728x90 AdSpace

  • නවතම පුවත්

    2015-04-29

    දුබල සිතේ කෙළෙස් රජ කරයි භාවනාව සදා සැපත දෙයි


    බුදු දහම "දුකින් මිදීම" අර­මු­ණු­ක­ර­ගත් ධර්ම­යක් වුවද  බෞද්ධ­යන් සැප දුටු තැන එයට ඇලෙයි.අන් අය මෙන්ම අපද එය උරුම කර­ගෙන  සිටී.

    සැප­යත් එය සෙවී­මට ගන්නා උත්සා­හ­යත්,ලබා ගත් සැප සුරැ­කී­මට ගන්න ‍වෙහෙසත් දුකක් යැයි බෞද්ධ­යන් වූ අප මොහො­ත­කට වත් පිළි­ගන්නේ ද?

    තාව­කා­ලික වූ සැපය සොය­මින් නොලද හැකි සතු­ටක් ලුහු­බ­ඳි­මින් ජීවි­තයේ මෙතෙක් විඳි හා තව දුර­ටත් විඳ­වන දුක පිළි­බඳ හැඟී­මක් වැට­හී­මක් ලබා­ගන්නේ කෙසේද?
    පොත­ප­තට පවුල් පැලැ­න්ති­යට පම­ණක් බුද්ධ ධර්මය සීමා නොවේ.ධර්මයේ සාරය භාව­නා­වයි. එයින් හද­වත සිසිල් වෙයි.බුදු දහම අකා­ලික ය. බුදු මඟට පිවි­සී­මට කිසි­වෙ­කු­ටත් අව­හි­ර­යක් නැත.
    කෙනෙ­කුගේ ප්‍රති­පත්ති පිරිහී යාමෙන් ගුණ ගරුක බව නැති වී යයි.තමන් කැමති දේ තව කොනෙ­කුට දී සිත සතු­ටු­කර ගන්න හැකි නම් අත­හැ­රීම එතැන ඇත.

    මේ ජීවිත කාලයේ ලෞකික සැපය සොය සොයා විඳ මර­ණින් පසු තමන් නොදන්නා මතු ජීවි­ත­ය­කදී ධර්මා­ව­බෝ­ධය ලැබේ­වායි පැතීමේ අරුත කුමක්ද?අප රව­ටන්නේ අප­වම නොවේද?
    නිවන පැතී­ම­කින් පම­ණක් ලබා ගත නොහැක.නිවන තම ජිවිත කාලයේ දී තමන් විසින්ම අව­බෝධ කර­ගත යුතු සත්‍ය­යකි.සැන­සීම සිත ප්‍රීති­මත් කරයි.ඉන් සිත ප්‍රබෝ­ධය ඇති කරයි.ප්‍රබෝ­ධ­මත් සිත පහ­සු­වෙන් සමා­ධි­ගත වෙයි.සමා­ධි­ගත සිතට ප්‍රඥාව පහළ වේ.මෙසේ දියුණු කර ගත් සිත නිව­නට මඟ කියා­දෙනු ඇත.ප්‍රඥාව නැත්තාට ධ්‍යාන ලැබිය නොහැක.බුදු­ර­ජා­ණන් වහන්සේ මේ බව( ධම්ම­ප­දයේ 372 ගාථාව)දේශ­නා­කර තිබේ.ප්‍රඥා­වත් ධ්‍යාන­යත් එකට ගමන් කරන බව මෙයින් පැහැ­දිලි ය.ධ්‍යාන­ලාභී ප්‍රාඥයා අනි­වා­ර්ය­යෙන්ම නිව­නට ලංව සිටී‍.

    ධර්මා­ව­බෝ­ධය හා භාව­නාව මඟින් කෙනෙකු කෙත­රම් වෙන­ස­කට ලක්ව­න්නේද?ඔබට එය සනා­ත­කර ගැනී­මට නම් ඊට අනු­ගත විය යුතු වන්නේ ය.
    භාව­නාව "අත්මි­දීම" සිත තුළින් ආරම්භ කළ යුත්තකි.එය පිට­තින් කළ නොහැ­ක්කකි.මේ ආර­ම්භයේ සිට අව­සා­නය දක්වාම එනම් නිවන දක්වාම යන පුද්ග­ල­යාගේ පිට­ස්තර රූප­යෙන් හෝ දකින ස්වභා­ව­යෙන් හෝ ඔහු/ඇය නිව­නට ලංව සිටි­නවා යැයි කෙනෙ­කුට නිග­ම­න­ය­කට එළ­ඹිය නොහැක.

