728x90 AdSpace

  • නවතම පුවත්

    2015-04-22

    සෙන­සු­රාට ඇයි මේ තරම් බය?


    ශනි හෙවත් සෙන­සු­රාගේ නම ඇසූ පම­ණින් බොහෝ අය බියෙන් ඇල­ලෙයි. ඒ හුඹස් බය ඉව­ත්ක­ර­ලීම මේ ලිපියේ අමු­ණයි.
    සෙන­සුරු පෘථි­වියේ වරුණ දිශා­වට හෙවත් බට­හි­රට අධි­ප­තිව, නිල් පාටින් බැබ­ලෙ­මින් කපු­ටෙක් අරා ගමනේ යෙදෙ­මින් නුග වෘක්ෂ­යක සෙවනේ වාසය කරයි.තවත් ග්‍රන්ථ­යක සඳ­හන් කරන ආකා­ර­යට සෞරාෂ්ඨ දේශයේ ඉද්‍ර­නීල විමාන මාණික්‍ය මාළි­ගාවේ නද­වට නම් ආයු­ධ­යක් සුර­තින් දරා (අසේල නම් සෘෂි­ව­රයා විසින් දුන්නකි)සිටී.

    19 වස­ර­කට මහ දශා­වට අයත් ග්‍රහ­යෙකි. මකර හා කුම්භ ලග්න­යට අයි­තිය. පුෂ, අනුර, උත්‍ර­පු­ටුප නැකැත් අයත් ය. කෲර ග්‍රහ­යෙකි. රවි, කුජ, රාහු, ඉන්ද්‍ර යන ග්‍රහ­යෝද කෲරයෝ ‍ය. නපුරෝ ය. බල­වත් දුක් පීඩා ගෙන දෙන ග්‍රහයෝ ය. කුජගේ මහ දශා­වක් ලැබූ විට ද ජීවිත හානිය සිදු­විය හැක. සොර සතුරු බිය ඇති­විය හැක. අත පය කපා දමන හදිසි අන­තුරු ඇති විය හැක. ඒ බව නක්ෂත්‍ර පූර්වා­චා­ර්ය­වරු පැව­සූහ.
    දහ­අට අවු­රු­ද්දක් පවත්නා රාහු කෙසේ වීද ඔල්මාද ගති ඇති කර­විය හැකිය. සිහි කල්ප­නාව අවම කළ හැකිය. තේරු­මක් නොමැ­තිව හිස හැරුණු අතේ ඔල්මා­ද­යෙන් යැවිය හැකිය.
    මේ කිසි­වක් යහ­පත් ශුභ­දා­යක ඉතු­රුම් නොවේ. බුද්ධිය විනාශ කර ඇස් රෝග ඇති­කර සභා­වෙන් ඇද දමා මුල්ල­කින් තබයි.

    රවි ද ඇතු­ළුව මේ තුන්දෙ­නාම ආවොත් වැඩි­පු­රම  කරන්නේ සතු­රු­කම් ය. අපි ශනි ගැන පසුව කතා කරමු. දැන් ශුභ‍යෝ ය.සෞම්‍යය යෝග යැයි හඳු­න්වන සඳු, සිකුරු, ගුරු ගැන කතා කරමු. ඔවුන් ශුභ යැයි සම්මත බැවින් බොහෝ විට ශුභ­පල ගැනම පම­ණක් කතා කරයි. අපි සඳු ගැන කතා කරමු. අව සඳු පාපියා වන අතර පුර සඳු ශුභයා වෙයි.‍බුධ ලග්නා­ධි­පති වූ මිථුන කන්‍යා­වෙන් යමෙක් උපන්නා යැයි සිතමු. සඳු පාපියා වී පැමිණේ. ජන්ම ඒරා­ෂ්ඨ­කයේ මූලික තැන සඳු ය. සඳු නරක් වූ විට සෙම් රෝග ඇති කරයි. හෙම්බි­රි­ස්සාව නිවු­මෝ­නි­යාව දක්වා දුර දිග ගෙන යයි. හිත් කඩා වැටීම, හිතේ සමා­ධිය නැති­කර මාන­සික රෝග ඇති කර­වයි. "බුධඃ චන්ද්‍රඃ සදා වෛරඃ" කීවේ එහෙ­යිනි. ගුරු සතු­රුත් එහෙ­මයි. "ගුරු ශ්‍රක්‍රො සදා වෛරඃ" කීවේ එහෙ­යිනි.

