728x90 AdSpace

  • නවතම පුවත්

    2015-04-22

    නාහෙට නාහන සෙනසුරු නිල් මැණිකට වශී වේ!

    මැණික් අතර ශ්‍රී ලංකාවේ ජාතික  මැණික ලෙස විරු­දා­ව­ලිය  ලත් මැණික නිල් මැණි­කයි. සෞභාග්‍ය උදා­ක­රන ආක­ර්ශ­නීය මැණික ලෙස ද නිල් මැණික පිළි­ගනී. මේ වර්ගයේ මැණික් සම­හර රට­ව­ලින් හමු­වන නමුත් ශ්‍රී ලංකාවේ හමු­වන නිල් මැණික් වර්ණ­යෙන් මෙන්ම දීප්ති­යෙන් ද වැඩි ය.
    තායි­ල­න්තය , පකි­ස්ථා­නය හා ඉන්දි­යාව වැනි රට­ව­ලින් හමු­වන නිල් මැණික් වර්ණ­යෙන් හා දීප්ති­යෙන් අඩු බවක් උසු­ලයි.

    නිල් මැණික් වර්ග හත­රකි. මැණි­ක්වල ඇති වර්ණයේ අඩු වැඩි බව සලකා මෙසේ  වර්ග කෙරේ. වර්ණයේ අඩු එකේ සිට වැඩි එක දක්වා ගත් කල ලා නිල් මැණික, නිල් මැණික , කාක­නිල් මැණික හා ඉන්ද්‍ර­නීල මැණික ලෙස වේ. මේවා­යින්  ලා ‍නිල් මැණික හුදෙක් අලං­කා­රය සඳහා පළ­ඳින අතර නිල් මැණික කාක­නිල් මැණික හා ඉන්ද්‍ර­නීල මැණික යන මැණික් වර්ග 3 ශනි ග්‍රහ­යාගේ අපල සඳහා භාවිතා කරයි.
    ශනි ග්‍රහ­යා­ගෙන්  උදා­වන ඒරා­ෂ්ඨක තත්ත්ව 4ක් ප්‍රධාන වශ­යෙන් ‍පවතී. ලග්න ඒරා­ෂ්ඨ­කය නම් ශනි ග්‍රහයා ගෝච­ර­යෙන් කේන්ද­රයේ 12 වැන්න, 1 වැන්න හා 2 වැන්න ‍යන ස්ථාන තුනේ ගමන් ගන්නා අවු­රුදු 7 1/2කට ආසන්න කාලය යි.

    දෙවන ඒරා­ෂ්ඨක වර්ගය වනුයේ ජන්ම ඒරා­ෂ්ඨ­ක­යයි. එනම් ශනි ග්‍රහයා ගෝච­ර­යෙන් කේන්ද­රයේ සඳු සිටින ස්ථාන­යට පෙර රාශිය,සඳු සිටින රාශිය හා සඳු සිටින රාශි­යට පසු රාශිය යන රාශි තුනේ ගමන් ගන්නා අවු­රුදු 71/2 කට ආසන්න කාල­යයි. තුන්වන ඒරා­ෂ්ඨ­කය වන්නේ අෂ්ඨම ඒරා­ෂ්ඨ­ක­යයි. එනම් ශනි ග්‍රහයා ගෝච­ර­යෙන් 8 වැන්නේ ගමන් කරන අවු­රුදු 21/2ක කාල­යයි. අව­සන් ඒරා­ෂ්ඨක වර්ගය වනුයේ සඳු­ගෙන් 8 වැන්නේ ශනි ගෝචර වීමයි. ඒ චන්ද්‍රා­ෂ්ඨම ඒරා­ෂ්ඨ­ක­යයි.

    ශනි ගෝචර වීමෙන් ඒරා­ෂ්ඨක අප­ල­යක් යෙදී තිබෙන අව­ස්ථා­වක එක­වර නිල් මැණික්, කාක­නිල් මැණික් හෝ ඉන්ද්‍ර­නීල මැණික් පැල­ඳීම නොකළ යුතුයි. ශනි ග්‍රහයා තමන්ගේ උත්පත්ති භාව කේන්ද­රයේ සිටින ස්ථානය අනුව ඇති බලය ගැන විමසා බැලිය යුතුයි. උත්පත්ති භාව කේන්ද­රයේ ශනි ග්‍රහයා උච්ච, ස්වක්ෂේත්‍ර, මිත්‍ර ආදී කොට ඇති ඒරා­ෂ්ඨක තත්ත්ව­යට කාක නිල් මැණික් හෝ නිල් මැණික් හෝ ඉන්ද්‍ර­නීල මැණික් පැල­ඳී­මෙන් අවැ­ඩක් සිදු නොවේ. යම් හෙය­කින් ශනි ග්‍රහයා සතුරු, සතුරු මුඨ හෝ භංග නොවන නීච­යක වේ නම් ශනි­ගෙන් උදා­වන ඒරා­ෂ්ඨ­ක­යට කාක නිල් හෝ නිල් මැණික් හෝ ඉන්ද්‍ර­නීල මැණික් පැල­ඳීම අදාළ ඒරා­ෂ්ඨක තත්ත්ව­ය‍ ­දෙ­ගුණ තෙගුණ කර­න්නෙකි.

