728x90 AdSpace

  • නවතම පුවත්

    2015-04-22

    පොරොන්දම් හරි ! ඒත් විෂ කන්‍යාව කෝ?

    සාර්ථක විවාහ ජීවිතයක් ගතකිරීමට පොරොන්දම් ගැලපීමේදී පොරොන්දම්වලට හසුනොවන වෙනත් විවාහ දෝෂ පවතින අතර විවාහ ජීවිතයට බලපෑම් ඇති කරන්නාවූ විෂ කන්‍යා දෝෂය පිළිබඳ අවධානය යොමු කරමු.

    විෂ කන්‍යා යෝගය සහිතව උත්පත්තිය ලබන්නා වූ කාන්තාව හා විවාහයට පත්වන්නා වූ පුරුෂයාට විවාහ වී ටික කාලයක් ගතවෙත්ම තම ශරීරයේ දුර්වලතාවන් රෝග පීඩා ගෙන දීම හේතුවෙන් අවාසනාවන්ත පවුල් ජීවිතයක් ගත කිරීමට ‍හෝ ස්වාමිපුරුෂයා හදිසියේ යම්කිසි පීඩාවකින් මිය යාම හෝ සිදුවිය හැක. කෙසේ වෙතත් විෂ කන්‍යා යෝගය යෙදී එකම දිනයේ දැරියන් කිහිප දෙනෙකු රටෙහි ඕනෑම තැනක ඉපදිය හැක. නමුත් ඒ සෑම ස්ත්‍රියකගේම ස්වාමි  පුරුෂයා රෝගියකු බවට පත්වීමක් හෝ අකාලයේ මිය යාමක් හෝ සිදු නොවනු ඇත.

    විෂ කන්‍යා යෝගය යෙදී උත්පත්තිය ලබන ස්ත්‍රීන්ගේ හඳහන්වල යෙදෙන වෙනත් ග්‍රහ යෙදුම් ග්‍රහ දෘෂ්ටි හේතුවෙන් විෂ කන්‍යා යෝගයේ අයහපත් බලපෑම් දුරුවී යනු ඇත. විෂ කන්‍යා යෝගය යෙදෙන අකාරයත් එම යෝගය භංගවන ආකාරයත් විමසා බලමු.

    1993 දෙසැම්බර් මස 25 වන දින රාත්‍රී 1.44 හෝමාගමදී උත්පත්තිය ලද යෞවනිය පාසල් කාලයේදී පැවති ප්‍රේමය මත 2012 වසරේදී විවාහ විය. විවාහ වීමෙන් පසු පසුගිය වසර මුලදී දරුවකු ගර්භයේ පිළිසිඳගත් මුත් එම දරුවා සති 4කට පසු ගර්භයේදීම නැති විය. 2014 ඔක්තෝම්බර් මාසයේ හදිසි අනතුරක් හේතුවෙන් තම ස්වාමියාගේ වම් කකුල කපා ඉවත් කරන ලදී. එක පිට එකපිට කරදර පැමිණි හෙයින් ඇයගේ මව විසින් කිහිප තැනකින් දියණියගේ හඳහනත් ස්වාමියාගේ හදහනත් පරීක්ෂා කරනු ලැබූ මුත් කිසිදු දෝෂයක් ඇතිබව පවසා නැත.

    ඇත්තෙන්ම හදහන් දෙකේ ගැලපීම තිබුණි. නමුත් මේ ස්ත්‍රිය උත්පත්තිය ලබා ඇත්තේ විෂ කන්‍යා යෝගය යෙදුණු අවස්ථාවක ය. සෙනසුරුදා 25 වන දින රාත්‍රී 1.44 එනම් ඉරිදාට එළිවෙන්නටය. ඇය උත්පත්තිය ලද නැකැත රවිට හිමි නැති නැකැත වේ. එසේම දොළොස්වන තිථීය උදාව පැවතුනි. එනම් ඇය උත්පත්තිය ලබා ඇත්තේ ඉරිදා දිනක කැති නැකතේ දොළොස්වන තිථීය යෙදුණු විෂ කන්‍යා යෝගය යෙදී ඇති අවස්ථාවක වේ.

    ඉහත ආකාරයට විෂ කන්‍යා යෝගය යෙදෙන අවස්ථා තව ඇත. යම්කිසි ස්ත්‍රියක් මේෂ ලග්නය හිමිව උත්පත්තිය ලබා සෙනසුරු ලග්නගතව තැන්පත් වී අඟහරු ග්‍රහයාත් කේතුත් සයවැනිභාවයේ තැන්පත් වීමෙන්ද එලෙසම මේෂ ලග්නයෙන් උත්පත්තිය ලබා රාහු ලග්නගතව තැන්පත් වෙමින් අඟහරු හා සෙනසුරු සය වැන්නේ තැන්පත් වීම  විෂ කන්‍යා යෝගය යෙදීමකි. ‍

    රිවි හිමි සිංහ ලග්නයෙන් උත්පත්තිය ලබා ලග්නාධිපති වූ රවි කර්මස්ථානයේ සෙනසුරු සමඟ තැන්පත්ව සිටිත්ද ලග්නගතව අඟහරු හා රාහු තැනපත් වෙමින් උත්පත්තිය ලැබීම ද විෂ කන්‍යා යෝගය යෙදෙන අවස්ථාවකි.