    ශුභ­යන් යැයි සම්මත සෞම්‍ය ග්‍රහ­යින්ගේ තත්ත්වය මෙසේ නම් සෙන­සුරු ගැනම පම­ණක් ඇයි මේ හුඹස් බය? බය වෙනවා නම් බය වෙන්න කාරණා කට­යුතු නැත්තේම නොවේ. අව­ස්ථාව පැමි­ණි­ය­හොත් ශනි ද නපු­රට හිටියි. මෙහි දී අවාසි දෙකක් ඇත.
    ශනියේ මුලු දසා කාලය අවු­රුදු 71/2කි.ශනි වක්‍ර භාව­යක අවු­රුදු 2 1/2ක් සිටී.*ශනි ජීවිත නාෂ­ක­යෙකි. *රෝග­කා­ර­ක­යෙකි.
    අපි ඒ ගැන ටිකක් කතා­කොට ශුභ පල ද කතා කරමු.
    ශනිට විශේ­ෂ­යෙන් බිය විය යුතු නැත. ඕනෑ­නම් අව­සා­නයේ ජීවිත හානිය කරයි. අව­ශේෂ වශ­යෙන් රැකියා නැති­කොට ඔත්පල කරයි. මෙයම කුජට ද කේතුට ද කළ හැකි. කේතු නොමැ­රුවේ වුවද නොමරා මරයි.මෙහිදී විශේ­ෂය වනුයේ අනෙක් ග්‍රහ­යින්ට කළ හැකි දෑවල යම් යම් සීමා­වන් ඇති වුවද ශනිට එම සීමා පැන­වීම නොමැති බව ය.බොහොම සුළු සුළු දේ සිට ජීවිත හානිය දක්වා අත­ර­මැදි සියල්ල කළ හැක. වසර 19ක් මුළු­ල්ලේම මෙය කළ හැකිය. දරු­ණු­කමේ සීමාව කුජ­ටද, ශනිට ද එක හා සමාන ය.

    ශනිට හසු­වු­වොත් වෙලාව ආවොත් තරා­ති­රම නොබ­ලයි. එකම හැන්දෙන් බෙදයි. "හිඟ­න්නා­ටද, විෂ්ණු දෙවි­යන්ට ද, එක සමාන ය. ඒ නිසාම "හිඟ­න්නාගේ පාත්තරේ සෙන­සුරා වැටුණා වගෙයි", "විෂ්ණු දෙවි­ය­න්ටත් බට­කොළ කැවුවා" යැයි කිය­මන් ද ඇත. මෙසේ  කාලය ද ටිකක් දිගු ය. වසර 2 1/2කි. ශනිගේ ඒරා­ෂ්ඨ­කය යැයි කීමද ඒරා­ෂ්ඨ­කය ලබන්නේ ශනි­ගෙන් පම­ණක් ද? ඇයි කුජ, කේතු, රාහු, රවි­ගෙන් ලබන්නේ නැතිද? එහෙම නම් සූර්ය ඒරා­ෂ්ඨ­කය,රාහු ඒරා­ෂ්ඨ­කය වශ­යෙන් හඳු­න්වන්නේ කුමක්ද? මෙහිදී ඇත්ත­ටම සිදුවී ඇත්තේ ශනිට වරද පටවා ඔහු කළු චරි­ත­යක් බවට පත් කිරීම ය. ඔහු පළමු වෛර­ක්කා­රයා බවට පත් කිරීම ය.