    ඒ නිසා ශනිගේ අප­ල­යට පම­ණක් නොව ඕනෑම ග්‍රහ­යෙ­කු­ගෙන් උදා­වන අප­ල­කාරී තත්ත්ව­ය­කට මැණික් පැළ­ඳී­මේදී එම මැණි­කට අදාළ ග්‍රහ­යාගේ බලය, ජන්මි­යාගේ උත්පත්ති භාව කේන්ද­ර­යෙන් බැලිය යුතුය. අදාල ග්‍රහයා බල­වත් නම් පම­ණක් මැණික පැළ­ඳීම සුදු­සුය.
    තව­දු­ර­ටත් විස්තර කළ­හොත් ශනි ග්‍රහයා මේෂ­යට, කට­ක­යට, සිංහ­යට හා වෘශ්චික රාශි­යට ඉතා අශු­භය. මේ රාශි­ව­ලින් එක­ක­භාව කේන්ද­රයේ ශනි ග්‍රහයා සිටී නම් ශනි ග්‍රහ­යාට අදාළ මැණික පැළ­ඳී­මෙන් ශනි ග්‍රහ­යා­ගෙන් ලැබෙන අශුභ පල තවත් වැඩි වනු ඇත. ශනි ග්‍රහයා ජන්ම පත්‍රයේ මකර, කුම්භ තුලා හෝ වෘෂභ රාශියේ වේ නම් නිල් මැණික් පැළ­ඳී­මෙන් ශනි ග්‍රහ­යාගේ බලය තව තවත් වැඩි වී සුබ පල උදා­කර ගත හැක. ශනි ග්‍රහ­යාට මිත්‍ර රාශි වන මිථුන, කන්‍යා යන රාශි­යක ශනි සිටී නම් ද නිල් මැණික් පැළ­ඳී­මෙන් සුබ පල ජන්මි­යාට හිමි­වනු ඇත.

    නිල් මැණි­ක්වල යකඩ අඩංගු බැවින් නොයෙ­කුත් රෝගා­බාධ සුව කිරීමේ ශක්ති­යද ඊට ඇත. විශේ­ෂ­යෙන් ස්නායු ගත ආඉාධ සුව කිරීමේ ශක්තිය ඇත. ඒ අතර අංශ­භාග රෝගය විශේෂ ස්ථාන­යක් ගනී. යකඩ ඌන­තා­ව­යෙන් යුත් රෝග වලින් පෙලෙ­න්න­න්ටද නිල් මැණික් පැල­ඳී­මෙන් සහ­න­යත් ලඟා­කර ගත හැක.
    රාශී 12කින් යුත් රාශී චක්‍රයේ ශනි ග්‍රහ­යාට ස්වක්ෂේත්‍ර රාශි 2 වන මකර හා කුම්භ යන­රා­ශි­ව­ලට නිල් මැණික් අයිති වේ. ඊට අම­ත­රව වෘෂභ හා තුලා ලග්න­ය­න්ටද නිල් මැණික් විශේ­ෂ­යෙන් සුබ පල උදා කරයි. ඒ වෘෂභ හා තුලා යන රාශි දෙක­ටම යෝග­කා­රක ග්‍රහයා ශනි වන බැවිනි.

    මීට අම­ත­රව මකර හා කුම්භ ලග්න හිමි­යන්ට තමන්ගේ භාව කේන්ද­රයේ ශනි ග්‍රහයා සිටින ස්ථාන සුබ නම් ඊට අදාළ නිල් මැණික් හෝ කාක­නිල් මැණික් පැළ­ඳී­මෙන් එම ලග්න හිමියා‍ගේ පෞරු­ෂය වර්ධ­නය වේ. වෘෂභ හෝ තුලා ලග්න හිමි­ය­න්ටද නිල් මැණික් හෝ කාක නිල් මැණික් පැළ­ඳී­මෙන් ලබන්නා වූ දියු­ණුව ප්‍රබල වේ.

