂයේ වග­කීම ද වන්නේ ය.

    මේෂ
    නව වසර ඔබට සුබ­දා­යක වන්නේ ජූලි මාස­යෙන් පසුව ය. ජූලි මාසයේ දී ගුරු ග්‍රහයා 5 වැන්නට ගමන් කිරී­මෙන් මේ තත්ත්වය උදා වෙයි.උපන් කේන්ද­රයේ රවි ග්‍රහයා 5,9,11,1 යන භාව­වල සිටින අය දරු සම්පත් බලා­පො­රො­ත්තුවේ නම් ඉ‍ටුවනු ඇත.අධ්‍යා­ප­නයේ නියැ­ලෙ­න්නන්‍ට මෙන්ම අධ්‍යා­පන කට­යුතු ඇර­ඹී­මට වාස­නා­වන්ත වස­රකි.ප්‍රබෝ­ධ­මත් වස­රක් ද වනු ඇත.

    වෘෂභ
    විදේ­ශ­ගත වන්නන්ට බලා­පො‍රො­ත්තු­වන්නේ නම් ඉටු­කර ගැනී­මට සුදු­සුම කාල­යයි.
    විදේශ රට­වල් සමඟ කරන ආයෝ­ජන,ව්‍යාපාර සාර්ථක වෙයි.විවා­හක නම් විට­ස්ත­ර­යින්ගේ කේලාම්,ඕපා­දූප නිසා විවාහ දිවි­යට හානි­කර තත්ත්ව­යක් ඇති­විය හැකි බැවින් කල්ප­නා­කා­රීව සිට සාමය රැක ගන්න.මාන­සික තත්ත්වය අවුල් වීමට ඉඩ ඇත.එසේ වන්නේ ඉක්ම­න්කාරී බව නිසා ය.

    මිථුන
    සතු­ටු­දා­යක ලෙස බොහෝ දේ ලබා­ගත හැකි වස­රකි.හිතන පතන දේ ඒ අයු­රින්ම ඉ‍ටුවන ලකුණු ‍පෙනේ.ඔබගේ දරු­වන් විදෙ­ස්ගත වී සිටී­නම් ඔබට සතු­ටු­විය හැකි  වාතා­ව­ර­ණ­යක් උදාවේ.අස­ල්වැ­සි­යන්ගේ මෙන්ම සමා­ජයේ සිය­ලු­දෙ­නාගේ හිත­දිනා ගනි­මින් ආක­ර්ශ­නීය තත්ත්ව­යක් ඔබ කෙරෙහි ඇති වේ.වෙළඳ ව්‍යාපාර නව මුහු­ණු­ව­ර­කින් ඉදි­රි­යට ගෙන යා හැක.

    කටක
    වසර ආර­ම්භ­යත් සමඟ ඔබ බොහෝ උද්යෝගී ක්‍රියා­ශීලී බවක් ඇති වේ.නමුත් තම ගෞර­වය ගැන සැල­කි­ළි­මත් වන්න.රාජ­කාරි ස්ථානයේ ඔබ දුර්ව­ලව වැඩ­ක­රන්නේ නම් ඔබට විරු­ද්ධව කට­යුතු සිදු­වනු ඇත.ඔබ නිහ­ත­ත­මානී ගුණ ඇති අයෙක් නම් කර­දර ඇති නොවේ.අහං­කාර,ප්‍රච­ණ්ඩ­කාරී නම් සමා­ජ­යෙන් එල්ල­වන අක­ට­යුතු කම් බොහෝ ය.ජුලි මාස­යෙන් පසු වෙළඳ ව්‍යාපා­ර­ව­ලින් ජය අත්වේ.

    සිංහ
    උපන් කේන්ද­රයේ සඳු 9 හෝ 4 වැන්නේ පිහිටා නැති නම් දරු­වන්ගේ අධ්‍යා­ප­න­යට ඉතා හොඳ වෙයි.උසස් අධ්‍යා­ප­නයේ නිරත අයට ද යහ­පත් පරි­ස­ර­යක් සැකසේ.රට රට­වල සංචා­රය කරන අය­ටත් විදේශ රැකියා කරන අය­ටත් සුබ වස­රක් බව පෙනේ.උපන් කේන්ද­රයේ සෙන­සුරු දුර්ව­ලව සඳු 4 සිටින අය ට පවුල් ජීවි­තයේ හා ගේ දොර ගැටලු ඇති වෙයි.