    ශනි­ගෙන් ලබන ශුභ­පල නැද්ද? අන්න ඒ ගැන පුහු මත­යෙන් බැහැර වී මධ්‍ය­ස්ථව කතා කරමු. ශනිට අයත් මකර හා කුම්භ යන රාශි දෙකේ උපත සිදු­වු­ව­හොත් ලග්නා­ධි­පති තම රාශ්‍යා­ධි­ප­ති­කම ශනිට අයත් ය. ගෙදර අධි­ප­තියා ශනි ය. 'ශෂ' අප­ලය මෙහි දීගෙ­නෙ­නිනේ නැත. ශනි මෙහිදී නපුරු තාත්තා කෙනෙක් පම­ණයි. සැර තාත්තලා ටිකක් වැඩි­පුර විපාක දේ. සැර වැර කරයි. එහෙත් මරා දමන්නේ නැත. ඒ ඒ රස මස­වුලු කන්න දෙන්නේ නැත. එහෙත් හාමතේ නොත­බයි.

    අපි තව උදා­හ­ර­ණ­යක් ගනිමු. යම් ජන්ම පත්‍ර­යක අෂ්ඨ­මා­ධි­පති බලය ලග්නා­ධි­ප­තිට හිමි වුනොත් එවිට අෂ්ඨ­මා­ධි­පති බලය ක්‍රියා විර­හිත ය. නක්ෂත්‍ර සිද්ධා­න්ත­යක් ඇත.මේෂයේ අෂ්ඨ­මා­ධි­පති බලය හිමි කුජ ඒ බලය මේෂ­යට නොයෙ­දෙන්නේ එහෙ­යිනි. කුජට නැති බලය මක­රයේ කුම්භයේ ශනිට ලැබේද? ඇයි මේ වෙන­ස්කම් මෙයට කිට්ටුව යන තව සිද්ධා­න්ත­යකි, අෂ්ඨ­මා­ධි­පති බලය භාග්‍ය­ස්ථා­නා­ධි­ප­තිට ද ලැබු­ණොත් අෂ්ඨ­මා­ධි­පති බලය පාවිච්චි නොක­රයි' යන්න ය.

    කටක ලග්නය ගනිමු. මෙහි දී මෙයම සිද්ධ වී නැතිද? ඇයි ශනිට පම­ණක් මේ වෙන­ස්කම්? තුලාවේ වෘෂ­භයේ යෝග­කා­ර­කයා ශනි ය. යම් කෲර­යෙ­කුට කේන්ද්‍ර­ස්ථා­න­යත් හා ත්‍රිකෝ­ණ­ස්ථා­න­යත් එක­වර හිමිවේ නම් ඔහු යෝග­කා­ර­කයා වන්නේ ය. යෝග­කා­ර­කයා  ශුභ­යාට ද වඩා ගුණ­යෙන් ඉහළ ය. යෝග­කා­ර­කයා යම් හෙය­කින් නෛස­ර්ගික බල­යෙන් යුක්ත වුව­හොත් හේ "රාජ යෝග­කා­ර­කයා" වන්නේ ය. රාජ­යෝ­ග­කා­ර­කයා සිතූ පැතූ සම්පත් දේ. අන්තර් දසා­ව­කදී වුව ද සැප­යම එල­වයි. වෘෂ­භයේ හා තුලාවේ මෙම යෝග කාර­කයා ශනි නොවේද?

    වෘෂ­භයේ, මක­රය, කුම්භය යනු 9 හා 10 භාව­යන් අධි­පති ය. තුලාවේ මක­රය හා කුම්භය යනු 4 හා 05 භාව­යන් අධි­ප­තින් ය. හතර කේන්ද්‍ර­ස්ථා­නය 5,9 ත්‍රි‍කෝණ­ස්ථා­න­යයි. එසේ­නම් මේ දෙකට අධි­පති ශනිට පම­ණක් මේ වෙන­ස්කම ඇයිද?  තවත් උදා­හ­ර­ණ­යක් ගනිමු. කටක, සිංහ දෙක බලමු.
    කට­කයේ 5 අධි­පති කුජය,  10 අධි­පති කුජය,
    සිංහයේ 4  අධි­පති කුජය, 09  අධි­පති කුජය.