    සෞභා­ග්‍යයේ මැණික ලෙස හඳු­න්වනු ලබන නිල් මැණික පැළ­ඳී­මේදී ශරී­රයේ වැඩි­පුර ස්පර්ශ වන ආකා­ර­යට පැළ­ඳිය යුතුයි. ඒ සඳහා විශේ­ෂ­යෙන් අතේ ඇඟිලි වඩාත් සුදුසු වේ. එයින් වඩාත්ම සුදුසු ඇඟිල්ල වනුයේ ශනි ඇඟිල්ල ලෙස හඳු­න්වනු ලබන මැද ඇඟි­ල්ලයි. ශනි ඇඟිල්ලේ දැමී­මට නොහැකි නම් පම­ණක් නිල් මැණි­ක්ව­ලින් සෑදූ මාල­යක් හෝ පෙන්ඩ­න­යක් ශරී­රයේ ස්පර්ශ වන සේ දැමිය යුතුය. නිල් මැණික් ඔබ්බවා සාදන ආභ­රණ රන් ආභ­රණ වීමට වඩා සුදුසු වන්නේ රිදී ලෝහ ආභ­රණ වීමයි. නිල් මැණික් මෙන්ම කාක නිල් ද වඩා සුබ පල ලබා දෙන්නේ රිදී ලෝහය සමඟ සම්බන්ධ වීමෙනි.

    ලෝකයේ පව­තින මැණික් වර්ග විශාල සංඛ්‍යා­වක් අත­රින් නිල් මැණික් විශේෂ ප්‍රසි­ද්ධි­යක් උසු­ලයි. පුද්ග­ල­යෙ­කුගේ දියු­ණු­වට, අපල උප­ද්‍රව දුරු­වී­මට මෙන්ම ලෙඩ රෝග සුව වීම­ටද නිල් මැණික් හෝ කාක­නිල් මැණික් සුදුසු යැයි පුරා­ණයේ සිට පව­තින මත­යකි. මේ නිල් මැණක් වර්ගයේ සුබ පල ලැබීම සිදු­ව­නුයේ ශනි ග්‍රහ­යාගේ මහ දශා කාල­යේදී පම­ණක් නොව අතුරු දශා, විදශා මෙන්ම සූක්ෂම දශා කාල වල­දීත් සිදු වේ. මේ මහ දශා, අතුරු දශා කාල­ව­ලදී ද භාව කේන්දර‍යේ ශනිගේ බලය අනුව ශනි­ගෙන් උදා­වන සුබ අශුභ ලබා දේ.
    ලොව උප­දින සෑම ජන්මි­යෙ­කු­ටම ලග්න­යක් හිමි වේ. එම ලග්න සඳහා නිල් මැණික් සුබ පල උදා කරන ආකා­ර­යද දැන ගත යුතුය. යම් ජන්මි­යෙ­කුගේ ලග්නය මේෂ වී ශනි ග්‍රහයා භාව කේන්ද­රයේ ශනිට හිත­කර රාශි­යක වේ නම් නිල් මැණික් පැල­ඳී­මෙන් ඔහුගේ හෝ ඇයගේ වෘත්ති­මය ජීවි­තයේ දියු­ණු­වක් ලැබෙන අතර ආදා­යම් මාර්ග­යද වැඩි දියුණු වී ධනය ලැබීම සිදුවේ.

    මේ ආකා­ර­ය­ටම ලග්නය වෘෂභ වී එම ජන්මි­යාගේ භාව කේන්ද­රයේ ශනි හිත­කර රාශි­යක වූයේ නම් එම ජන්මියා නිල් මැණික් හෝ කාක නිල් මැණික් පැළ­ඳී­මෙන් ආර්ථික දියු­ණුව මෙන්ම ජීවි­තයේ සෞභා­ග්‍යද උදා­ක­රනු ඇත. මේ සුබ පල අන් ලග්න­ව­ලට වඩා මේ ලග්න හිමි­යාට ලැබෙනු ඇත. මන්ද වෘශ­භයේ යෝග කාරක ග්‍රහයා ශනි වීම නිසාය.

    ඉහත ආකා­ර­ය­ටම මිථුන ලග්න හිමි­යන්ට ආර්ථික දියු­ණුව හා දේප­ල­වල දියු­ණුව ද ඇති කරයි.
    කටක ලග්න හිමි­යන්ට නිල් මැණික් හෝ කාක නිල් මැණික් පැළ­ඳී­මේදී ඉහත ආකා­ර­යට ශනි ග්‍රහ­යාගේ තත්ත්වය සුබ නම් විවා­හය ප්‍රමාද වීම හෝ විවා­හයේ ඇති ගැටලු මඟ හැරී යනු ඇත.
    සිංහ ලග්න හිමි­යෙක් වී ජන්ම පත්‍රයේ ශනි ග්‍රහයා ප්‍රබ­ලව යෙදී එම ශනි ග්‍රහ­යාට අයිති කාක නිල් හෝ නිල් මැණික් පැළ­ඳී­මෙන් අදාල ජන්මි­යාට විවාහ ජීවි­තයේ සාමය, සතුට උදා­වන අතර තර­ග­ව­ලින් ජය ලැබීම සිදුවේ. ජීව­ත­යට ඇති සතුරු බල­පෑම්ද දුරු වී යනු ඇත.