    සතවක තිථීය යෙදී ඇති සෙනසුරාදා දිනක උත්පත්තිය ලබා කැති නැකැත හිමි වීම ද  එලෙසම සෙනසුරාදා දිනයක උත්පත්තිය ලබා දියවක තිථීය ද පවතිද්දී අස්ලිය නැකතෙන් උත්පත්තිය ලබා තිබීමද, දියවක තිථීය යෙදී ඇති අඟහරුවාදා දිනක උත්පත්තිය ලබා රාහුට අයත් සියාවස නැකතෙන් උත්පත්තිය ලබා තිබීමද දොළොස්වන තිථීය යෙදී ඇති ඉරිදා දිනක බුධට අයත් අස්ලිස නැකැතෙන් උත්පත්තිය ලබා තිබීම ද සතවක තිථීය යෙදී ඇති අඟහරුවාදා දිනක ගුරුට අයත් විසා නැකැතක උත්පත්තිය ලබා තිබීම හෝ දොළොස්වන තිථීය යෙදී ඇති ඉරිදා දිනක රාහුට අයත් වූ සියාවස නැකතින් උත්පත්තිය ලබා තිබීම ද විෂ කන්‍යා යෝගය ඇතිවන උත්පත්තිය වේ.

    විෂ කන්‍යා යෝගය සහිතව උත්පත්තිය ලැබීමෙන් එම ස්ත්‍රිය තමාගේ පිරිසිදුකම ගැන වැඩි උනන්දුවක් නොදක්වනු ඇත. තමා අඳින ඇඳුම් ගැනවත් වැඩි සොයා බැලීමක් නොකරන අතර පුත්‍රකාරක ග්‍රහයාගේ බලවත් වීමක් නොමැතිව විෂ කන්‍යා යෝගය සහිතව උත්පත්තිය ලැබුවේ නම් දරු සුරතල් බැලීමේ භාගයද ඇයට අහිමිව යනු ඇත. තමන් හා විවාහ වන සහකරුගේ යම් කිසි රෝග තත්ත්වයක් මත තමාට තම සහකරු සමඟ යහන් සුව විඳීමේ වාසනාව අහිමිව යයි. කෙසේ වෙතත් විෂ කන්‍යා යෝගය හිමිව උත්පත්තිය ලබන ස්ත්‍රීන් තම ජීවිත කාලය පුරාම යම් යම් කරදරවලටත් සිත් වේදනා වලටත් ලක් වෙමින් සැපයෙන් තොර වූ ජීවිතයක් ගත කරයි. ඇය හා විවාහයට පත් වන්නාවූ පුරුෂයාට ද විවාහ ජීවිත කාලය පුරාම ඇය සමඟ සතුටින් කාලය ගත කිරීමේ වාසනාව නොලැබී යනු ඇත. දෙදෙනා දෙතැනක විසීම ද සමහරවිට දැකිය හැක.

    ඒ කෙසේ වෙතත් විෂ කන්‍යා යෝගය යෙදුණු පමණින් අයහපත් පල උදා නොවන අතර විෂ කන්‍යා යෝගය භංග ව යෙදෙන අවස්ථාවන් පවතී.

    විෂ කන්‍යා යෝගය සහිතව ඉපදී ඇයගේ ලග්නය වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මීන යන ලග්නයක් වී බුධත් , බ්‍රහස්පතිත් සඳුත් උපතේදී බලවත්ව යෙදීමෙන් විෂ කන්‍යා යෝගය භංග වනු ඇත.

    ලග්නාධිපතියා බලවත්ව ලග්නයේ යෙදීමත් ලග්නගතව ශුභ ග්‍රහයකු තැන්පත්ව සිටීමත් කලත්‍රභාවය අධිපතියා ශුභ ග්‍රහ දෘෂ්ටි සහිතව සත්වැන්නෙහිම තැන්පත්ව සිටීමත් විෂ කන්‍යා යෝගයක් ලබා උත්පත්තිය ලැබුවත් එම දෝෂය භංග වී යනු ඇත. විෂ කන්‍යා යෝගයක් ජන්ම කේන්ද්‍රයක දුටු පමණින් අසුබ බව තීරණය නොකර සමස්ත ග්‍රහයින්ගේම බල දුබලතාවයද අවබෝධ කරගෙන විවාහයට ගැලපෙන නොගැලපෙන බව තීරණය කරන්න. මේ දෝෂය පොරොන්දම් 20ට හසු නොවන නිසා පොරොන්දම් පමණක් බලා විවාහ ‍නොවන්න.

    ජ්‍යොතිෂවේදී රේණුක වික්‍රමසිංහ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: පොරොන්දම් හරි ! ඒත් විෂ කන්‍යාව කෝ? Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top