    එහෙ­යින් ලග්න දෙකේම යෝග­කා­ර­කයා කුජයි. කුජ ශුභ­පල දෙන බව දෛව­ඥ­යින් පිළි­ගනී. ඒ ඇත්ත ය. ප්‍රශ්නය එය නොවේ. මෙහිදී කුජට දැක්වූ සැල­කිල්ල වර්ෂා කාල­යේදී ශනිට නැත්තේ ඇයිද? යන්න ය. ඔබද එය පිළි­ගනී නම් මෙතැන වාද­යක් නැත. ඇත්තේ ගතා­නු­ග­තික බවට බරවී ඇස් පියා­ගෙන ශනි අශු­භ­යෙක් කර­වී­මයි. තවද කරු­ණක් කියමු. එකක් නොව දෙකක්ම කියමු. ඒරා­ෂ්ඨ­ක­යන් ක්‍රියා­ත්මක වීමට කාරණා කීප­යක්ම එක­වර සම්පූර්ණ විය යුතුයි. අපි ඒවාද කතා කරමු.

    ඒරා­ෂ්ඨ­ක­යක් නියම විධි­යට පල­දී­මට නම්

    1. ශනි මහ දසාව හෝ නැත්නම් ශනි දශා­වක වෙනත් පාපි­යෙ­කුගේ අන්තර් දසාව හෝ ලැබිය යුතුයි.
    2. ජන්ම සමයේ හෝ අද ගෝච­ර­යේදී ශනි නෛස­ර්ගික බල හීන­තා­ව­ය­කට පත්ව සිටිය යුතුයි. නීච හෝ සතු­රුව සිටිය යුතුයි.
    3. ශනි ගෝච­ර­යෙන් 1,8 හෝ ජන්ම සමයේ සඳු සිටි ස්ථාන­යට පැමි­ණිය යුතුය. එහෙත් 5 හෝ 9 භාව­ය­න්වල නම් විපා­කය ස්වල්ප­යකි.
    4. නොඑ­සේ­නම් පාපි­යෙ­කුගේ මහ දශා­වක ශනිගේ දෘෂ්ටිය ලැබිය යුතුය. ශනි දෘෂ්ටිය ලැබෙ­නුයේ 3,7 හෝ 10 වෙත දෘෂ්ටි­ගත වුවොත් පමණ ය.

    තවත් අතුරු හේතු ද ඇත. ලග්නා­ධි­පති හෝ වෙනත් ශුභ ග්‍රහ­යින් ජන්ම සම­යේදී බල හීන­තා­ව­ය­කට පත්වී සිටිය යුතුයි. චන්ද්‍රයා නරක් වී සිටිය යුතු ය. මහ දසා­ධි­පති නරක භාව­ය­කට පැමිණ සිටීම හෝ උත්ප­ත්තියේ දී‍ න­රක භාව­යක සිටිය යුතුයි.

    මෙම කරුණු කීප­යක් හෝ වැඩි ප්‍රමා­ණ­යක් සම්පූර්ණ වී ඇත්නම් ආයුෂ පරීක්ෂා කලාට වර­දක් නැත. නියත මාර­කය පැමි­ණී­මට ශනි ඒරා­ෂ්ඨක ගතවූ පම­ණින්ම මර­ණය ගැන කියන්න ඉක්මන් නොවිය යුතු ය. ඔත්පල කිරීම, අපල උප­ද්‍රව ගැන කියන්න ඉක්මන් නොවිය යුතුයි.අනෙක් ග්‍රහ­යි­න්ටද මෙසේම ය. නමුත් සිදුවී ඇත්තේ මෙහි අනික් පැත්ත ය. ශනි නරක භාව­ය­කට ආ පම­ණින්ම ශනියේ මහ දශාව ලත් පම­ණින්ම අපල උප­ද්‍රව ගැන කියයි. ඇයි මේ දුග­ති­ගාමී බව. ඇයි ශනිට මෙසේ සල­කන්නේ.