    කන්‍යා
    කන්‍යා ලග්න හිමි ඔබ ශරීර ස්‍යෙඛ්‍ය කෙරෙහි සැල­කි­ළි­මත් විය යුතු කාල­යකි.විදේ­ශ­ගත වීමට ඉතා හොඳයි.මාන­සික ආත­ති­යෙන් පෙළන අයත් ඊට ගොදු­රු­වන අයත් වඩාත් කල්ප­නා­කා­රීව කට­යුතු කරන්න.

    තුලා
    යහ­පත් වස­රකි.නමුත් තම හිතු­ව­ක්කාරී වැඩ නිසා අන්‍ය දෝෂ දර්ශ­න­යට ලක්විය හැක.ගුණ යහ­පත් නැත්නම් පවුල් ජීවි­තයේ ගැටලු පැන නැඟේ.ස්වාමි­යාගේ/භාර්යා­වගේ දෝෂා­රෝ­ප­ණ­යට ලක්විය හැක.කෙසේ වුවත් ක්‍රියා­ශීලී විය­යුතු අන්‍ය­යන් හා සුහද වීමට උත්සාහ යොද­න්නට සිදු­වන වස­රකි.

    වෘශ්චික
    සැඟවී තිබුණු පෞර්ෂ­ත්වය මතුව ප්‍රබල චරි­ත­යක් ලෙස නැගී සිටි­න්නට හැකි වස­රකි.සතු­රන් පරදා තමාගේ ජය­ග්‍ර­හ­ණය අත්ක­ර­ගත හැකි වස­රකි.ජුලි මාස­යෙන් පසු රැකියා ලැබීම,උස­ස්වීම්  ආදිය හිමි ය‍.ස­මා­ජයේ පිළි­ගැ­නී­මට ලක් වේ.දුර බැහැර ගමන් යාම­ටත් විදේශ සංචාර යෑමටත් ආග­මික කට­යු­තු­ව­ල­ටත් යොමු වෙයි.

    ධනු
    සෑම දෙයක්ම අලුත් තාල­යට හිත­න්නට පෙළඹේ. නව නිර්මාණ එළි­ද­ක්ව­න්නට ද හැකි වස­රකි.අධ්‍යා­ප­නයේ නියුතු අයට ඒ සඳහා යහ­පත් පරි­ස­ර­යක් ‍ගොඩ නැඟේ.සෑම දෙය­ක­ටම නිර්භී­තව ඉදි­රි­පත් වන්නට හැකි තත්ත්ව­යක් ඇති කරයි.විනෝ­ද­යට වැඩි රුචි­යක් දක්වයි.ජූලි මාස­යෙන් පසු ඔබට රැකි­යාවේ වෙන­ස්කම් රැසක් ඇති­විය හැක.නමුත් රැකි­යාව එත­රම් සතු­ටු­දා­යක නොවනු ඇත.

    මකර
    මකර ලග්න හිමි­යන්ට ඉතාම හොඳ වස­රකි.අත­ර­මඟ නවතා ඇති නිවාස හා ‍ගොඩනැ­ගිලි වැඩ නැවත ආරම්භ කිරී­මට හැකි වේ.නිවෙසේ සිට කරන ව්‍යාපාර දියුණු වෙයි. වාහන  ලාබ ඇත.ගුරු මහ දශාව ගත­ක­න්නන්ට 2015 ජූලි වලින් පසු තර­මක් අගුණ ය.මැයි-ජුලි-සැප්තැ­ම්බර්-ඔක්තො­ම්බර් මාස කල්ප­නා­කා­රීව කට­යුතු කරන්න.

    කුම්භ
    කුම්භ ලග්න හිමි­යන් බොහෝ දෙනෙ­කුට රටේ කීර්ති­මත් භාව­යක් හිමි­වනු ඇත.ප්‍රසි­ද්ධි­යට පත් වේ.වික්‍ර­මා­න්විත බව­කින් කට­යුතු කර­න්නට හැකි­යාව ලැබේ.

    මීන
    බලා­පො­රොත්තු,අර­මුණු පැහැ­දි­ලි­වම ඉටු­ක­ර­ගත හැක.හදිසි ධන ලාබ හිමි වෙයි. ආයෝ­ජ­න­ව­ලින් ලාබ ප්‍රයෝ­ජන ලැබේ.අධ්‍යා­ප­න­යට සුදුසු ය.පවුල් ජීවි­තය ද හොඳින් ගත­කි­රී­මට හැකි වනු ඇති අතර බොහෝ දේ හොඳින් කර­ගත හැක.නමුත්  හිතු­ව­ක්කාර නම් ගැටලු ඇති­වන දෝෂ දර්ශ­න­යට ලක් වන තත්ත්ව­යට පත් වේ.

    ජ්‍යොති­ෂ­වේදී තිලක් ද සිල්වා
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ලග්න දෙළොසේ ඉරණම Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top