    මනසේ මතු­වන පව­තින දේ පිළි­බඳ නිවැ­රදි සිහි­යක් නැති නම් එයින් අත් මිදෙ­නුයේ කෙළෙ­සද?අප සිතන,කරන,කියන හොඳ හෝ නරක සෑම දෙය­ක­ටම මුල්ල වන්නේ සිතයි.ධම්ම පදයේ මුල් ගාථා­වෙන් මේ කරුණ පෙන්වා ඇතත් ඒ පිළි­බඳ අපගේ අව­ධා­නය කිසි විටෙ­කත් යොමු වූයේ නැත.
    සිත සන්සුන් කර­ගන්නේ නම් බාහිර බල­පෑම් වලින් ඇති­වන දුක වේද­නාව නොදැ­නෙනු ඇත.මෙවැනි බල­පෑම් සාමා­න්‍ය­යෙන් දරා ගැනීම අසීරු ය.දරා­ගෙන සිටීම ද වැරදි සහ­ගත ය.යමක් දරා සිටින විට පුපුරා විනාශ වෙයි.උදා­හ­රණ ලෙස ටැංකි­යක් වැනි යමක් සකසා ජලය එක්රැස් කළ විට පිටාර ගල­න්නට ස්ථාන­යක් නොමැ­ති­නම් ජල ධාරි­තා­වය වැඩි­වන විට එය පුපුරා බිඳී යන්නේ ය.යමක්(දුක,සතුට) දරා­ගෙන සිටි විටද වන්නේ එවැ­න්නකි.සැබැ­වින් කළ යුත්තේ අත්හැ­රීම ය.

    දීම අත­හැ­රී­මයි.නමුත් අතින් පම­ණක් නොව සිතින් ද දී අව­සන් නොක­ළොත් එය අත­හැ­රී­මක් /දීමක් නොවන්නේ ය.යමක් දී මම දුන්නා එය ගොඩක් වටි­නවා,එයා ඒකට මොනවා කර­යිද දන්නෑ,නිසි ප්‍රයෝ­ජ­න­යක් ගනී­විද ?ආදී වශ­යෙන් දුන් දේ ගැන ලතැ­වීම නොදුන්නා හා සමාන ය.අතින් දුන්නාට සිතින් දී නැති­නම් ඒ ලෝභ­යයි.අල්ලා ගැනී­මයි.යමක් දුන්නේ නම් එයට කුමක් වුවද ඒ ගැන නොසො­යන්න.නොසි­තන්න.දුන්නා යැයි සතුටු වන්න.අත්මි­දීම ආරම්භ වන්නේ එතැ­නිනි.

    භාව­නාවේ යෙදී සිත සන්සුන්,තැන්ප­ත්කර ගන්නා තෙක් ජීවි­තයේ වැද­ගත් පෙර­ළි­යක් ඇති­කර ගැනී­මට සමත් නොවේ.ඒ මූලික සිද්ධා­න්ත­යට 'සැම­වි­ටම  සිත මුල්වන බව' හද­ව­තට කාවද්දා ගැනීම දුෂ්කර ය.
    නින්දෙන් පිබි­දුණු මොහොතේ සිට යළි රාත්‍රී නින්දට යන­තෙක් පියවි සිහිය"සතිය"පවත්වා ගැනී­මට පුරුදු පුහුණු වන්න.

    ක්ලේෂ­යන්ට යටත් නොවන්න.යටත් වූවොත් දුබ­ල­යෙකු වේ.සිති­විලි රහිත ප්‍රභා­ෂ්වර සිත­කින් දවස පිළි­ග­න්නට ඔබට හැක.එය නොක­ර­න්නැයි කිසි­වෙකු ඔබට බල­පෑම් නොක­රයි.නමුත් ඔබ ඊට සූදා­නම් විය යුතු ය.
    මුලින් ඔබ ඔබව හඳු­නා­ගන්න.එවිට දුබ­ල­යකු වේ.කන්නා­ඩිය තුළින් පෙනෙන ඔබේ ප්‍රති­බි­ම්බ­යට ඔබම සුබ පතන්න. නිතර දකින තම මිතුරා මේ ප්‍රති­බි­ම්බ­යයි.මේ හිත­වතා නිර­හං­කාර සිනහ මුහු­ණෙන් යුතුව පිළි­ගන්න පුරුදු වන්න.නිර­හං­කාර සින­හව ඔබව පිළි­ගන්නේ කෙත­රම් කැමැ­ත්තෙ­න්දැයි අත්විඳ බලන්න.තම යහ­පත සඳහා මේ පුංචි දේව­ලට පුරුදු වන්න.සිත යොමන්න.
    ඔබේ සිති­විලි තමන්ට හෝ අන්‍ය­යන්ට යහ­ප­තක් හෝ අය­හ­ප­තක් උදා­ක­රයි.එය තීර­ණය කරන්නේ සතිය යි.සිතේ පහළ වන සිති­විලි විග්‍ර­හ‍ ­කොට පවත්වා ගෙන යන්නට හැකි නම් අත­හැ­රී­මට උප­කාරී වන්නේ සතිය බව වටහා ගන්න.ඊට අවශ්‍ය කාලය මෙන්ම ධෛර්යය ද එයින්ම ලැබේ.

