ඇති වන්නේය, ඇති වෙමින් නැති වෙමින් පවතින්නේ ය. අභාවයට පත් වන්නේ ය. කාලය නම්
අද්භූතජනක
පැවැත්ම ඇතුළේ සැමවිටම සිදු වන්නේ එයයි. උත්පාද ස්ථිති භංග යනුවෙන් ධර්මයේ දැක්වෙන අවස්ථා තුන මේ විශ්වයේ පවතින සියල්ලටම පොදුය. ජීවිතය ද හට ගනී මොහොතක් පාසා වෙනස් වෙමින් පවතී. අභාවයට යයි.
එසේ අභාවයට පත් වූ ජීවය අන් ස්වරූපයකින් නැවත හට ගනී, ඇති වෙමින් නැති වෙමින් පවතී, අභාවයට යයි. සංසාර චක්‍රය යනු මෙයයි. මේ චක්‍රයට සත්ත්වයා බැඳ තබාලන්නේ අාශාව, ඇලීම් හෙවත් තෘෂ්ණාවය. එය බිඳ දැමූ දා ජීවිතය පරම නිදහස සහ ආනන්දය සදාකාලිකව හිමිකර ගනී. එය කටවහරින් නම් නිවන ය.
තව නොබෝ දිනකින් වෙසක් සඳ බබළනු ඇත. කාලයාගේ ඇවෑමෙන් එය බැස යනු ඇත. නැවත සඳ උදාවන්නේ ය. ඒ බැස යාම සඳහාය. සෑම දෙයකම ආරම්භයත් සමඟම එහි අවසානයත් ඉරණම් ලෙස බැඳී බවතී. එය වෙනස් කළ හැකි ජගතෙක් විශ්වයේ කොතැනකවත් නැත. පවතින කෙටි කාලයේ දී කළ දෙය පමණක් පවතිනු ඇත. නො එසේනම් විපාක දෙනු ඇත. ඒ මිස අජානීය අමරණීය කිසිවක් නො පවතී. සියල්ලම අස්ථිර ය. සියල්ලම නැසෙන සුළු ය. සියල්ලම අන් දෙයක් බවට පරිවර්තනය වන සුළු ය. මේ සනාතන දහම නිසි ලෙස තේරුම් ගත්තේ නම් ලොව කිසිවෙක් කිසිවකින් කම්පාවට පත් වන්නේ නැත. එවැනි මිනිසා නිර්භීතය. අදීනය. පසුතැවිලි නො වන්නෙකි.
සම්මා සම්බුදු පියාණෝ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා දිනා ගත් සම්බුද්ධ රාජ්‍යය පමණක් විනාශ කළ නො හැක්කේ ය. වෙනස් කළ නො හැකි සදාකාලික සියල්ලම පවතින්නේ එහි ය. කෙනෙකුට මේ උතුම් රාජධානියට පිවිසිය හැක්කේ අවි බලයෙන්, ධන බලයෙන්, පිරිස් බලයෙන් ආදී කිසිවකින් නොව ඒ සියල්ලම අත හැරීමෙන් ය. අත හරින්නට නිර්භීත තැනැත්තා සියල්ලම දිනා ගන්නේ ය.
මෙතෙක් අප ඔබ සමඟ පැමිණි ගමන නිමා කරන්නට කාලය පැමිණ තිබේ. ලෝ තතු මේ යැයි හැඟෙන හෙයින් අපට ඒ ගැන කම්පාවක් නැත. සෙත්මිණ ද උත්පාද, ස්ථිති, භංග යන ත්‍රිවිධ නියාමයට යටත් ව පවතින්නකි. සෙත්මිණ අදින් පසුව පළවන්නේ නැත. එහෙත් ඒ සමඟ ආ ගමන නතර වන්නේ ද නැත. විශ්ව නියාමය පරිදිම එය අන් දෙයක් බවට පරිවර්තනය වනු ඇත. ආරම්භය සමඟම අවසානය ඉරණම් වී ඇති ලෙසම සියලු දෙයකම අවසානය අලුත් ආරම්භයක් ලෙස ම ගත යුතුය. මේ උතුම් සම්බුදු තෙමඟුල සමරන මොහොතේ ඒ විශ්ව නියමය සිහි කරමු.
ඔබ සැමට තෙරුවන් සරණයි!

0 comments:
Post a Comment