    කන්‍යා ලග්න­ය­ටද විශාල සුබ පල ප්‍රමා­ණ­යක් නිල් මැණික් පැළ­ඳී­මෙන් උදාවේ. ඒවා අතර ප්‍රේමයේ හා විවා­හයේ ඇති ගැටළු විසඳී යනු ඇත. අධ්‍යා­පන කට­යුතු සාර්ථඛ කර ගැනීම මෙන්ම දරු­පල ප්‍රමාද ස්ත්‍රීන්ට දරු­ප­ලද ඉක්මන් කර ගත හැක.

    තුලා ලග්න­යට නිල් මැණික් වර්ග පැළ­ඳීම ඉතා සුබ වේ. මන්ද තුලා ලග්න­ය­ටද යෝග­කා­රක ග්‍රහයා හා උච්ච ග්‍රහයා ශනි වීම නිසාය. තුලා ලග්න හිමි­යාට දේපළ, වස්තුව වැඩි වශ­යෙන් ලැබෙන අතර ආර්ථික දියු­ණුව, ධන වර්ධ­නය හා අධ්‍යා­ප­නික දියු­ණු­වද ඇති කරයි.

    වෘශ්චික ලග්න හිමි­යන්ට නිල් මැණික් හෝ කාක­නිල් මැණික් පැළ­ඳී­මෙන් සැඟවී තිබුණු සහජ කුස­ලතා ඔප්නංවා ගැනී­මට හැකි වෙයි. එමෙන්ම නිවෙසේ දියු­ණු­වද සැලසේ.
    ධනු ලග්න හිමි­යන්ට නිල් මැණික් හෝ කාක නිල් මැණික් පැළ­ඳී­මේදී රැකියා දියු­ණුව, ව්‍යාපාර දියු­ණුව මෙන්ම ආර්ථික දියු­ණු­වද, ධන වර්ධ­නය ද සිදු වේ.

    මකර ලග්න හිමි­යන්ට අයිති මැණික් වන නිල් මැණික් වර්ග පැළ­ඳී­මෙන් ඔවුන්ගේ පෞරු­ෂයේ යම් අඩු­වක් වී නම් එය නැති වී යනු ඇත. එමෙන්ම ධන සම්පත් වර්ධ­නය වී ජීවි­තයේ දියු­ණුව, යසස උදා­වනු ඇත.
    කුම්භ ලග්න හිමි­ය­න්ටද අයිති මැණික් නිල් මැණික් වර්ගයි. එම නිල් මැණික් පැළ­ඳී­මෙන් ජීවි­ත­යට ඇති වී ඇති දුක් කම්ක­ටොලු දුරු­කර සැපත සතුට උදා­වනු ඇත. සතු­රන් පරා­ජය කිරීම මෙන්ම අල­ස­කම නැති වී යාම­ටද හේතු වේ.

    මීන ලග්න හිමි­යන් ශනිට අදාළ මැණික වන නිල් මැණික හෝ කාක නිල් මැණික පැළ­ඳී­මෙන් බාධා­ව­කින් තොරව මුදල් ලැබීම, මුදල් විය­දම් කිරී­මේදී සක­සු­රු­වම් බව ඇති­වීම ආදී දේ සිදුවේ.
    කාක නිල් මැණික් හෝ නිල් මැණික් හෝ ඉන්ද්‍ර­නීල මැණික් මිලදී ගැනී­මේදී පලුදු වූ ගල් මෙන්ම පිච්චී­මට ලක් වී මැරුණු ගල් නොගත යුතුයි. ඊට අම­ත­රව ඇත්ත නිල් මැණික් වර්ග මෙන්ම පැහැ­පත් වීදුරු ගල් ද වෙළෙ­ඳ­පොළේ ඇත. එනිසා මැණි­කක් මිලදී ගැනී­මට යෑමේදී මැණික් පිළි­බඳ හොඳ දැනු­මක් ඇති අයෙකු සමඟ යෑමට අම­තක නොක­රන්න. ව්‍යාජ මැණික් වලින් කිසිදු සුබ පල­යක් නොලැ­බෙනු ඇත.

    ජ්‍යොති­ෂ­වේ­දීනි දේශ­බන්ධු
    මංජුලා පුෂ්ප­රාං­ගනී පල්ලේ­බැද්ද
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: නාහෙට නාහන සෙනසුරු නිල් මැණිකට වශී වේ! Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top