දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් හෙබි තැනැත්තා ඉතා බලවත් වේ. සුත්ත නිපාතයේ සේල සූත්‍රයේ ද මජ්ඣිම නිකායේ බ්‍රහ්මායු සූත්රයේද දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් උපදින තැනැත්තන් පිළිබඳව දක්වා තිබේ. සූත්‍ර පිටකයේ දීඝ නිකාය ලක්ෂණ සූත්‍රයෙහි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ විස්තර කර ඇත.
"සුප්පතිට්ඨික පාදෝ" ලෙස පාද පිළිබඳ දක්වා ඇත. ඒ අනුව මනාලෙස පිහිටියාවූ පාද වලින් යුක්ත වීම උතුම් වූ දෙතිස්මහා පුරුෂ ලක්ෂණයක් වේ. පෙර ආත්ම භවයේදී ඉතා ධාර්මික අයකුව වැඩිහිටියන්ට, ගිලනුන්ට උපස්ථාන කිරීම හේතුවෙන් උපදින මෙවැනි උතුම් තැනැත්තන්ට අන් අයගේ බලපෑම්වලට යටත් නොවනු ඇත. යටිපතුලේ චක්‍ර ලක්ෂණයක් පැවතීම "හෙට්ඨාපාදතලේසු චක්කානි ජාතානි යන පාඨයෙන් දැක්වෙන අතර පෙර ආත්ම භවයේදී සියලු දෙනා වෙනුවෙන් කැපවීමෙන් ඔවුන්ගේ සැප පිණිස කටයුතු කිරීම නිසා අනුගාමිකයන්ද සහිතව මෙසේ උපත ලබයි. යටි පතුලේ චක්‍ර ලක්ෂණයන් පිහිටා තිබීම, දික් වූ විළුඹ ද දික් වූ ඇඟිලි ද සහිතව නොනැමී කෙළින් පිහිටි සිරුරක් ඇති තැනැත්තා උතුම් වූ ලක්ෂණයෙන්ද පෙර ආත්ම භවයේ රසවත් දේ දන් දීම හේතුවෙන් උරහිස් ද පිටි පතුලේද මාංශ බහුලව උපදී. සිනිදු වූ මොළොක් වූ දෙ අත්ල මෙන්ම දෙපතුල් ද පිහිටීම උතුම් ලක්ෂණයක් වේ.මස් වලින් පිරුණු පාද, මනා ලෙස අත් පිහිටා රෝමයෙන් ගැවසී තිබීම යන උතුම් ලක්ෂණය පෙර ආත්ම භවයේදී යහපත් වූ වචන අනුශාසනා පැවැත්වීම හේතුවේ හිමි වී ඇත.
දිගින් යුත් පළල නුගයක් ලෙස බඹයක් පමණ වූ සිරුරක් ද නැමෙන්නේ නැතිව දනහිස් පිරිමැදිය හැකි දෑත් පිහිටීම උතුම් දේහ ලක්ෂණයක් . සිංහයකු බඳු වූ පූර්වාර්ධකය ඇතිව සම්පූර්ණ වූ මුළු ශරීරයමද පිට හා දෑලවර මැද පිරුණු බවින් යුක්ත වීමද සම සිනිදු බවින් යුක්ත වීමද දෙතිස් මහා පුරුෂ ලක්ෂණයක් වේ. තල ඇටයක් හා සමාන වූ යම්කිසි ආහාරයක් දිවට තැබූ විට මුළු ශරීරයටම එහි රස පැතිර යාම උතුම් ලක්ෂණයක් . පෙර ආත්ම භවයේදී සතුන්ට හිංසා නොකිරීම මෙම උත්තම ලක්ෂණය හිමිව උත්පත්තිය ලැබීමට හේතු වාසනා වෙයි. මනා තැන දිය බෙරලිය මලක් සේ ඉතා නිල් වර්ණයෙන් යුක්ත වීද, රන්වන් පැහැය, රතු පැහැය, සුදු පැහැය, කළු පැහැය තිබිය යුතු තැන් මනාව එලෙසින්ම දීප්තිමත් දෑස් පිහිටීම අන් අය කෙරෙහි දයාවෙන් බැලීමෙන් මෙ උත්තම දේහ ලක්ෂණය හිමිව උපදී. පිරුණූ නළලක් , පිරුණු හිසක් යුක්ත වීම ද දෙතිස් මහා පුරුෂ ලක්ෂණයක් වේ. පෙර ආත්ම භවයේදී මහජනයා සුචරිතයේ හැසිරවීමට ක්‍රියා කිරීම හේතුවෙන් මේ උත්තම ලක්ෂණය හිමි විය.
එක රෝම කූපයක් එක් රෝමයක් පමණක් පිහිටා තිබීමත් ඇහි බැම දෙ අතර නළල මැද දකුණු දිශාවට කැරකැවී ඇති දිලිසෙන රෝමයන් පිහිටා තිබීමත් උත්තම දේහ ලක්ෂණයක් වේ. පෙර ආත්ම භවයේදී සත්‍ය පමණක් ප්‍රකාශ කිරීම නිසා උත්තම ලක්ෂණය හිමි වෙයි. හිඩැස් නොමැති වූ දත් හතළිහක් සහිත වීම ද පෙර ආත්ම භවයේදී අන් අයට විරසක කිරීමට කේලම් නොකියා සිටීම හේතුවෙන් එම උත්තම ලක්ෂණය හිමි විය. මෘදු වූත් දික් වූත් පළල් වූත් දිවක් ඇති වීමද මිහිරි කට හඬකින් යුක්ත වීමද පෙර ආත්ම භවයේදී තම මුවින් පරුෂ වචන නොකීම හේතුවෙන් හිමි වෙයි. සිංහයකුගේ යටි හනුව ලෙස පරිපූර්ණ ව ූඋඩු හා යිට හනු දෙකම පිහිටා තිබීමත් සම වූ දත් දෙපල දිලිසෙන සුදු පැහැයෙන් යුතුව පිහිටීමක පෙර ආත්ම භවයේදී මිථ්‍යා මත වලින් තොරව ජීවත් වීම නිසා පිහිටියකි.
ඉහත දැක්වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂනවලින් යුක්ත වීමට පෙර ආත්ම භවයේ තමා විසින් සිදු කරන ලද සෑම ක්‍රියාවක්ම ඉවහල් වී ඇති ආකාරය ඔබට අවබෝධ වනවා ඇත.
ජ්‍යොතිෂවේදී මෙලාන් වික්‍රමසිංහ

0 comments:
Post a Comment