    ශනි හොඳ අතට ආකල බල­යෙන් යුතු වූ විට සැප සම්පත් නොදේ ද? යමෙ­කුගේ ජන්ම පත්‍රයේ ශනි තුලාවේ සිටියා යැයි සිතමු. නිය­ත­යෙන්ම ඔහු දුක දිනා ජය ගන්නකු වේ. වෙහෙස වී වැඩ කිරී­මෙන් වෙහෙ­ස­කට පත් නොවේ. හොඳින් ජය ලැබිය හැකි ය. දියු­ණු­ව­කට ලක්වී­මට හැකි ය. පරා­ජය කළ නොහැක. බඩ­ගිනි ඉසි­ලිය හැක. ලැබෙන කුමක් වුවත් කුස පුරා ගිල දැමිය හැක.

    ඔවුන් දියුණු කොට්ඨා­ස­යක් වේ. දුක හැඳින දුක දිනා ජය ගත් අය වේ. රිදී හැන්දෙන් කිරි බීපු අය නොවේ. වෙහෙස වී ජය ගත් අය වේ. මේ අයගේ ශනි නරක්වූ විට,

    "නිත්‍යං විවාහ වද බන්ධන රෝග පීධඃ
    භන්ද්‍රො සදා විමුක්තං වර මිත්‍ර වෛරම්"
    යන ස්ත්‍රොත්‍රය මෙහිදී නොගැ­ලපේ. ශනි යෝග­කා­ර­කයා වීම ඉතින් කවර කතාද?

    කාරණා මෙසේ නම් ඇයි මෙත­රම්ම ශනිට බිය.ගතා­නු­ග­ති­ක­ත්ව­යට පත්වී කිය­න්නන් වාලේ ඔහේ කිය­නවා විනා තර්කා­නු­කූ­ලව කරුණු ඉදි­රි­පත් කරන ලෙස කියනු කැමැ­ත්තෙමි. කෙනකු මර­ණ­යට පත් කිරී­මට ශනිට පම­ණක් නොව අනෙක් ග්‍රහ­ය­න්ටද හැක. එයට අවශ්‍ය කර්ම ඵලය සැලසී ඇත්නම් අනෙක් ග්‍රහ­යින්ද නොපැ­කිල ඉදි­රි­පත් වේ. එය හීන් නිල­මේය/ මහ නිලමේ'යැයි වෙන­සක් නැත. ධර්මයේ පිහිටා කට­යුතු කරන්නේ නම් පම­ණක් මෙහිදී මඳක් සහ­නය ලැබේ.නොඑ­සේම ශනි ලැබූ පම­ණින් ඒරා­ෂ්ඨක වූ පම­ණින් හානි­යට ඉදි­රි­පත් නොවෙයි. එය දිගු කාලීන අත්දැ­කී­ම්ව­ලින් ද ගුරු ඇසු­රින් ද මම දනිමි.

    ශනි නරක් වූ විටද පිළි­යම් ඇත.

    1. ශනි මෘතුං­ජය/ නීල මණ්ඩ­ලය/ නව­ග්‍රහ මෘතුං­ජය/ ස්ථම්භන මෘතුං­ජය වැනි යන්ත්‍රද,
    2. ශනි දිෂ්ටි බලිය, ශනි ශක බලිය, ශනි ඒරා­ෂ්ඨක බලිය, දසා කෝධ බලිය, මහා නිලඟ රාක්ෂ බලිය වැනි බලි යාග ඇත්තේ එවිට ය.
    මේ සියල්ල සලකා බලන විට ශනි හෙවත් සෙන­සුරු කියන තරම් අද අපි සිතන තරම්ම සරණ කාර­ක­යෙක් ‍නොවන බව වටහා ගත හැකි ය. එය ගතා­නු­ග­ති­කව ඇතැම් අය සිතන හුඹස් බයක් පමණි.

    ප්‍රවීණ ජ්‍යොති­ෂ­වේදී කලා භූෂණ ජ්‍යොතිෂ විද්‍යාරත්න  රාජ්‍ය සම්මානලාභී
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: සෙන­සු­රාට ඇයි මේ තරම් බය? Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top