728x90 AdSpace

  • නවතම පුවත්

    2015-04-01

    ශනි රේඛාව අත්ලේ නැත්නම් හොඳටම හොඳයි

    සෙත්මිණ පසුගිය කලාප මඟින් ප්‍රධාන හස්ත රේඛා සළකුණු හා ඒවා ඔබට බලපාන අයුරු පිළිබඳ විග්‍රහ කෙළෙමු.
    පලාපල කීමේ දී වැදගත් වන එහෙත් ප්‍රධාන රේඛා නොවන අවශේෂ පිළිබඳ මෙතැන් සිට හඳුනා ගනිමු. එමෙන්ම ඒවා ඔබට බලපාන අයුරු දැනගන්නට ද මෙයින් හැකි වේවි.

    රූප සටහනේ A .A සළකුණ දෙස බලන්න.
    මේ සළකුණින් පෙන්නා දී ඇත්තේ ශනි චක්‍රය හෙවත් සිකුරු මේඛලාවයි. මෙය සළකුණු වන්නේ අඩ සඳක් පිහිටන ආකාරයෙනි. හෘදය රේඛාවට ඉහළින් රවි හා ගුරු මණ්ඩල දෙක අතර ප්‍රදේශයේ මෙය සළකුණු වේ. ඉතා පැහැදිලිව දීප්තිමත්ව සළකුණු වීමෙන් අත්ල හිමියාට සුබ පළ උදා කරයි.

    බොහෝ විට චිත්‍ර ශිල්පීන් සංගීතවේදින් ඇතුළු කලා ක්ෂේත්‍රයේ නියැළෙන අයට මේ රේඛාව පිහිටයි. මෙය තැනින් තැන කැඩී පළුදුව පිහිටීමෙන් ජන්මියාට අසුබ පල උදාකරයි. අස්ථාන චෝදනා අපවාද නින්දා අපහාස ආදියට ලක්වෙයි. ජන්මියා කටුක පුද්ගලයකු කරයි. මෙසේ සළකුණු වන ශනි චක්‍රය පිහිටි අය අනියම් සබදතා ඇති කරගන්නා අතර ලිංගාශ්‍රිත ‍රෝග වලට හා අපස්මාරය වැනි රෝග ඇති වීමටද හේතු වේ. මෙසේ පිහිටන අය තම ප්‍රතිරූපයට හානි කර ගනී.

    කාන්තාවකගේ මෙවැනි පිහිටීමක් තිබේ නම් ගර්භාෂයේ දෝෂ ඇති වීමටත් ආර්ථවතාවයේ වෙනස්කම් වීමටත් හේතු වේ. මෙසේ පිහිටි සිකුරු චක්‍රය ඇති අය විවාහ වන්නේ හදිසියේ වන අතර තම සහකරු හෝ සහකාරියගේ ජාතිය,කුලය තත්ත්වය ගැන නොසළකයි. මෙය විවාහ රේඛාවට සම්බන්ධ වීමෙන් විවාහයේ ද ගැටලු ඇති කරයි. මේ රේඛාව කොහෙත්ම නො පිහිටා තිබීම ද සුබ වන අතර අත්ලේ සළකුණු වුවහොත් එය දීප්තිමත්ව පැහැදිළිව පිහිටීමෙන් පමණක් අත්ල හිමියාට සුබ පල ලබා දේ.

    විවිධ කලා කුසලතා වලින් ජනප්‍රිය වීමට හේතු වේ. කෙසේ වෙතත් ශනි චන්ද්‍රයා පිහිටීමෙන් ඇති වන සුබ හෝ අසුබ පල ලබා දීම කෙරෙයි. අනිකුත් ප්‍රධාන රේඛා හා ග්‍රහ මණඩල ඇතුලු සියුම් රේඛා සළකුණු ද පිහිටීම ද ඉතා වැදගත් වන බව සළකන්න.


    ජ්‍යොතිෂවේදී නන්දසේන වීරසිංහ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ශනි රේඛාව අත්ලේ නැත්නම් හොඳටම හොඳයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top