    දැහැමි දිවි­ය­කට සතිය අත්‍ය­වශ්‍ය ය.අව­ම­යෙන් හෝ හොඳ සිහිය (සතිය) පවත්වා ගන්න උත්සාහ කරන්න.එවිට ඔබට මේ දහම ප්‍රත්‍යක්ෂ වනු ඇත.නිර­වුන් ,නිව­හල් ප්‍රීති­මත් ජීවි­ත­යක් උදෙසා හොඳ නරක සිතට එක­ඟව තේරුම් ගෙන පිළි­ගන්න.එයට සුදු­සුම මොහොත හොඳ සිහි­යෙන් සිටින මොහො­තයි.
    දියු­ණු­ක­ර­ගත් සති­යන්,නිවැ­රදි දැකී­මක් ලබා දෙන සැන­සීම මොහො­ත­කට හෝ ඔබ අත්වින්දේ නම් බුදු­ර­ජා­ණ­න්ව­හන්සේ දෙසූ දහමේ හරය විනි විද ගිය මොහොත එයයි. එතැන් සිට විචි­කි­ච්ඡා­ව­කින් සැක­ය­කින් තොරව හැරී නොබලා ඒ මඟ යන්න. ඒ බුදු මඟයි.භාව­නාවේ මාර්ගය එයයි.
    කෙනෙකු කරන නිසා හෝ මාන­සි­කව යමක් ලබා ගැනී­මට දින­කින් දෙක­කින් ප්‍රති­ලාභ බලා­පො­රො­ත්තු­වෙන්  භාවනා නොක­රන්න.

    භාව­නාව කර­න්නන් වාලේ නොකළ යුතු ය.සුළු මොහො­තක් හෝ එක තැන සිටි­න්නට  නොහැ­කිව භාවනා කිරී­මෙන් පීඩා­වට පත් විය හැක.භාව­නාවේ දී එක දිග­ටම සිතේ මතු වන අනේක විද සිති­විලි ඔබව වල්මත් කරනු ඇත.එක අර­මු­ණක සිත නොපි­හි­ටනු ඇත.ධෛර්ය සිඳී සිත කුසී­තව භාව­නාව අත්හැ­රී­මට පෙළ­ඹෙනු ඇත.මෙයට ආශාව හා බල­ව­ත්උ­න­න්දුව අත්‍ය­වශ්‍ය වෙයි. මේ ආශාව තණ්හාව නොවන බව සිතට ගන්න.ඇලීම අත­හැ­රී­මට මේ ආශාව අවශ්‍ය බව සිතට ගන්න.

    භාව­නාවේ දී මනස විය­වුල්ව විසිර ගියේද?එසේ නම් ඊ‍ට හේතු මොන­වාද? මන­සින් විග්‍රහ කරන්න.ඒවා මඟ­හැර ගන්න.එම කරුණු දුර්වල කර ගන්නට වෑයම් කරන්න.හරි හැටි නොකෙ­රුණු භාව­නා­වෙන් වුවද එවිට යහ­ප­තක් වෙයි.එය කාලය අපතේ හැරී­මක් නොවනු ඇත.මෙයින් සැන­සීම නැති­වන ක්ලේශ හඳුනා ගත හැක.සම­ථය දියු­ණු­කර ගැනී­මට දරන උත්සා­හයේ ප්‍රති­ප­ල­යක් ලෙස භාව­නාවේ දී මෙන්ම වෙනත් අව­ස්ථා­ව­ව­ල­දීත්   අප දියුණු කර ගන්නේ නිවැ­රදි දැකී­මයි.එය භාව­නාව හා අත්වැල් බැඳෙන විප­ස්ස­නා­වයි.
    භාව­නාව ආර­ම්භයේ දීම "කිසි­වක් නොවෙමි.යා යුතු තැනක් නැත.මෙතැන මේ මොහොතේ හිඳිමි."යන්න සිතට කාවද්දා ගන්න.

    සිල්ව­තකු වන්න. එසේ වූ විට යම් හෙය­කින් මේ කෙටි දිවියේ දී ලෞකික වශ­යෙන් ඔබ පහ­තට වැටුණ ද සෙස්සන්ට කුමන ලෙස­කින් තමාව පෙනුණ ද ඒ පිළි­බඳ දුකට පත් නොවන්න.මේ මඟ යාමෙන් බුදු­ර­ජා­ණ­න්ව­හන්සේ පෙන් වූ මේ මැරි මැරී ඉප­දෙන දුක් විඳින දිගු සංසා­රයේ ඔබට  අම­ර­ණීය නිර්වා­ණය හිමි­වනු නියත ය.

    ශිරාණි අඹේ­ගොඩ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: දුබල සිතේ කෙළෙස් රජ කරයි භාවනාව සදා සැපත දෙයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top